April, 23, 2025
2025 පළමු කාර්තුව තුල සේවා අපනයනය 10.88%කින් ඉහළට
2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.87% ක වර්ධනයකි.
2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,507.90 දක්වා ළඟා වී ඇත. මෙය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 6.24% ක ආකර්ෂණීය වාර්ෂික වර්ධනයක් සහ 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 11.76% ක මාසික වැඩිවීමකි.
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
“මෙම ධනාත්මක අපනයන කාර්ය සාධනය, ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රමුඛතාවය අවධාරණය කරන අතර, රටේ අපනයන තරඟකාරිත්වය සහ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ගේ ඵලදායීතාවයද පිළිබිඹු කරයි" අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසා සිටී.
"2025 මාර්තු මාසයේදී, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 5.87%ක වර්ධනයක් සහිත ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර මැණික් සහ ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු අංශයන් සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යා ද සලකා බැලූ විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික දත්ත අනුව 2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,215.9ක් ලෙස වාර්තා වේ."
සේවා අපනයනය අංශය කැපී පෙනෙන වර්ධනයක් හඳුනාගෙන ඇති අතර, 2025 මාර්තු මාසයේදී පෙර වසරට සාපේක්ෂව 7.79%ක වර්ධනයකි. එම වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 291.12ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2025 පළමු කාර්තුව තුල සේවා අපනයනය 10.88%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 887.04ක් දක්වා ළඟා වී ඇත. එය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයනය විවිධාංගීකරණය කරමින්, දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරමින් පවතී. 2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ, සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 3,325.09 කි. එය 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 4.61%ක වර්ධනයකි.
Video Story