හේමාස් ට රුපියල් බිලියනයක අක්ෂි කාච කොන්ත්‍රාත්තුවක්

    July, 12, 2018

    ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරන, නැමිය හැකි හයිඩ්‍රො‍‍ෆෝබික් අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,062.2ක මුදලකට M/s. Hemas Pharmaceuticals (pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.