හේලීස් වෙතින් රු. බිලියන 3ක ණයකර නිකුතුවක්

    August, 13, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය ලැබී තිබේ.

    මූලික වශයෙන් රු. 100 බැගින් වූ ලැයිස්තුගත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි ණයකර මිලියන 20ක් මෙහිදී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් පැවතියහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සමාගම විසින් සැලසුම් කර ඇත.

    වසර 5ක පරිණත කාලයකින් යුතු මෙම ණයකර නිකුතුව 2019 අගෝස්තු 20 දින විවෘත වේ.

    මෙම නිකුතුවේ සමකළමනාකරුවන් ලෙසින් කැපිටල් එලායන්ස් පාට්නර්ස් ලිමිටඩ් සහ පීපල්ස් බෑන්ක් ඉන්වෙස්ට්මන්ට් බෑන්කින් යුනිට් කටයුතු කරනු ලබයි.

    ණයකර නිකුතුව හරහා සමාගම විසින් සම්පාදනය කරගැනීමට බලාපොරොත්තු වන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3කි.