2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් හි නායකත්ව කණ්ඩායමට සම්මාන ත‍්‍රිත්වයක්

November, 19, 2020

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින.

ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර - චමින්ද වනසිංහ, නීතිය හා නියාමන අංශය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර - සේනානි ඉරුගල්බණ්ඩාර සහ පාරිභෝගික පසුගෙවීම් අලෙවි අංශ ප‍්‍රධානී, ඉස්ෆාර් අන්වර්ඞීන් මෙසේ සම්මානයට පාත‍්‍ර වූයේ සමාගමේ විවිධ ක‍්‍රියාකාරී විශේෂඥතාවයන්ගෙන් යුත් කණ්ඩායම් සාර්ථකව මෙහෙයවීමට ඔවුන් දැරූ ප‍්‍රයත්නයන් උදෙසාය.

සිය කණ්ඩායම ලබා ගත් ජයග‍්‍රහණ සමරමින් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් ලංකා හි, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ”පොහොසත් සංස්කෘතිකමය වටපිටාවක් සහිත සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වීම ගැන අප ආඩම්බර වෙනවා. ඒවගේම මෙලෙස නිරන්තරයෙන් පිළිගැනීමට ලක් වීම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අප සමාගම ලබා ඇති කීර්ති නාමය නැවත වතාවක් සනාථ කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

මෙම විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේ අරමුණ වන්නේ, නායකත්ව හැකියාව ඇගයීමේ ක‍්‍රම සහ කළමනාකරණ ශෛලිය, ක‍්‍රියාත්මක කිරීම සහ අවංකභාවය ආදිය මැන බැලීම තුළින් ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරුවන් බිහි කරන පරිසර පද්ධතියක් හා සංස්කෘතියක් ගොඩ නැගීම හා අර්ථ දැක්වීමයි. මෙම නිර්දේශිත කළමනාකරුවන් තක්සේරු කරනු ලබන්නේ ජාත්‍යයන්තර ප‍්‍රමිතියකට හා ඇගයීමේ ආකෘතියක් මත පදනම් වූ ප‍්‍රධාන කළමනාකරණ නිර්ණායකවලින් අනතුරුව ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡුාවකින්ය.

එයාර්ටෙල් හි සුවිශේෂී සේවා සංස්කෘතිය පැවත එන්නේ එහි වටිනාකම් හා සාරධර්ම වලිනි. සමාගම පරිශීලකයින්ගේ සහ සේවකයින්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සැමවිටම උත්සාහ කරන අතර එහි සිටින විවිධ තරාතිරමේ සේවකයින් ආයතනය තුළ ඇති සංස්කෘතිකමය වෙනස පිළිගනිමින් සැමටම ගරු කරමින් කටයුතු කරයි.

ඵලදායී කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ‘Lead Right’ වැනි ප‍්‍රමුඛ වැඩසටහන් ඇතුළුව, සමාගමේ සෑම මට්ටමකම සිටින සේවකයින්ගේ නිපුණතා සංවර්ධනය කිරීම එයාර්ටෙල් කණ්ඩායමේ තවත් තීරණාත්මක අංගයකි.

විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙල යනු ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා ඇගයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන සම්මාන උළෙලක් වන අතර නායකත්ව විශිෂ්ටත්වය ඇගයීම සඳහා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් එය වාර්ෂිකව පවත්වනු ලබයි. ඉහළ කාර්යසාධනයකින් යුතු සංස්කෘතියක් තුළින් ඊළඟ පරම්පරාවේ නායකයින් බිහි කිරීමේදී සමාගමේ විශ්වාසනීයත්වය හා භාවිතාවන් පිළිබඳව මෙම ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම’ යන සම්මානයෙන් සම්මානයට පාත‍්‍ර කරයි.