සෙලින්කෝ ලයිෆ් වෙතින් කි‍්‍රයාකාරී විශ‍්‍රාමිකයන්ට La Serena නමින් විශ‍්‍රාම නිකේතනයක්

Image----8

ක‍්‍රියාශීලි විශ‍්‍රාමිකයින් වෙනුවෙන් උස්වැටකෙයියාව සුන්දර වෙරළ තීරයේ සේවාවන් සපයන නේවාසික ඒකක 44 කින් යුතු La Serena විශ‍්‍රාම නිකේතනය විවෘත කරයි

සත්‍ය වශයෙන්ම ජීවිතය අවුරුදු 60 දී ඇරඹිය හැකිද? මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම පැනයට ලබාදෙන්නේ ‘ඔව්’ යන පිළිතුරයි. මන්දයත් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පළමු විශ‍්‍රාම නිකේතනය මෙම වයස් කාණ්ඩය ඉලක්ක කරගනිමින් ආරම්භ කර තිබෙන නිසාවෙනි.

මෙම විශ‍්‍රාම නිකේතනය ‘La Serena’ ලෙස නම්කර තිබෙන අතර එය ගොඩනගා තිබෙන්නේ මධ්‍යම ප‍්‍රමාණයේ හෝටල් නිකේතනයක් ලෙසයි. මෙහි ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ වලින් අංග සම්පූර්ණ, කාර්ය මණ්ඩලයක් විසින් ඉහළ මට්ටමින් සේවාවන් සපයන තනිව ජීවත්විය හැකි නේවාසික ඒකක 44 ක් පිහිටා තිබෙන අතර තමන්ගේ නිවාසයක් අසීරුවන් නඩත්තු කරගනිමින් ජීවත්වීම වෙනුවට ඉතාමත් නිදහසේ විශ‍්‍රාම දිවිය මෙම නිකේතනයේදී ගතකළ හැකිය. ඒ වෙනුවෙන් මෙහි නේවාසික ඒකක කෙටි කාලීනව සහ දිගුකාලීනව කුලී පදනමින් වෙන්කර ගත හැකිවේ.

මෙම විශ‍්‍රාම නිකේතනය කොළඹින් කිලෝ මීටර් 14 ක් පමණ උතුරින් උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ මුහුදට යාබද ඉතාමත් මනස්කාන්ත අක්කර තුනක පමණ භූමි භාගයක ඉදිකර තිබේ. මෙම නිකේතය තනි නිදන කාමර සහිත නේවාසික ඒකක 28 කින් සහ නිදන කාමර දෙකක් සහිත ඒකක 16 කින් සමන්විත වේ. පිහිණුම් තටාකය, කුඩා ව්‍යායාම ඒකකය, අවන්හල, පුස්තකාලය සහ කියවීමේ ශාලාව, විනෝදාස්වාද ඒකකය සහ බීච් ටෙරසය යන පොදු ස්ථාන වලින්ද මෙම නිකේතනය සැදුම්ලත්ය.

සෑම නේවාසික ඒකකයක්ම නේවාසික කාමරයක්, ආහාර පාන ගැනීමේ ස්ථානයක්, මුළුතැන්ගෙයක් සහ අනුබද්ධ නාන කාමරයක් සමඟ නිදන කාමර වලින් සමන්විත වන අතර වර්ග අඩි 535 ක් වන ඒකක මෙන්ම වර්ග අඩි 680 කින් යුතු ඒකක ඉතාමත් බුද්ධිමත් ලෙස උපරිම ප‍්‍රයෝජන ලැබෙන පරිදි සැලසුම් කර ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදී තිබේ.

‘මෙය ශ‍්‍රී ලංකාවට නැවුම් සංකල්පයක් වුනත් ලෝකයේ වෙනත් රටවල මෙම සංකල්පය ඉතාමත් සාර්ථක වී තිබෙනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා මෙම ස්ථානය නිරීක්ෂණයට පැමිණි ජනමාධ්‍යවේදීන්ට සඳහන් කළ අතර මෙම නිකේතනය මීට දින කිහිපයකට පෙර මහජන නිරීක්ෂණය සඳහා විවෘත කරන ලදී. ‘La Serena නිකේතනය මගින් ඉලක්ක කරන්නේ ඉතාමත් සුවපහසු පරිසරයක පුද්ගලිකත්වයට සහ සුහදත්වයට කැමති කණ්ඩායමයි. මෙය ක‍්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න විශ‍්‍රාම දිවියකට මග පාදනවා.’

මෙය සෙලින්කෝ ලයිෆ් සමාගම පූර්ණ අනුබද්ධ Serene Resorts Limited සමාගම විසින් කළමනාකරණය කරන අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ සාර්ථකම ජීවිත රක්ෂණ සමාගමේ ශක්තිය මෙම සමාගමට හිමිවේ. රෙන්ගනාදන් මහතා පවසන්නේ මෙම සමාගම මෙවැනි විශ‍්‍ර‍්‍රාම නිකේතන සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

සෑම නේවාසික ඒකකයක් සඳහා විසිත්ත කාමරයල කෑම කාමරය සහ නිදන කාමරය සඳහා අවශ්‍ය සියළු ගෘහ භාණ්ඩ, සහ LED රූපවාහිනියක්, ශීතකරණයක්, ඉන්ඩක්ෂන් කුකර් එකක්, මයික්‍රොවේවි උදුනක්, විදුලි කේතලයක්, දුරකතනයක්, සිවිලිමේ සවිකළ විදුලි පංකා සහ ආරක්ෂිත තැන්පතු පෙට්ටියක් සපයා තිබේ. සෑම ඒකකයක්ම වායු සමීකරණය කර ඇත.

සති දෙකක සිට මාසයක කාල සීමාවක් සඳහා මෙම නිකේතනයේ නතර වීමට කෙටි කාලීන පදනමින් දිනපතා කුලී ගෙවීමේ ක‍්‍රමයට හෝ වසරක් හෝ එයට වැඩි කාලයක් නතර වීමට මාසික පදනමින් කුලී ගෙවීම ක‍්‍රමයට මෙහි නේවාසික ඒකක වෙන්කර ගත හැකිය. අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම සෑම නේවාසික ඒකකයක් සඳහා විදුලිය සහ ජලය සේවා ගාස්තුවක් මත ලබාදෙන අතර මෙම ඒකක සඳහා දුරකතන, කේබල් ටී.වී., අන්තර්ජාල සහ Wi-Fi, ලොන්ඩරි සේවා, පුවත්පත් සහ වාහන ගාල් කිරීමේ පහසුකම් සහ දෛනික පිරිසිදු කිරීමේ සේවා ලබාදෙයි. තමන්ගේ ආහාර සකසා ගැනීමට කැමැත්තක් නොමැති අයට අවන්හල තුළින් උදෑසන, දිවා සහ රාත‍්‍රී ආහාරය ලබාගත හැකි අතර කාමර සේවය මඟින් කාමරයට ආහාර ඇනවුම් කළ හැකිය.

මෙම නිකේතනයේ වාසින් සඳහා අවශ්‍ය අවස්ථා වලදී ගෙන්වා ගත හැකි වෛද්‍යවරයෙකු සිටින අතර පැය 24 පුරා ආරක්ෂක පහසුකම් සහ CCTV කැමරා මගින් නිරීක්ෂණ කටයුතු කි‍්‍රයාත්මක කර තිබේ. ටැක්සි සේවා සහ සැලෝන් සහ ස්පා පහසුකම් මෙයට ආසන්නයේම ඇත.

මෙම පරිශ‍්‍රය තුළ තිබෙන කාමර හතරකින් යුතු තානායම දිනපතා කුලී ගෙවීමේ පදනම මත ලබාගත හැකි අතර පිටරට හෝ දුර බැහැර සිට La Serena නිකේතනය වෙත පැමිණෙණ පවුලේ සාමාජිකයින්ට නවාතැන් ගැනීමට මෙය කදිම ස්ථානයකි.

‘මෙම විශ‍්‍රාම නිකේතනය ගැනුම්කරු කණ්ඩායම් කිහිපයකම අවශ්‍යතාවයන්ට ගැලපෙන බව අපට පෙනෙනවාල’ යනුවෙන් රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ආයෝජන, උපදේශන හෝ ෆ‍්‍රීලාන්ස් වැඩ වලින් ආදායම් ලබන, ක‍්‍රියාශීලී නිදහස අගයන, තම නිවැසියන්ට කරදරයක් නොවී හෝටලයකට සමාන සුඛෝපභෝගී පරිසරයක ජීවත් වීමට රුචි, ළඟදී විශ‍්‍රාම ගත් හෝ අර්ධ වශයෙන් විශ‍්‍රාම ගත් ස්ත‍්‍රී සහ පුරුෂ පක්ෂයට මෙම නිකේතනය ගැලපෙනවා. එසේම, වැඩිහිටි නිවාස පිළිබඳව තිබෙන ආකල්ප වලින් මිදී මනාව කළමනාකරණය කරන ආරක්ෂිත ස්ථානයක් තම දෙමව්පියන්ට ලබාදීමට බලාපොරොත්තුවන දරුවන්ට මෙය කදිම විසඳුමක්. එසේම, මෙරට කාලයක් ගත කිරීමට පැමිණෙන විශ‍්‍රාම වයසේ පවුල් වලට හෝටලයක නතර වනවාට වඩා මෙය හොඳ විකල්පයක් වන අතර කෙටි කාලීන කුලී පදනම මත ඔවුන්ට ඒකකය වෙන්කර ගත හැකියි.’

2004 සිට මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙසින් වැජඹෙන සෙලින්කෝ ලයිෆ් මෙරට වේගයෙන් වර්ධනය වන වයස්ගත ජනගහනය වෙනුවෙන් සමාජ අවශ්‍යතාවයන් ඉටුකිරීම සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඇත. එසේම, අති නවීන විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක සහ සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන Ceylinco Healthcare Services Limited (CHSL) මගින් සමාගම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට කැපී පෙනෙන ලෙස සම්බන්ධ වී සිටී. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණයකර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Image---9

Image---10

Image----8

Image---1LaSerena

Image---2-LaSerena

Image---5