හේමාස් සමාගමෙන් ජාතික රෝහලට PCR යන්ත්‍රයක්

    December, 23, 2020

    COVID-19 දුරලීමේ ජාතික ක්‍රියාන්විතය වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක්

    • COVID-19 රෝගීන් පරික්ෂා කිරීමට හඳුනා ගැනීමට හැකි PCR යන්ත්‍රයක් ජාතික රෝහලට හිමි වූ ප්‍රථම අවස්ථාව
    • වෛද්‍ය පරියේෂණ ආයතනයෙන් පරීක්ෂණ වාර්තා පැමිණීම සඳහා ගතවන පැය 48 ක කාලය මෙමගින් පැය හයකට සීමා කෙරේ

    පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ ජාතික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත. කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කෙරුණු මෙම PCR යන්ත්‍රය හරහා විවිධ බරපතළ තත්ත්වවල සිටින රෝගීන් හඳුනා ගනිමින් ඔවුන්ව කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුකර, වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන් හට සාර්ථකව ඊට මුහුණ දීමේ අවස්ථාව උදා වේ. හේමාස් සමාගම මෙම නවීනත ම BIO-RAD PCR යන්ත්‍රය ජාතික රෝහලට පරිත්‍යාග කරනු ලැබුවේ එම කාලීන අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමිනි.

    මෙම පරිත්‍යාගය පිළිබඳ අදහස් පළ කරමින් ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යාලයේ හිටපු සභාපති සහ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා සඳහන් කළේ, රෝහලෙන් මෙම යන්ත්‍රය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිගෙන කෙටි කාලයක් තුළ එම යන්ත්‍රය රෝහලට ගෙන්වා දීමට කටයුතු කිරීම පිළිබඳ හේමාස් සමාගමේ කළමනාකාරිත්වයට සිය ස්තූතිය පළකර සිටින බවය. "ජාතික රෝහල මෙතෙක් COVID-19 වෛරසයට ප්‍රතිකාර කරන විශේෂ රෝහලයක් ලෙස වර්ගීකරණය කර නොතිබූ නිසා මින් පෙර PCR යන්ත්‍රයක අවශ්‍යතාවක් මතු වූයේ නැහැ. මෙම යන්ත්‍රය හරහා පරීක්ෂණ රෝහල තුළ ම සිදු කිරීමට හැකිවන බැවින් එමගින් බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඇති පීඩනය යම් තරමින් අවම කර වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අපට ඇති හැකියාව තවදුරටත් වර්ධනය වනවා."

    මෙම පරිත්‍යාගය පිළිබඳ හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය ද සිය අදහස් පළ කළාය. "සමස්ත රටම මෙම වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා එක්ව කටයුතු කරන මේ මොහොතේ හේමාස් සමාගම ද ශ්‍රී ලංකා රජයටත්, මහජන සෞඛ්‍ය පද්ධතියටත් අවශ්‍ය සහයෝගය ලබා දීමට අඛණ්ඩව කැපවනවා. වසර ගණනක් පුරා හේමාස් සමාගම මෙරට පවුල් අතර සෞඛ්‍යසම්පන්නව ජීවත් වීමේ අභියෝගය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. අප ඉදිරියේ ඇති අභියෝගය ජය ගැනීම සඳහා එකාවන්ව එක්වන ලෙස අපි සියලු ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කර සිටිනවා."