December, 11, 2024
ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහි සමාගමේ ඇති ඇල්ම සනාථ කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් 2024 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සමුළුවේදී (International Convention on Quality Control Circles – ICQCC) රන් සම්මාන 9ක් හා රිදී සම්මානයක් දිනා ගන්නා ලදී.
මෙහිදී සැළකිය යුතු විශේෂ කරුණක් වූයේ, උත්සවයේ අවධානය ලබා ගනිමින්, සමාගම විසින් මෙම සමුළුව සඳහා ඉදිරිපත් කළ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘති 10 ම සම්මාන හිමිකර ගැනීමයි. ගුණාත්මකභාවය, පිරිවැය හා පැවරීම (QCD) යන අංශ අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යෘපෘති මෙහෙයවනු ලැබුවේ සමාගමේ ගුණාත්මකභාවය මත පදනම් වූ කළමණාකාරීත්ව දර්ශනය අනුව ය.
“සේවා හා නිෂ්පාදන වල වටිනාකම් දාමය මත වෙළඳ සන්නාමය ඉහළටම ගමන් කරන අවධියක, ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීම වෙළඳපලේ සියැට් හි සාර්ථකත්වයට උර දෙන ප්‍රධාන කරුණු වලින් එකක් වී ඇත,” යනුවෙන් සියැට් කැලණි හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “පිරිවැය මෙන් ම පාරිසරික බලපෑම් අවම කරමින් නිෂ්පාදන වල සෑම අංශයකට ම වාසිදායක වන, වැඩිදියුණු කරන ලද කාර්යක්ෂමතාවයන් මගින් තවදුරටත් මේ සඳහා සහය ලබා දෙයි. එබැවින් අපගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘති කණ්ඩායම්වල කාර්යය අතිශයින් ම වැදගත් වන අතර, අපගේ සමස්ත ගුණාත්මකභාවය කළමනාකරණය කිරීමේ සංස්කෘතියට ඔවුන්ගේ දායකත්වය, අප දිනාගත් මෙම රන් සම්මාන නවය මගින් මනාව සනාථ වෙයි.”
මෙසේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘති නවය අතරට රේඩියල් ටයර් නිෂ්පාදනයේදී බෙල්ට් අපතේ යාම අවම කිරීම; යතුරුපැදි ටයර්වල ලැමිනේෂන් ගැටළුව ඉවත් කිරීම; යතුරු පැදි ටයරවල නියමිත බර පවත්වා ගනිමින් සිදුකළ ප්‍රශස්තකරණය; අමුදාව්ය අපතේ යාම පිළිබඳ දත්තවල නිරවද්‍යතාවය වැඩි කිරීම; යන්ත්‍ර අමතර කොටස්වල අනවශ්‍යය තොග පවත්වා ගැනීම අවම කිරීම; යතුරුපැදි ටයර් නිෂ්පාදනාගාරයේ අමුදාව්ය අපතේ යාම අවම කිරීම; ටයර් නිෂ්පාදනය කරනු ලබන පැරණි තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් නවීන තාක්ෂණයට පරිවර්තනය කිරීම; මෙන් ම රේඩියල් ටයර් නිෂ්පාදනාගාරයේ නිමි ටයර් දෝෂ නිසා අපතේ යාම අවම කිරීම යන ව්‍යාපෘති ඇතුලත් විය. රිදී සම්මානය දිනාගනු ලැබුවේ සංයෝග නිෂ්පාදනයේදී අමුදාව්ය අපතේ යාම අවම කිරීමේ ව්‍යාපෘතියක් මගිනි.
2024 ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සමුළුව (ICQCC) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සියැට් කැළණි සුදුසුකම් ලැබුවේ, ශ්‍රී ලංකා ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය විසින් සංවිධානය කරන ලද 2024 ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධනය පිළිබඳ ජාතික සමුළුවේ (NCQP) දී සමාගමෙහි ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති 8ක් විසින් රන් සම්ම්ාන දිනාගත් පසුවයි.
සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ඉන්දියාවේ හා ජර්මනියේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින් නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.
සේයාරු සටහන: 2024 ICQCC හි දී දිනාගත් සම්මාන සමඟ සම්මානලාභී සියැට් කැලණි ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘති කණ්ඩායම් වල සාමාජිකයින්.
Video Story