හේමාස් රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමග යළිත් ගිවිසුම් ගතවෙමින් රාජ්‍ය සේවකයින් වෙත පෙර නොවූ විරූ අසම සම ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි

July, 10, 2019

රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් මාහැ`ගි සේවාවක් දේශය වෙනුවෙන් ඉටුකරන රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුවසේවා ක්ෂේත‍්‍රයේ දැනට පිරිනැමෙන ඉහළම ප‍්‍රතිලාභ සමූහය ලබා දීමට ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ ්ක්‍්‍යීෂ අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය පියවර ගෙන ඇත. ජාතික රක්ෂණ භාර අරමුදල සමග හේමාස් රෝහල එළැඹි අවබෝධතා ගිවිසුම අඛණ්ඩව තෙවැනි වරටත් යාවත්කාලීන කරමින් මින් පෙර රාජ්‍ය සේවකයින් වෙනුවෙන්ම හේමාස් රෝහල් සමූහය විසින් හඳුන්වාදෙනු ලැබූ උපහාර සුවසේවා පැකේජයේ ප‍්‍රතිලාභ ද ඇතුළුව සුවසේවා ක්ෂේත‍්‍රයේ මෙතෙක් ලබා දී ඇති ඉහළම ප‍්‍රතිලාභය රාජ්‍ය සේවකයින් වෙත මෙවර ප‍්‍රදානය කිරීමට හේමාස් රෝහල් සමූහයට හැකිව තිබේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව ජාතික රක්ෂණ භාර අරමුදලේ සාමාජිකත්වය දරණ සියලූ රාජ්‍ය සේවකයින්ට සිය අග‍්‍රහාර රක්ෂණ සැලසුම භාවිතා කරමින් සුවසේවා දැරිය හැකි මිලකට ක්ෂේත‍්‍රයේ ලබා ගත හැකි ප‍්‍රශස්තම සුවසේවා ප‍්‍රතිලාභයන් හේමාස්  රෝහල් සහ රසායනාගාර සමූහය තුළින් ලබා ගත හැකිවේ. මීට වසරකට පෙර ශ‍්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් විසින් හඳුන්වාදුන් ඉහළම සුවසේවා ප‍්‍රතිලාභ පැකේජය වූ උපහාර පැකේජයට අයත් සියලූ පහසුකම් සහ සුවසේවා ප‍්‍රතිලාභ ඒ අයුරින්ම මේ වසරේදීත් සමස්ත රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හිමි වනු ඇත.

මේ අනුව අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය මගින් රාජ්‍ය සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බාහිර රෝගී වෛද්‍ය උපදේශන සේවා නොමිලේ ලබා දෙන අතර විශේෂඥ වෛද්‍ය උපදේශනය සේවාවන්වලදී අයකරනු ලබන රෝහල් ගාස්තුවෙන් 50‍%ක වට්ටමක් ද ලබා දෙයි. මීට අමතරව රෝහල විසින් අයකරන රසායනාගාර, විකිරණ සහ හෘදරෝග විනිශ්චය පරීක්ෂාවන් සඳහා 20‍% වට්ටමක් ද භෞතචිකිත්සාවන් සඳහා 20‍%ක වට්ටමක් සහ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමකදී රෝහල් බිල්පතට 15‍%ක වට්ටමක් ද හේමාස් රෝහල් සමූහයේ උපහාර ප‍්‍රතිලාභ වැඩසටහන මගින් ලබා දෙයි. හේමාස් රෝහල් පරිශ‍්‍රයන්හි පිහිටි ඖෂධ අලෙවි සැල් හරහා සිදු කරන ඖෂධ මිලදී ගැනීම් සඳහා බිල්පත් වටිනාකමෙන් 5‍%ක වට්ටමක්ද අග‍්‍රහාර රක්ෂණ සාමාජිකයින්ට හිමිවන අතර වට්ටම් ගත මිලකට බාහිර රෝගියකු ලෙස සුවතා පරීක්ෂණ පැකේජයන් දෙකක් සිදුකර ගැනීමේ අවස්ථාවත් හේමාස් රෝහල් සමූහයට අයත් ආරෝග්‍යශාලා පිහිටි ස්ථානයන්හි සිට කිලෝමීටර් 10ක් ඇතුළත නොමිලේ ගිලන් රථ සේවා ‘උපහාර’ සාමාජිකයින්ට හිමිවෙයි.

හේමාස් රෝහල් සමූහය පිළිබඳව ජාතික රක්ෂණ භාර අරමුදල තබා ඇති අචල විශ්වාසය එලෙසම රඳවා ගනිමින් පසුගිය වසරට සාපේක්‍ෂව වැඩි ප‍්‍රතිලාභ ප‍්‍රමාණයක් මෙම වසරේ සිට ලබා දීමට හේමාස් රෝහල් ජාලය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව ජාතික රක්ක්‍ෂණ භර අරමුදලේ සාමාජිකත්වය හිමි අග‍්‍රහාරා රක්ෂණ සාමාජිකයින් සඳහා  ඕනෑම හේමාස් රෝහලකදී ඔවුන් විසින් ලබා ගන්නා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා 10‍%ක් දක්වා වූ වට්ටමක් ලබා දෙනු ඇත.

හේමාස් රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමගින් මෑතකදී එළැඹි ගිවිසුමට අනුව විකලාංග, මෞත‍්‍රලිංගික සහ සාමාන්‍ය ශල්‍යකර්ම මෙන්ම මීට පෙර ආවරණය වූ සෑම ශල්‍යකර්මයක් සඳහාම 2018 වසරේදී ලබාදුන් වට්ටම් අභිබවා වඩාත් ඉහළ ප‍්‍රතිලාභයක් මෙවර ලබා දීමට හේමාස් රෝහල් සමූහයට හැකිව තිබේ.

ජාතික රක්ෂණ භාර අරමුදල වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී සනත් සී. ද සිල්වා සහ හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ලකිත් පීරිස් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

රාජ්‍ය අංශයේ සේවකයින් මිලියන 2.5කට අධික සාමාජිකත්වයක් සහිත ජාතික රක්ෂණ භාර අරමුදල මගින් ක‍්‍රියාත්මක අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය මෙරට තනි විශාලතම සෞඛ්‍ය රක්ෂණ සැලසුමද වෙයි.

මෙම අවස්ථාවට සහභාගීවෙමින් අදහස් දැක්වූ හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘ ජාතික රක්ෂණ භාර අරමුදල සමගින් හේමාස් රෝහල් සමූහය අඛණ්ඩව එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට අනුව පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් විසින් මෙරට සුවසේවා ඉතිහාසයේ දැවැන්තම ප‍්‍රතිලාභ පැකේජය රාජ්‍ය සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දීමට හේමාස් රෝහල් සමූහයට හැකිව තිබෙන අතර රාජ්‍ය සේවකයින්ගේ ජීවන මට්ටම උසස් කරලමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දීමේ ඒකායන පරමාර්ථය 2015 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව යථාර්ථයක් බවට පත් කිරීමට අපට හැකිි වී තිබෙනවා. එබැවින් 2015 වසරේ සිට ජාතික රක්ෂණ භාර අරමුලද සමග පවත්වාගෙන යන මෙම සහසම්බන්ධය ඉදිරියේදී තවත් ශක්තිමත් කිරීමට අපේක්ක්‍ෂා කරනවා’’ යනුවෙන් පැවසීය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේනුතුවේ දත්තයන්ට අනුව මෙරට ශ‍්‍රම බලකාය අතුරින් මිලියන 1.1ක් රාජ්‍ය සේවකයින් වන අතර මෙරට පරිපාලනයේ සිට සුවසේවා, අධ්‍යාපන, ආරක්ෂාව, ආර්ථික , ගමනාගමන, නාවික, ගුවන් ඇතුළුව අත්‍යාවශ්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කිරීමේ විධායක කාර්යභාරය ඔවුන් වෙත පැවරී ඇත.

ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් යුතු රෝහල් සේවාවක පුරෝගාමී නාමය වන හේමාස් රෝහල් සමූහය බහුවිධ විශේෂඥතා රැසක් සමගින් අති නවීන රෝහල් 2ක් වත්තල සහ තලවතුගොඩ යන නගර ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලබන අතර ISO 15189:2012 තත්ව සහතිකය සහිත අංගසම්පූර්ණ නවීන රසායනාගාර 44ක් සහිත හේමාස් රෝහල් ජාලය කොළඹින් බැහැර ක‍්‍රමෝපායික වැදගත්කමින් ඉහළ ප‍්‍රදේශයන්හි සිය ශාඛා පිහිටුවමින් රෝගී සත්කාරයට කටයුතු කර ඇත.  ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාර සමුහයක් ලෙසට හේමාස් සමුහය පාරිභෝගික භාණ්ඩල සුවසේවාල ප‍්‍රවාහනල සංචාරක ක්ෂේත‍්‍රය සහ බලශක්ති ජනනය යන ක්ෂේත‍්‍රයන් නියෝජනය කරයි.

රාජ්‍ය සේවකයින්ගේ අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය පවත්වාගෙන යෑම සඳහා 2006 දී ජාතික රක්ෂණ භාර අරමුදල ව්‍යවස්ථාපිථ ආයතනයක් ලෙස ආරම්භ කළ අතර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරක්ෂණ සේවා ලබා දෙන එකම ආයතනය බවටද පත් ව සිටී.