සිංගර් ෆැෂන් ඇකඩමි විසින් විලාසිතා නිර්මාණකරණය නව මානයකට රැගෙන යයි

    August, 13, 2019

    නවක සිසුන් බඳවා ගැනීම සැප්තැම්බර් මස පළමූ වනදා සිට තිස් වනදා දක්වා

    වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසු සිසුවියන්ගේ අනාගත අපේක්ෂාවන් නිවැරදිව හදුනා ගනිමින්, ඔවුන්ගේ ජීවිතවලට වෘත්තීයමය වටිනාකමක් එක් කරමින් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කරයි.

    දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද සිංගර් ෆැෂන් ඇකඩමි 62 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිසු සිසුවියන්ට පහසුවෙන් ළගා විය හැකි නගර වලදී සිය කුසලතාවන් වර්ධනය කරගැනීමේ අවස්ථාව සිංගර් ෆැෂන් ඇකඩමි තුළින් හිමිවෙයි. වඩා ආරක්ෂාකාරී වටපිටාවකදී අධ්‍යයන කටයුතු නිමා කරලීම සඳහා සිසුන්ට අවස්ථාව හිමිවන අතර ප්‍රායෝගික හැදෑරීම් රැසකට සම්බන්ධ වීමටද එහිදී ඇඳුම් නිර්මාණය සහ ඇඳුම් මැසීම පිළබඳව සියලු අංශ සහ විවිධ මැහුම් අත්කම් ක්‍රම ද හැදෑරීමට අවස්ථාව හිමිවෙයි.

    සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඔබට ඩිප්ලෝමා පාඨමාලා 2ක්, සහතික පත‍්‍ර පාඨමාලා 8ක් සහ කෙටි කාලීන පාඨමාලා 11ක් ඇතුළු පාඨමාලා 20 කට අධික ප‍්‍රමාණයක් හැදෑරීමේ අවස්ථාවන් හිමි වේ. ඉතා පහසු සහ දැරිය හැකි පිරිවැයකට මෙම පාඨමාලා සදහා ඕනෑම වයස් කාණ්ඩයක අයකුට ලියාපදිංචි විය හැකි අතර පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

    විලාසිතා නිර්මාණකරණය මේ වන විට විවිධ අංශයන් ඔස්සේ නවීකරණය වී ලොව පුරා විවිධ රටවල් තුල මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී ඇති විෂය ක්ෂේත‍්‍රයකි.සිංගර් ෆැෂන් ඇකඩමිය විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලා හඳුන්වා දී ඇත්තේ මෙලෙස දිනෙන් දින වෙනස් වන මැහුම් සහ විලාසිතා නිර්මාණකර ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහාමය.අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන්ට අවම වශයෙන් සම්මාන සමාර්ථ(C) ලබා ගත් ඕනෑම අයකුට ආරම්භයේදී විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට ලියාපදිංචි විය හැක. මාස 6ක කාලයක් පුරාවට දිවෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන එකම ආයතනය වන්නේද සිංගර් ෆැෂන් ඇකඩමියයි.තවද සහතික පත්‍ර පාඨමාලාව නිම කරන සියලු දෙනා හට ඩිප්ලෝමා පාඨමාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා සදහා පිළිවෙලින් ඇතුළත් විය හැක.

    වෙළදපලෙහි ඇති අනෙකුත් විලාසිතා නිර්මාණකරණය හා සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවන් හා සැසදීමේදී ඉතා අවම පිරිවැයකින් මෙම පාඨමාලාව හැදෑරීමට හැකි වීම විශේෂත්වයක් වන අතර, ඕනෑම මුල්‍ය තත්වයකට ගැළපෙන පරිදි පහසු ගෙවීම් ක්‍රම ද ලියාපදිංචි වන්නන්ට හිමි වේ.

    තවද සිසුන් සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක් සිංගර් ෆැෂන් ඇකඩමිය හා අත්වැල් බැදගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක් ලබා දීමටත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරිමෙහිලාත් සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වේ. සිසුන් සදහා වන ප්‍රයෝගික ක්‍රියාකාරකම් කළාප සහ ඔවුන් සඳහා තනි පුද්ගල අවධානයක් පාඨමාලාවේ අවසානය වන තෙක් ලබා දීමද විශේෂත්වයකි. පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික ක්‍රියාකාරම් තුළින් අනාගත ලොව ජයගැනීමට හැකි පිරිසක් බිහි කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වෙමින් සිටි.

    සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක් වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK) CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව,විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාව, මූලික ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සහ සාරි බ්ලවුස් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව මේ සඳහා ඇතුළත් වේ. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.

    මෙම බදවාගැනීම් පිලිබඳ අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාර පාසලේ ප්‍රධානී කෝෂිත පෙරමුනගමගේ මහතා කියා සිටියේ සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් අනාගත විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ දක්ෂ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා අඩිතාලමක් සපයන බවයි. ආයතනයේ මීළඟ බදවාගැනීම් සැප්තැම්බර් මස පළමු වනදා (1) සිට තිස් වනදා (30) දක්වා සිදු වන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන සියළුම සිසුන්ට සිය ආයතනය හා එක් වන ලෙසත් ආරාධනා කර සිටි.

    මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර විස්තර ඔබට 0766177177 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.