April, 11, 2025
2025 වසරේ අප්‍රේල් 9 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී 778,843ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 56,567ක් මෙරටට පැමිණ ඇති බවයි.
අප්‍රේල් මාසයේ පළමු දින 9 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 10,595ක් ලෙසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,679ක්, රුසියාවෙන් 6,163ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 4,037ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
මෙම වසරේ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 128,910ක් ලෙසිනි.