2021 දී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 3 ක් VIDEO

    October, 28, 2016

    වර්තමානයේ දී මෙරට ආර්ථිකයට විදේශ විනිමය ලබා දෙන තෙවන මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන බව NSBM සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩේමියන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අද දෙරණ Biz 24x7 සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය වසර 4 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය මිලියනයකින් වර්ධනය වී ඇති බවයි. මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවුවහොත් 2021 වසර වන විට මිලියන 3 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව ආචාර්ය ඩේමියන් ප්‍රනාන්දු මෙහිදී කියා සිටියේය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=CpwMXUrsdBU