2019 වසරේදී ආසියාවේ හොඳම සේවා ස්ථාන අතරට සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් නම් කරයි

May, 28, 2019

ශ‍්‍රී ලංකාව තුළ Burger King, Baskin-Robbins සහ Délifrance අවන්හල් පවත්වාගෙන යාමේ බලයලත් නියෝජිතයා වන සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම Great Place to Work® විසින් සුළු හා මධ්‍යම පරිමාණ අංශය යටතේ 2019 වසරේදී ආසියාවෙහි හොඳම සේවා ස්ථානයක් ලෙස වර්ගීකරණය කර තිබේ. මෙය මෙම සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශය වෙනුවෙන් හිමිවූ ඉතාමත් ඉහළ සහතිකකරණයක් බව සමාගම සඳහන් කරයි.

මෙම ගෞරවණීය සම්මානය තීරණය කිරීම සඳහා 2018 වසරේදී හොඳම රැුකියා ස්ථාන තෝරාගැනීම සඳහා පවත්වන ලද අධ්‍යනයේ ප‍්‍රතිඵල භාවිතා කර තිබෙන අතර එම ප‍්‍රතිඵල කළාපීය රැුකියා ස්ථාන සමග සසඳමින් මෙහි ජයග‍්‍රාහකයින් තෝරාගෙන තිබේ. මේ අනුව, ආසියාව තුළ ඉහළ විශ්වාසයක් සහ අවංකභාවයක් තිබෙන, තම පුරවැසියන්ගේ සංස්කෘතීන් වඩාත් ප‍්‍රවර්ධනය කරන සුවීශේෂී සංවිධාන සමූහය අතර කැපී පෙනෙන ස්ථානයක් හිමිකර ගැනීමට සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් සමත්වී ඇත.

සමාගම සඳහන් කරන්නේ ආසියානු කළාපයේ සියලූම ශ‍්‍රී ලාංකේය ජයග‍්‍රාහකයින් 2019 ජූලි මස කොළඹ පවත්වන ‘Sri Lanka's Best Workplaces 2019’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක් කිරීමට අදහස් කර තිබෙන බවයි.

මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම අවන්හල් ජාලය ලෙස මෙහිදී සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් කැපී පෙනේ.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, සුරේෂ් ජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව තුළ පමණක් නෙවෙයි ආසියාව තුළත් සේවය කිරීමට හොඳම ස්ථානයක් ලෙස අපගේ සමාගම තේරී පත්වීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. සේවකයින්ගේ ජීවිතයෙන් වැඩි කොටසක් රැකියා ස්ථානයේ ගෙවෙනවා. මේ නිසා, සේවා ස්ථානයක් පමණක් නොව නිවසෙන් පිටත නිවසක් බවට තම සේවා ස්ථානය පත්විය යුතුයි. සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් සමාගමේ සේවකයින් විසින් අප සමාගම ඉතා උසස් සේවා ස්ථානයක් යැයි සැලකීම පිළිබඳව අපි ඉතාමත් ආඩම්බර වෙනවා.’

‘අපගේ කර්මාන්තය තුළ අප කෙළින්ම වැඩ කරන්නේ අවසාන පාරිභෝගිකයා සමගයි. මේ නිසා, අපගේ ඉදිරියෙන්ම සිටින සේවකයින් සතුටින් නොසිටින්නේ නම් අපට අවශ්‍ය ගෝලීය තත්ත්වයේ සේවාවක් ඔවුන් ලබාදෙන්නෙ නෑ. අපට මෙම ඇගයීම ලැබී තිබෙන්නේ අපගේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කළමනාකාරීත්වය සහ සුපරීක්ෂක කණ්ඩායම විසින් සතුට පිරුණු සංස්කෘතියක් ගොඩනැගීම සඳහා කළ දැඩි කැපවීමේ ප‍්‍රතිඵලයක් විදිහටයි. අපි ඒ පිළිබඳව ආඩම්බර වෙනවා.’

සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් සමාගම ඇගයීමට ලක්වුණු මෙම සුළු හා මධ්‍යම පරිමාණ අංශය යටතට ආසියාවේ හොඳම සේවා ස්ථාන 25 ක් අයත් වූ අතර ඒවායේ සේවකයින් 20 දෙනෙකු සිට 499 ක් දක්වා සේවය කරයි. මෙම ඇගයීම සඳහා ඇතුළත් වීමට සමාගම් චීනය, ඉන්දියාව, ජපානය, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ‍්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය යන රටවල් 08 අතුරින් Great Place to Work® ජාතික ලයිස්තු වලට එක්වී තිබිය යුතුය. මේ වසරේ සම්මාන ලබාදීම සලකා බැලීමට ආයතන 1200 කට වැඩි ගණනක් සුදුසුකම් ලබා තිබේ.