සියැට් LYFMAX Bias-ply ටයරය දේශීය වෙළඳපළට හඳුන්වා දෙයි

    July, 8, 2020

    වැඩි බරක් රැගෙන යාමට අවශ්‍ය ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර්ස් සඳහා රාත්තල් 115 ක් බරැති 10.00 20 ප‍්‍රමාණයේ නව ටයරයක්

    ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා වැඩි බරක් ගෙන යමින් වැඩිදුරක් ධාවනය කළ හැකි නව ටයරයක් දේශීය වෙළඳපළට හඳුන්වා දෙමින් තවත් සංධිස්ථානයකට එළඹීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සමත්වී තිබේ.

    කිලෝ 52 ක (රාත්තල් 115 ක්) බරකින් යුක්ත වන මෙම නව ටයරය Bias-ply මාදිලියෙන් 10.00 20 ප‍්‍රමාණයෙන් නිපදවා ඇත. මේ අනුව, මෙම ටයර් ශ‍්‍රී ලංකාවේ ධාවනය වන බස්රථ සහ ට‍්‍රක්රථ 48% කටම ගැලපෙන බව සමාගම සඳහන් කරයි.

    ‘CEAT LYFMAX’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම ටයරය දිගුකල් පවත්නා බව ඔප්පුකර තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තිබෙන මේ ආකාරයෙන් බර ඇදීම සඳහා නමක් දිනාගෙන තිබෙන තවත් ජාත්‍යන්තර ටයර් සන්නාම දෙකක් සමග සංසන්දනය කිරීම මගිනි. සමාගම සඳහන් කරන්නේ මෙම සැසඳීමේදී ‘CEAT LYFMAX’ නව ටයරය වඩාත් කල්පවත්නා බව සනාථ වූ බවයි.

    ‘ශ‍්‍රී ලංකාවේ බස්රථ සහ ට‍්‍රක්රථ සඳහා වන Bias-ply ටයර් සඳහා තිබෙන වෙළඳපොළෙන් 63% ක කොටසක් සියැට් සන්නාමය විසින් මේ වනවිට අත්පත් කරගෙන සිටිනවා. නමුත්, මෙම ජයග‍්‍රහණයෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නෑ,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘ලොරි සහ ප‍්‍රයිම් මූවර් අංශයේ ගැනුම්කරුවන් සමහරෙක් ආනයනික Bias-ply ටයර් සන්නාමයන් භාවිත කරන බව අපි හඳුනාගෙන තිබෙනවා. එයට හේතුව වී තිබෙන්නේ මෙම ලොරිවල ප‍්‍රවාහනය කරන අධික බරයි. මෙම අංශය වෙනුවෙන් අපි විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිචාරය LYFMAX ටයරයයි.’

    CEAT LYFMAX ටයරය සියැට් සමාගම සතුව ඉන්දියාවේ හලොල් හි, පිහිටි අති නවීන සැලසුම් නිර්මාණගාරයේ නිර්මාණය කර තිබෙන අතර වැඩිදුරටක් ධාවනය කිරීමට සහ කල්පවත්නා බව ආරක්ෂා කර ගැනීම සඳහා අමතර ශක්තිමත් කට්ට රටාවකින් සහ තවත් විශේෂාංග ගණනාවකින් සවිබල ගන්වා නිපදවා තිබේ.

    පොලොව වැඩිපුර බදාගන්නා ආකාරයට සහ වැඩි බරක් දරා ගන්නා ආකාරයට මෙම නව ටයරය නිපදවා ඇත. එසේම, වැඩි වේගයකින් ධාවනය වෙද්දී උණුසුම පාලනය කර ගැනීමට හැකිවීම, පහසුවෙන් හැසිරවීමට හැකිවීම ඇතුළු ගුණාංග රැසකින් මෙම ටයරය සමන්විතවේ.

    රේඩියල් ටයර්වල පිරිවැය සහ කාර්යසාධන ප‍්‍රතිලාභය ගැන සලකා ට‍්‍රක් සහ බස්රථ රේඩියල් ටයර් වෙත නැඹුරුවීමේ ප‍්‍රවණතාවයක් තිබුණද ශ‍්‍රී ලංකාවේ බස්රථ සහ ට‍්‍රක්රථ වලින් 55% ක් සඳහා තවමත් Bias-ply ටයර් යොදාගනී. සියැට් කැළණි සමාගම මෙම අංශයට සක‍්‍රීය ලෙස දායකත්වය දක්වා තිබෙන අතර 2019 වසරේදී පළමු වරට දේශීයව නිපදවූ ඉහළ කාර්ය සාධනයකින් යුතු සියැට් Winmile AW ට‍්‍රක් සහ බස්රථ රේඩියල් ටයරය හඳුන්වා දෙමින් මෙරටට ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කළ මෙම වර්ගයේ ටයර් වෙනුවෙන් කැපී පෙනෙන ආනයන ආදේශනයක් කිරීමට සමාගම සමත්විය.

    මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි නිෂ්පාදන මෙහෙයුම මගින් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිෂ්පාදනය කරයි. 2018 ජනවාරි මාසයේදී සමාගම විසින් නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනය සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ.

    සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (Bias-ply සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් නිෂ්පාදනය කරයි.

    සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 33% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 65% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 80% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 50% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 31% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය සිදුකරයි.