2020 දී සියලූම ශ්‍රී ලාංකිකයින්ට ඊ-හෙල්ත් කාඩ්පත්

    April, 14, 2018

    වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ටම ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදු කෙරිනි.

    කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුලත් කර ඇත. එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි. එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සීටී.