සෞඛ්‍යමත් දිවියකට ඝෝෂාවෙන් මිදෙමු

February, 20, 2019

සෑම දෙයකම අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා ගිය කල සිදුවන්නේ ප‍්‍රතික්‍ෂේප කිරීමකි. ශබ්දය ද එසේමය. එය මිනිසාගේ දෛනික කාර්යයන් සඳහා මෙන්ම, පොදුවේ සමස්ත සමාජයේ ප‍්‍රගමනයට උපකාරී වන අයුරින් භාවිත වන අතර, අධිකව නැඟිම තුළින් ඇතිවන්නේ පීඩාකාරී තත්ත්වයකි. බොහෝවිට මිනිසා විසින් අනවශ්‍ය ශබ්ද ලෙස ප‍්‍රතික්ෂේප කරණු ලබන මෙම අධික වූ ශබ්ද, පොදුවේ අප විසින් හ`දුන්වනු ලබන්නේ ඝෝෂාකාරී ශබ්ද යනුවෙනි. ශබ්ද ප‍්‍රධාන වශයෙන් සමාජයීය සහ පාරිසරික වශයෙන් වරග දෙකකින් යුක්ත වේ. පෞද්ගලික ශබ්ධ විකාශන යන්ත‍්‍ර, බස්රථ, ත‍්‍රිරෝද රථ, වෙළෙ`ද ප‍්‍රචාරණ, සංගීත සංදර්ශන ආදී ශබ්ද සමාජයීය ශබ්ද ලෙෂ දක්වන අතර, ගුවන්යානා, දුම්රිය, කර්මාන්ත ශාලා, ඉදිරකිරීම් කාර්යයන්හි ශබ්ද ආදිය පාරිසරක ශබ්ද ලෙස හැඳින් වේ.

සමස්තයක් ලෙස ලෝකය, නොයෙකුත් ශබ්දයන්ගෙන් පිරී පවතී. මූලික වශයෙන් ශබ්දයක් නිර්මාණය වන්නේ ගැටීමක් හේතුවෙන් වාතයේ අංශු කම්පනය වීමෙනි. මෙම ක‍්‍රියාවලින් ම`ගින් පරිසරයට මුදාහරිනු ලබන ශක්ති ප‍්‍රමාණය අප සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ශබ්දය යනුවෙනි. මෙහිදී ඇතිවන ශබ්දයන්ගේ ප‍්‍රමාණය අප විසින් ගණනය කරණු ලබන්නේ ඩෙසිබල් (dB) මිනුම් ඒකකයෙනි. මිනිසුන් ලෙස අපට සෑම ශබ්දයක්ම නෑසෙන අතර, සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ ශ‍්‍රවණ පරාසය හර්ට්ස් (Hz) 20 සිට 20,000 අතර පරාසයක පවතී. ශබ්ධයක් අධික වීමෙන් ඝෝෂාකාරී තත්ත්වයකට පත්වන අතර, එය ඩෙසිබල් (dB) 85 ක ප‍්‍රමාණය ඉක්මවා යාමෙන් පරිසර දූෂණයක් සිදුවන බව විද්‍යාත්ම පිළිගැනීම ය. ගෝලීය පාරිසරක දූෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෙම ශබ්ද දූෂණය සඳහා වර්තමානයේ හිමිව ඇත්තේ ප‍්‍රධාන ස්ථානයකි.

අධික ශබ්දයේ ඇති සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වූයේ කර්මාන්තශාලා ආශ‍්‍රිත නිෂ්පාදනාගාර වලිනි. විශේෂයෙන් නූල් කැටීමේ යන්ත‍්‍ර මඟින් ඇති කරනු ලබන අධික ශබ්දය හේතුවෙන් බිහිරි තත්ත්වයට පත්වූවන්ද වාර්තා වී ඇත. මේ හේතුව නිසාම වෘත්තීන් හා සම්බන්ධ ශබ්දයන් කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සහ අධ්‍යයන කාර්යයන් පවා ක‍්‍රියාත්මක විය. මෙයට අමතරව දිනෙන් දින වර්ධනය වන නාගරීකරණය, ගෝලීය වශයෙන් මෙම ශබ්ද ¥ෂණය වර්ධනය කිරීමට හේතුවක් වී ඇත. බොහෝ විට දියුණුවෙමින් පවතින රටවල රථවාහන නිසා ඇතිවන ශබ්දය ඩෙසිබල් 55ක ප‍්‍රමාණයට වඩා වැඩි වීම හේතුවෙන් එම මහාමාර්ගයන්හි ගමන් කරන්නන් සහ මාර්ග අසල නිවැසියන්ගේ සෞඛ්‍යයට එම තත්ත්වය සෘණාත්මක ආකාරයෙන් බලපා ඇති බව වාර්තා වේ. ඩෙන්මාර්කයේ මහාමාර්ග ආශ‍්‍රිත ඝෝෂාව නිසා බොහෝ පිරිසකගේ ආයුකාලය පවා අඩවීමකට පත්ව ඇති බව වාර්ථා වේ.

ශබ්දය මඟින් වාතයේ ඇතිකරවන පීඩන වෙනස්කම් කණ ඔස්සේ සංඥා ලෙස මොළය දක්වා ගෙන ගොස් එම`ගින් කෙරෙන පරිවර්තනය, සන්නිවේදනයක් ලෙස විද්‍යාත්මකව අර්ථදක්වයි. සමස්තයක් ලෙස ලෝකයේ ඝෝෂාවට නිරන්තරයෙන් මුහුණ දෙන පිරිසක් ලෙස නිෂ්පාදන ආශ‍්‍රිත සේවා බලකාය දැක්විය හැකිය. මෙම අනවශ්‍ය ශබ්ද හේතුවෙන් සේවක කාර්යක්‍ෂමතාවය මෙන්ම ඵලදායීතාවය අඩුවීමකට ලක්වීම පොදුවේ දක්නට ලැබෙන තත්ත්වයකි. මෙයට අමතරව පුද්ගල අනතුරු ඉහළ යාම, ඇසිමේ දුර්වලතා ඇතිවීම, වාචික උපදෙස් තේරුම් ගැනීමට ඇති අපහසුව, අධික ශබ්දයෙන් යුතුව කථා කිරීමට සිදුවීම පමණක් නොව එවැනි පාරිසරක තත්ත්ව හේතුවෙන් විවිධ රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බවද සඳහන් වේ.

පෙර සඳහන් කළ පරිදි ශබ්ද ¥ෂණයක් සිදුවන ඩෙසිබල් (dB) 85 ක ශබ්දයකයට මිනිසෙකුට නිරාවරණය විය හැකි උපරිම කාලය ලෙස පැය 8 ක් දැක්වේ. මෙය ඩෙසිබල් (dB) 100 ක් වැනි තත්ත්වයකදී විනාඩි 15ක් දක්වා අඩුවේ. මෙයට වඩා කාලයක් එම ශබ්දයන්ට නිරාවරණය වීම තුළින් ශ‍්‍රවණ පද්ධතියට දැඩි හානි සිදුවේ. මෙමඟින් ඇතිවන ආබාධයන් තාවකාලික හෝ ස්ථිර වශයෙන්ම පැවතීමේ අවධානමක්ද ඇත. මෙයට අමතරව මෙවැනි අධික වූ ශබ්දයන්ගෙන් යුතු පාරිසරික තත්ත්වයන් හේතුවෙන් මානසික අසහනය, අධි රුධිර පීඩනය, හදවත් රෝග, ශාරීරික සහ මානසික රෝග, රාත‍්‍රියේ ඇතිවන ශබ්ද හේතුවෙන් නින්දට බාධා පැමිණීම මෙන්ම පෞද්ගලික ජීවිතයේ විවිධ වූ අරබුධ තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක සහ සමාජ පර්යේෂණයන් මඟින් තහවුරු කර ඇත.

මෙහිදී පුද්ගලයන් ලෙස අප ශබ්ද අධික පරිසරයක රාජකාරියේ නිරතව සිටින්නේ නම් හැකි සෑම අවස්ථාවකම එම පරිසරයෙන් මිදී ගස් කොලන් සහිත උද්‍යාන පරිසරයක ගැවසීම අත්‍යවශ්‍ය කරුණකි. මෙයට අමතරව දවසේ වැඩි කාලයක් රැදී සිටිනා නිවස අධික ශබ්ද වලින් තොර පරිසරයක් බවට පත් කර ගැනීමත් ඉතා වැදගත් කරුණකි. මෙම කාර්යයේදී ක‍්‍රිසොටයිල් ඇස්බැස්ටස් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

දශක ගණනාවක සිට ගෝලීය වශයෙන් කර්මාන්ත ශාලා, නෞකා, ශබ්ද විකාශනාගාර, යුධ ටැංකි, ගුවන් යානා, ගුවන් තොටුපල සඳහා ශබ්ද පරිවාරකයක් ලෙස සියලූම ඇස්බැස්ටස් වර්ග භාවිත කර ඇත. නමුත් ඇමිෆිබෝල් වර්ගයේ ඇස්බැස්ටස් හේතුවෙන් සමස්ත ඇස්බැස්ටස් තහනමට ලක් විය. නමුත් ක‍්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු වල ඇති ශබ්ද පරිවාරක ගුණාංගයත්, සෞඛ්‍යමය අවධානම නොමැති කමත් වහල සෙවිලි කිරීම ස`දහා වරතමානයේ බහුල වශයෙන් යොදා ගැනීමට හේතු විය. මෙමගින් බාහිර පරිසරයන්ගේන පැමිණෙ ශබ්ද පමණක් නොව වර්ෂාවකදි වහල මතට වැසි ජලය පතිතවීමෙන් ඇතිවන ශබ්දයද නිවස තුළට පැමිණීම වලකා, නිවස ඝෝෂාකාරී බවින් තොර පරිසරයක් බවට පත් කරයි.