April, 11, 2025
ඊයේ (10) දිනයේ දී රු. 300 සීමාව අබිබවා ගිය එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) දිනයේ දී නැවත් වරක් එම සීමාවෙන් මෙපිටට පැමිණ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.28 ක් ලෙසින් වාර්තා වී ඇති අතර විකුණුම් මිල රු. 303.12ක් ලෙසින් සටහන්ව ඇත.
මේ අතර ඊයේ දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය (Indicative rate) රු. 301.20 ක් දක්වා ඉහළ ගොස් තිබුණේ 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු පළමු වරට එම සීමාව රු. 300 සීමාව ඉක්මවා ගිය අවස්ථාව බවට පත්වෙමිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයේ අගය කැපීපෙනෙන ලෙස රු. 298.87 ක් දක්වා පහළ බැස ඇත.
Video Story