හංගේරියාවේ මූල්‍ය ආධාරයෙන් කිරුළපනටත් ගුවන් පාලමක්

    December, 7, 2017

    ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත.

    (i) බිංගිරිය - උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53)

    (ii) කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - (යුරෝ මිලියන 52)

    (iii) අධිකරණ කළමනාකරණ විද්‍යුත් පද්ධතිය (යුරෝ මිලියන 32)

    (iv) දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය (යුරෝ මිලියන 12)

    ඒ අනුව, ඉහත ණය මුදල ලබාගැනීම වෙනුවෙන් හංගේරියානු රජය සමඟ මූල්‍ය සහයෝගිතා රාමුගත වැඩසටහනක් ඇති කරගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඡායාරූපය - නුගේගොඩ ගුවන් පාලම