සහනදායී ලීසිං පහසුකම් සඳහා NDB බැංකුව අයිඩියල් මෝටර්ස් සමඟ හවුල් වේ

    October, 10, 2025

    NDB බැංකුව සහ ශ‍්‍රී ලංකාවේ මහින්ද්‍රා වාහන සඳහා නිල බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා පසුගිය දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම සහයෝගිතාවය හරහා පුද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම තව දුරටත් පහසු කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම තහවුරු කරයි.

    මෙම සහයෝගීතාවය  හරහා, පාරිභෝගිකයින්ට දැන් MX3, AX5 සහ AX7 L ඛාණ්ඩ යටතේ මහින්ද්‍රා XUV 3XO XUV ඇතුළු මහින්ද්‍රා සමාගමේ නවතම රථවාහන රැසක් වෙනුවෙන් ලීසිං පහසුකම් ලබා ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත. NDB බැංකුව අවම ලියකියවිලි, ඇපකරුවන්ගේ අවශ්‍යතා සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සමඟින්, ඉතාමත් පහසු අත්දැකීමක් සහතික කරමින්, සකස් කළ ලීසිං විසඳුම් ලබා දෙයි. දිනක් ඇතුළත අනුමැතිය හිමිවීම, ඒ වෙනුවෙන්ම කැපවූ ලීසිං නිලධාරීන් සහ NDB බැංකුවේ දිවයින පුරා ශාඛා 113 ක් සහ විශේෂිත ලීසිං මධ්‍යස්ථාන 12 ක් හරහා ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මාසික වාරික සමඟ විශ්වාසයෙන් යුතුව වාහන මිලදී ගැනීමේ පහසුව සලසා ඇත.

    මගී ප‍්‍රවාහන රථ වලට අමතරව, මෙම හවුල්කාරිත්වය අයිඩියල් මෝටර්ස් ආයතනයේ විශ්වාසය සමඟින් මහින්ද්‍රා බොලෙරෝ සිටි පිකප් රථ පෙල, ස්කොර්පියෝ ඩබල් කැබ් සහ ස්කොර්පියෝ සිංගල් කැබ් රථ දක්වා විහිදුණු පරාසයක වාහන මිලදී ගැනීමේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුම් ලබාගත හැක. මීට අතමතරව මෙම සහයෝගීතාවය මඟින් මහින්ද්‍රා ඇල්ෆා ප්ලස් බර ප‍්‍රවාහනය කරන රථ සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බැංකු මූල්‍ය ලීසිං විකල්පය හඳුන්වා දෙන අතර,  එය ප‍්‍රවේශ විය හැකි කොන්දේසි යටතේ විශ්වාසදායක ක්ෂුද‍්‍ර හා කුඩා ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගත් පියවරකි. ව්‍යුහගත ලීසිං විසඳුම් සහ ඉජාරා මූල්‍යකරණ දීමනා තවදුරටත් වැඩි දියුණු කරමින්, සියලූ ප‍්‍රමාණයේ ව්‍යාපාරවලට වර්ධනය වීමට සහ සාර්ථක වීමට අවශ්‍ය වාහන අවශ්‍යයතාවයන් සඳහා වඩාත් පහසු අවස්ථාවන් සලසා ඇත.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප‍්‍රධානී සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙසේ පැවසීය. ‘විශ්වාසනීය ලෙස මූල්‍ය පහසුකම් සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ව්‍යාපාර වර්ධනයට තීරණාත්මක සාධකයකි. අයිඩියල් මෝටර්ස් ආයතනය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා, පුද්ගලික ගනුදෙනුකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වන මූල්‍යකරණ විකල්ප පුළුල් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අයිඩියල් මෝටර්ස් ආයතනයේ ශක්තිමත් වාහන පෙල NDB බැංකුව විසින් ලබා දෙන ඉතා පහසුවෙන් ලබාගත හැකි ලීසිං පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපි රට පුරා නව අවස්ථා සඳහා දොරටු විවර කරන්නෙමු.’

    මීට අමතරව, අයිඩියල් මෝටර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකා නිමිෂා වෙල්ගම මහත්මිය අදහස් දක්වමින්, ‘NDB බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය නිසා මහින්ද්‍රා රථයක් හිමිකර ගැනීම කිසිදා නොවූ විරූ පහසුකමක් බවට පත්ව ඇත. අපගේ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවා ජාලය සහ NDB බැංකුවේ නම්‍යශීලී ලීසිං පහසුකම් සමඟින්, අපි ශ‍්‍රී ලාංකිකයින්ට විශ්වාසදායක සහ කල් පවතින වටිනාකමක් ලබා දෙමින් සවිබල ගන්වන්නෙමු.’ යනුවෙන් පැවසීය.

    අයිඩියල් මෝටර්ස් හි ශක්තිමත් අලෙවියෙන් පසු ජාලය සහ තාක්ෂණික විශේෂඥතාව NDB හි නව්‍ය මූල්‍ය විසඳුම් වලට අනුපූරක වන අතර, මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලාංකිකයින්ට විශ්වසනීයත්වය, දැරිය හැකි මිල සහ දිගුකාලීන වටිනාකම මත ගොඩනගා ඇති පුළුල් මෙහෙයුම් පැකේජයක් සපයයි. NDB බැංකුව සහ අයිඩියල් මෝටර්ස් එක්ව ව්‍යාපාර සහ පුද්ගලයින්ට විශ්වාසයෙන් හා සාර්ථකත්වයෙන් යුතුව ඉදිරියට යාමට ඔවුන් සවිබල ගන්වයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.