2025–2027 වර්ෂ සඳහා CMA ශ්‍රී ලංකා ආයතනයේ  නව  සභාපති හා සභිකයන්  පත්කිරීම

    June, 18, 2025

    ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ  ගිණුම්කරණ ආයතනය  (CMA ශ්‍රී ලංකාව) 2025 ජුනි 13 වන සිකුරාදා දින, කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ග්‍රෑන්ඩ් ක්‍රිස්ටල් බෝල්රූමයේදී  නව සන්ධිස්ථානයක් සනිටුවන් කරගනිමින් නව සාමාජිකයන් තෝරා පත් කර ගන්න ලදී

    CMA ශ්‍රී ලංකා ආයතනය  1999 දී ආරම්භ වී, 2000 ජුනි 3 වනදා දියත් කරන ලද්දේ CMA කැනඩා (වර්තමානයේ CPA කැනඩා) සහ කැනේඩියාන් ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (CIDA) දේශීය සහ අරමුදල් සහායෙන් ආරම්භ කළ ආයතනයකි. CMA ශ්‍රී ලංකා ආයතනය මෙම වසරේදී තම රිදී ජුබිලිය සමරන අතර මෙම  ආයතනයේ පුරෝගාමියා  වනුයේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති , AAT (ශ්‍රී ලංකා) ආරම්භක සභාපති   සහ දකුණු ආසියාවේ ගිණුම්කරණ සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ලක්ශ්මන් ආර්. වටවල මහතාය. 2009 අංක 23 වන පාර්ලිමේන්තු පනත මගින් CMA ශ්‍රී ලංකාව ජාතික වෘත්තීය  කළමනාකරණ ගිණුම්කරණ ආයතනයක් ලෙස සංස්ථාගත   කරන ලදී.

    CMA ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිණුම්කරණ සංගමයේ (IFAC), දකුණු ආසියාවේ ගිණුම්කරණ සංගමයේ (SAFA), සහ ආසියාවේ සහ පැ සිෆික් ආර්ථික සංගමයේ (CAPA) සාමාජිකයෙකු වන අතර දැනට සාමාජිකයින් 2,500ක් හා ශිෂ්‍යයන් 18,000කට අධික පිරිසකට සේවය කරමින් කොළඹ 4, විශාකා පෞද්ගලික පාර, 29/24 හි ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර ඇත  .

    උත්සවයට ප්‍රධාන ආරාධිතයා  ලෙස CMA උපදේශන සභාවේ සභාපති හේමක  අමරසූරිය මහතා සහ ගෞරව ආරාධිත අමුත්තියක් ලෙස ආයතනයේ ආරම්භක සභිකයෙකු වූ නිලීමා කාසි චෙට්ටි මහත්මිය සහභාගී වූහ.

    මීට අමතරව ගරු රවී කරුණානායක මහතා (CMA හි අනුශාසකයෙකු) සහ ගරු සුනිල් කුමාර ගමගේ මහතා (ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති) ගෞරව ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

    මෙම අවස්ථාව මංගල පහන්සිළු  දැල්වීමෙන් ආරම්භ වූ අතර CMA ශ්‍රී ලංකා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී කෝසල දිසානායක මහතාගේ  පිළිගැනීමේ කතාවෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී

    ඉන් අනතුරුව  නව කවුන්සිලය  හේමක  අමරසූරිය මහතා විසින් නිලවශයෙන් පත් කරන ලදී:

    • සභාපති: මහාචාර්ය ලක්ෂ්මන් රවින්ද්‍ර වටවල, FCMA
    • උප සභාපති: එච්. එම්. එච්. බණ්ඩාර මහතා, FCMA

    නිළවරණය ලද සභිකයින්:

    • පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා, FCMA
    • පී. ඒ. නන්දසිරි මහතා, FCMA
    • කේ. ඩබ්ලිව්. ඒ. අයි. විමලරත්න මහතා, FCMA

    නියෝජිත සභිකයින්:

    • සුරේකා කැටවල මහත්මිය (ශ්‍රී ලංකා මහබැංකු අධිපතිතුමන් නියෝජනය කරමින්)
    • සන්ජය බණ්ඩාර මහතා (CA ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින්)
    • මහාචාර්ය දිලිප සමූද්‍රාගේ මහත්මිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින්)

    පත් කළ කමිටු සභාපතිවරුන්:

    • නන්දිකා බුද්ධිපාල මහතා – බැංකුකරණය, මූල්‍ය හා රක්ෂණය
    • මහේන්ද්‍ර ජයසේකර මහතා – CMA සම්මත මණ්ඩලය
    • කෝසල දිසානායක මහතා – සඟරාව, ප්‍රචාරය සහ ප්‍රවර්ධනය
    • මහාචාර්ය ඒ. ආර්. අජ්වර්ඩ් – පර්යේෂණ සැසිය
    • ආචාර්ය නුවන් ගුණරත්න – තිරසාර බව හා පාරසරික වියදම්
    • ඩර්ෂිනි වටවල මහත්මිය – කාන්තා නායකත්වය
    • කෞශික ජයලත් මහතා – ඩිජිටල් ව්‍යාපාරය, දත්ත විශ්ලේෂණය සහ AI (විදේශීය)

    ප්‍රධාන ආරාධිතයාගේ කතාව (හේමක අමරසූරිය මහතා):
    "මා ආයතනය ආරම්භ වු මොහොතේ සිටම CMA සමඟ සිටීමේ ගෞරවය හිමිවී තිබෙනවා. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ගෞරවයට පාත්‍ර වීම CMA  නියමිත මාර්ගයේ ගමන් කිරීම . 2025–2027 වසර සඳහා නව සභිකයන් පත් කිරීම ගෞරවයක් ලෙස මට හිමිවූයේ ය."

    විශේෂ ගෞරව පිරිනමන ලද පුද්ගලයින්:

    • හේමක අමරසූරිය මහතා – CMA උපදේශන සභාපති
    • ගරු රවී කරුණානායක මහතා – CMA අනුශාසක ලෙස  නැවත පත් කරන ලදී/ විශිෂ්ඨ සාමාජිකත්වය සදහා පිරිනමන ලදී
    • ගරු සුනිල් කුමාර ගමගේ මහතා – ප්‍රජා සේවාව සඳහා කැප වූ විශිෂ්ට සාමාජිකයා ලෙස
    • ලක්ෂ්මන් අබේසේකර මහතා – ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති- විශිෂ්ඨ සාමාජිකත්වය සදහා පිරිනමන ලදී
    • කේ. එම්. එල්. ඩි සොයිසා මහතා – ලංකා බැංකු සභාපති- විශිෂ්ඨ සාමාජිකත්වය සදහා පිරිනමන ලදී

    මහාචාර්ය සමන්ති සේනාරත්න මහත්මිය CMA උපදේශන සභාවේ නව සාමාජිකාව ලෙස පත් කෙරුණු අතර, ඇය වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ගිණුම්කරණ මහාචාර්යවරිය වන අතර CMA Excellence Award  වාර්තාකරණ තරඟය සඳහා  ආරම්භයේ සිට  විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරයි.

    ඉවත් වන කවුන්සිල සාමාජිකයන් ඇගයීම (2023–2025):

    • මනිල් ජයසිංහ මහතා
    • ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
    • රුචිර පෙරේරා මහතා

    ගරු සුනිල් ගමගේ මහතාගේ කතාව:
    "තරුණ වෘත්තිය විශාරදයන්ගේ සවිබල ගැන්වීමේ වැදගත්කම තවදුරටත් වැඩි කරමින් CMA වැනි ආයතන මේ පිළිබඳව ප්‍රමුඛ භූමිකාවක් ගත යුතුය."

    ගරු රවී කරුණානායක මහතාගේ කතාව:
    "වෘත්තීය ගිණුම්කරුවන් ආර්ථිකයෙහි විප්ලවීය භූමිකාවක් ඉටු කරන අතර වාර්තා කළමනාකරණ ගිණුම්කරුවන් රාජ්‍යය සහ ආර්ථිකය සඳහා මහඟු සහායකයෝය."

    සභාපති මහාචාර්ය ලක්ශ්මන් වටවල මහතාගේ ආරම්භක කථාව:
    "සංවිධානයේ ආරම්භක දැක්ම නැවත ව්‍යවස්ථාගත කරමින් පරිසරය, ඩිජිටල් නව්‍යකරණය, වෘත්තීය පියවර, සහ ස්ථාවර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමට CMA කැපවී ඇත."

     ස්තුති කතාව (පුවෙන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා):
    "මහාචාර්ය වටවල මහතාගේ දැක්මෙන් යුත් නායකත්වය CMA ආයතනය වසර 20කට වැඩි කාලයක් මෙහෙයවමින් තිබේ. අද CMA, හැමෝටම ලැබිය හැකි, වෘත්තීය භාවිතා සූදානම් කලමනාකරණ ගිණුම්කරුවන් නිපදවන ආයතනයක් ලෙසද පෙනී සිටී."

    මෙම උත්සවය ජාතික වෘත්තීය අධ්‍යාපනයේ  කැපවීම උදෙසා නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙසේ නිමා විය.