56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය හච් බල ගන්වයි

September, 9, 2019

56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය- 2019, සඳහා හච් ප්‍රධාන අනුග්‍රහකයා ලෙස එක් වී ඇත. වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්වක් ලෙස යුද හමුදා ක්‍රීඩා ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම තරඟාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් අවසන් විය.

මෙවර තරඟාවලියේ දී, ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු 24ක් නියෝජනය කරමින් තරුණ හා පළපුරුදු යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 ක් පමණ සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ. දින 3 ක් පුරා පැවති මෙම මලල ක්‍රීඩා තරඟාවලිය ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත විය. මෙම අවස්ථාව සඳහා ගරු ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හච් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී රම්සීනා මොර්සත් ලායි මහත්මිය සහභාගී විය.