‘2019 වසරේ සමාජ මාධ්‍ය සන්නාමය’ ලෙස කොමර්ෂල් බැංකුවට දෙවන වරටත් ACEF ගෝලීය සම්මාන

May, 28, 2019

මුම්බායිහිදී පැවති සන්නාම ප‍්‍රදානෝත්සවයේදී Switzerland Tourism සමග සම ජයග‍්‍රාහකයා බවට පත්වෙයි

ඉන්දියාවේ මුම්බායි නුවරදී පසුගියදා පැවැත්වුණු 08 වන ග්ලෝබල් කස්ටමර් එන්ගේජ්මන්ට් ෆෝරම් ACEF සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවන වසර සඳහාත් ‘2019 වසරේ සමාජ මාධ්‍ය සන්නාමය’ ලෙසින් පිදුම් ලැබීමට කොමර්ෂල් බැංකුව සමත් වූ අතර මෙම රන් සම්මානය කොමර්ෂල් බැංකුව ලබාගත්තේ Switzerland Tourism සමග සම ජයග‍්‍රාහකයා බවට පත්වෙයි.

මෙම ගෞරවණීය ‘Grand Prix’ සම්මානය ACEF මගින් බැංකුවේ කාර්යක්ෂමතාවය, නවෝත්පාදනය සහ පෙර වසරේදී බැංකුවේ ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම අභිපේ‍්‍රරණය කිරීම සඳහා ප‍්‍රමුඛතම සමාජ ජාලා වේදිකාවන් 05 නවමු ආකාරයෙන් යොදාගත් ආකාරය ඇගයීමට ලක්කර තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් භාවිතා කරමින් Facebook, Viber Public Chat, Instagram, YouTube සහ LinkedIn යන සමාජ මාධ්‍ය තුළින් තරුණ පාරිභෝගික කණ්ඩායම් වෙත සමීප වෙමින් වෙළඳපොළ තුළ සුවිශේෂී තත්ත්වයක් දිනාගැනීමට සමත්ව තිබේ. මෙම සමාජ මාධ්‍ය ඔස්සේ අවශ්‍ය, ප‍්‍රයෝජනවත් සහ දිරිගන්වන සුළු තොරතුරු ලබාදෙමින් කොමර්ෂල් බැංකුව තම රසිකයින්ට ක‍්‍රියාශීලි ලෙස සම්බන්ධවීමට අවස්ථාව නිර්මාණය කර තිබෙන අතර මේ තුළින් මනුෂ්‍යත්වය සහ ජාතිකත්වය මතුකරමින් මෙරට තරුණ ප‍්‍රජාව සමග ශක්තිමත්ව බැඳෙමින් නව සමාජ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කර තිබේ.

මෙම ප‍්‍රවේශයේ සාර්ථකත්වය කොමර්ෂල් බැංකුවේ ෆේස්බුක් පිටුව මගින් ප‍්‍රදර්ශනය වන අතර ශ‍්‍රී ලංකාවේ බැංකුවක වැඩිම සබැඳියා අනුපාතයක් තිබෙන ෆේස්බුක් පිටුව වන්නේ කොමර්ෂල් බැංකුවේ ෆේස්බුක් පිටුවයි.

‘අපගේ පාරිභෝගිකයින් හෝ පාරිභෝගිකයෙකු වීමට හැකි පුද්ගලයින් සමග අප සෑම ආකාරයකින්ම සම්බන්ධ වීමට සලකා බලනවා. එය මුහුණට මුහුණ හමුවීමක්, අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විය හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘බැංකුවක් ලෙස අප ශ‍්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් ආයෝජන කටයුතු කරනවා. එසේම, අප සේවාව ලබාදෙන සෑම ප‍්‍රදේශයක් කෙරෙහිම අපි කැපවී සිටිනවා. මේ නිසා, තරුණ ප‍්‍රජාව අපගේ ප‍්‍රමුඛ කණ්ඩායමක්. මෙම සම්මානය අපගේ සමාජ මාධ්‍ය උපාය මාර්ගයට ලැබුණු ඇගයීමක් වන අතර එය අපට ඉමහත් සතුටක්.’

සලකා බලන වසර තුළදී ප‍්‍රධාන වශයෙන්ම Facebook සහ YouTube ඔස්සේ කොමර්ෂල් බැංකුව ඉතාමත් සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන් 20 කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක කර තිබේ. සමාජ මාධ්‍ය පේ‍්‍රක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම වර්ණවත් ප‍්‍රවර්ධනයන් සඳහා ලස්සන ශ‍්‍රී ලංකාවක් ගොඩ නගමු, හරිත ශ‍්‍රී ලංකාවක් ගොඩ නගමු, අපි ශ‍්‍රී ලාංකිකයි, අපි ආඩම්බර ශ‍්‍රී ලාංකිකයින්, ලස්සන ශ‍්‍රී ලංකා/ ක‍්‍රිකට් පාරාදීසය, වෙසෙඟ් මනුෂ්‍යත්වය, සැබෑ ආදරයේ සතිය, සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද, වෙසක් ධම්මපද, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, කාන්තා දිනය, ළමා දිනය, ඩොට්කොම් FIFA අභියෝගය, 90 දශකයට නැවතත් - ශ‍්‍රී ලාංකේය ළමා කාලය සැමරීම, නත්තල සැමරීම, කලාව, සොබාදහම, සම්ප‍්‍රදාය සහ සංස්කෘතිය ඇගයීම යන මාතෘකා තෝරාගත් අතර උපදේශනාත්මක මාතෘකා යටතේද පෝස්ට් පළකර තිබේ.

මේ ආකාරයේ සක‍්‍රීය ප‍්‍රවර්ධනයන් සහ පෝස්ට් හේතුවෙන් කොමර්ෂල් බැංකුවේ Facebook පිටුව සඳහා 2018 වසරේදී අති විශාල ප‍්‍රතිචාරයක් ලැබී තිබෙන අතර එය දත්ත මගින් පිළිඹිබු වේ. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ බැංකුවේ Facebook පිටුව සඳහා මිලියන 41.6 කට වැඩි පේජ් ඉම්ප්‍රෙෂන්ස් තිබුනු බවත් එය 2016 වසරට සාපේක්ෂව 3.5 ක ගුණයක වර්ධනයක් බවයි. එසේම, මෙම Facebook පිටුව සඳහා මිලියන 1.4 කට වඩා likes/reactions තිබෙන අතර එය වසර දෙකක් තුළ පස් ගුණයක වර්ධනයකි. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ Facebook පිටුව සඳහා page likes 338,000 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙන අතර එය 2016 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් වර්ධනය වී තිබෙන බවත් පසුගිය වසර දෙක තුළදි එක් පෝස්ට් එකක් ෂෙයා වන ප‍්‍රමාණයද තුන් ගුණයකින් වර්ධනය වී තිබෙන බවත් බැංකුව සඳහන් කරයි.

බැංකුවේ Viber මහජන ගිණුම 2017 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර 2018 වසර අවසන් වනවිට එයට 88,000 දෙනෙකු followers ලෙස එක්වී තිබුණේ ශ‍්‍රී ලංකාවේ බැංකුවක් සතු වැඩිම followers ප‍්‍රමාණයක් සිටින Viber මහජන ගිණුම බවට පත් වෙමිනි. මේ අතර, කොමර්ෂල් බැංකුවේ නිළ YouTube චැනලයේ නැරඹුම් කාලය 2018 දෙසැම්බර් 31 වනවිට මිනිත්තු 339,9000 ක්වී තිබේ. එසේම, බැංකුවේ LinkedIn පිටුව 2018 ජනවාරි මාසයේදී ආරම්භ කළ අතර වසර අවසන් වනවිට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ ආයතනයක් සතු වැඩිම followers ප‍්‍රමාණයක් සිටින LinkedIn පිටුව බවට පත්වීමට එයට හැකිවී තිබේ. එහි 16,000 කට අධික followers ප‍්‍රමාණයක් සිටී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 830 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.