හේමාස් රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ රෝගීන්ගේ සෞඛ්‍ය නංවයි

April, 27, 2022

මෙරට වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය නගාසිටුවීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ විශ්වාසවන්තම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන හේමාස් රෝහල් සමූහය වකුගඩු බද්ධ කරන රෝගීන්ගේ සඳහා සුවිශේෂී වට්ටම් ක‍්‍රමයක් පසුගියදා හඳුන්වා දුන්නේය.

මුත‍්‍රා ආසාදන හා වකුගඩු වෙනුවෙන් ප‍්‍රතිකාර ලබාදීමෙහි ප‍්‍රමුඛයා ලෙස හේමාස් රෝහල් සමූහය බාහිර රෝගී සහ නේවාසික ප‍්‍රතිකාර යන දෙඅංශයෙන්ම ආවරණය වන පරිදි  වට්ටම් ලබාදෙමින් වකුගඩු බද්ධ කරන ලද රෝගීන්ගේ සමස්ත ප‍්‍රතිකාර කාලය පුරාවට ඔවුන්ගේ සෞඛ්‍ය නගාසිටුවීමට අපේක්ෂා කරයි.

”අපගේ වකුගඩු බද්ධ කරන රෝගීන්ට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා මෙම සහන යෝජනා ක‍්‍රමය දියත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට දැරීමට සිදුවන අධික පිරිවැයට සහනයක් වෙමින් ඔවුන්ට ප‍්‍රමිතිගත වකුගඩු සත්කාර ලබාදීම අපගේ ඉලක්කයයි. ඒ වගේම තම ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා ඉන්ද්‍රිය බද්ධ කිරීම් අවශ්‍ය සියලූම දෙනාට මෙම ප‍්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. සාර්ථක වකුගඩු බද්ධ කිරීම් පිළිබඳ වාර්තාගත ඉතිහාසයක් ඇති ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය ආයතනයක් සහ ඉහළ පෙළේ වකුගඩු සත්කාර ඒකකයක් ලෙස හේමාස් රෝහල් සමූහය විවිධ අවශ්‍යතා සපුරාලීමට පූර්ණ සූදානමින් සිටිනවා.”යනුවෙන් තලවතුගොඩ හේමාස් රෝහලේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ප‍්‍රදීප් එඞ්වඞ් මහතා පැවසුවේය.

මෙම යෝජනා ක‍්‍රමය යටතේ බද්ධ කිරීම සඳහා නිකුත් කර ඇති වරප‍්‍රසාද කාඞ්පත් මගින් රෝගීන්ට නොමිලේ බාහිර රෝගී අංශයේ ධඡුෘ වෛද්‍ය උපදේශන සඳහා රෝහල් ගාස්තුවලින් 50%ක වට්ටමක්, සියලූම නේවාසික රෝගීන් ඇතුළත් කිරීම් සඳහා රෝහල් ගාස්තුවලින් 15%ක වට්ටමක්, රසායනාගාර පරීක්ෂණ සඳහා 20%ක වට්ටමක්, සියලූම විකිරණවේදී පරීක්ෂණ සහ හෘද රෝග පරීක්ෂණ, භෞතචිකිත්සක සේවා සඳහා 20%ක වට්ටමක් සහ ෆාමසි ඖෂධ මිලදී ගැනීම් සඳහා 5%ක වට්ටමක් හිමිකරගත හැකිය. මෙම වට්ටම් තලවතුගොඩ සහ වත්තල හේමාස් රෝහල් දෙකෙන්ම මෙන්ම දීපව්‍යාප්ත හේමාස් රසායනාගාර ජාලයෙන්ද ලබාගත හැකිය.

මෙම සුවිශේෂී යෝජනා ක‍්‍රමයෙහි දිගුවක් ලෙස හේමාස් රෝහල ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන සමඟ එක්වීමත් සමඟ මෙම නව ජාතික ප‍්‍රයත්නයට සම්බන්ධ වූ පළමු පෞද්ගලික අංශයේ රෝහල ලෙස හේමාස් රෝහල සැලකේ. සුප‍්‍රසිද්ධ විශේෂඥ උපදේශක වෛද්‍ය චින්තන ගලහිටියාව මහතාගේ සංකල්පයක් වන එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වන අතර එමඟින් මහජනතාවට ඔන්ලයින් දත්ත ගබඩාවක් හරහා අවයව පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි විය හැකිය.

”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඉන්ද්‍රිය දායකයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහල සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගෞරවයක්. ඉන්ද්‍රිය පරිත්‍යාගයෙන් කෙනෙකුට ජීවිතයක් ලබාදිය හකි අතර ඔවුන්ගේ කතාව නැවත ලිවිය හැකිය. මෙම දත්ත සමුදාය එහි පියවරක් බව අපි විශ්වාස කරනවා. මෙම වැඩසටහන හරහා අවයව බද්ධ කිරීම් සමඟින් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වෙනවා කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් වෛද්‍ය එඞ්වර්ඞ් මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.

හේමාස් රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයින් 100 කට අධික පිරිසක් මෙම හවුල්කාරිත්වයේ සමාරම්භක අවස්ථාවේදී වැඩසටහන සමඟ ලියාපදිංචි විය. මෙහිදී වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා රට තුළ අවයව පරිත්‍යාගශීලීන්ගේ විධිමත් දත්ත ගබඩාවක ඇති අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ශ‍්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ සහ හේමාස් රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා, හේමාස් රෝහලේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ප‍්‍රදීප් එඞ්වඞ් මහතා සහ ශ‍්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ සහ හේමාස් රෝහල් හි ප‍්‍රවීණ උපදේශක මණ්ඩලයක් සහ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට සහභාගී විය.

තලවතුගොඩ හේමාස් රෝහල සතුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දියුණු මුත‍්‍රා ආසාදන හා වකුගඩු සත්කාර ඒකකය පවතින අතර නව තාක්ෂණයෙන්, ශල්‍යාගාර දෙකකින් සහ බද්ධ කිරීමෙන් පසු රෝගියා ප‍්‍රකෘතිමත් වීම සඳහා මෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා නවීන පහසුකම් එය සතුය. මෙම ඒකකය මෙහෙයවනු ලබන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින් සහ ඒ වෙනුවෙන් කැපවූ වකුගඩු සත්කාර හෙද කාර්ය මණ්ඩලය ආදී ඉහළ දක්ෂතා සහිත කණ්ඩායමක් විසිනි.