Acer ගමන් මඟ අලූත් කරමින් ඉන්ටෙල් 7th Generation Intel Core හා එක්වෙයි

    October, 24, 2016

    ලැප්ටොප් පරිගණක සඳහා නව බලයක් ලබාදෙමින් 7th Generation Intel® Core™ ප්‍රොසෙසරය එළිදැක්වීම පසුගිය දා සිදුවිය. මෙම නවතම 7th Gen ප්‍රොසෙසරය 14nm ප්‍රොසෙසර තාක්ෂණයට වඩා වැඩි ක‍්‍රියාකාරීත්වයකින් යුක්තය. එමෙන්ම එහි ඇතුළත් කර ඇති new media engine මඟින් 4K UHD සඳහා ඉහළ සහයක් දෙමින් නැරඹීම්, ගමන් කිරීම්, නිර්මාණය කිරීම් සහ ශෙයා කිරීම් සඳහා වැඩි ක‍්‍රියාකාරීත්වක් ලබාදෙයි.

    නව පරිගණක 7th Generation Intel Core මඟින් බලගැන්වීම තුළින් පැහැදිලි දසුන්, වැඩි බැටරි ආයු කාලයක්, විහිදුණු සහ ඉහළ අත්දැකීමක් භාවිතා කරන්නා වෙත සමීප කරවයි.

    තම ලැප්ටෝප් පරිගණක ගමන් මඟ ද මේ හා අලූත් කරමින් හුරුබුහුටි හැඩයකින් යුත් svelte silhouette Swift 7 සහ Spin 7 යන නව නිෂ්පාදන දෙක ්ජැර විසින් පාරිභෝගිකයන් වෙත හ`දුන්වාදෙනු ලැබීය.

    මේ පිළිබඳව අදහස් දක්වන Acer Inc හි තොරතුරු තාක්ෂණ නිෂ්පාදන ව්‍යාපාර සභපති ජෙරි කා ඕ මහතා ” 7th Gen Intel Core හා අපගේ හිමිකාරීත්වය ඇති තාක්ෂණයේ ප‍්‍රගතීන් සැලකීමේදී අපට හැකිවී තිබෙනවා ඉතා සිහින් නෝට්බුක් මාදිලියේ පරිගණකවල සීමා පුළුල් කරමින් වැඩි ශ‍්‍රීතියතාවයක් ලබාදීමට. අපගේ නවතම සිහින් සහ සැහැල්ලූ නෝට්බුක් පරිගණක ම`ගින් පාරිභෝගිකයන්හට ඉහළ බලයකින් යුත් අලංකාර උපාංග ලබාදීමටත් ඒ තුළින් ඔවුන්ගේ කාර්යයන් සහ පරිගණක ක‍්‍රීඩා අවශ්‍යතාවන් සියල්ල සම්පූර්ණ කරගැනීමටත් අවකාශය හිමිවෙනවා” යනුවෙන් පවසා සිටියේය.

    ඉන්ටෙල් සමාගම වෙනුවෙන් එහි ශ‍්‍රී ලංකාවේ බලයලත් කාර්යාලයේ මෙරට කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා අදහස් දක්වමින් ” 7th Gen Intel Core ප්‍රොසෙසරය තුළින් ඉහළ අත්දැකීමක්, සුවිශේෂී ක‍්‍රියාකාරීත්වයක් සහ ප‍්‍රතිචර්යතාවයක් පරිගණක වෙත ලබාදෙනු ලබනවා. එමෙන්ම නිවසේත් කාර්යාලයේත් යන යන තැන අරන් යන Acer උපාංගයන්හි සැබෑ ultra HD 4K වින්දනාත්මක අත්දැකීමක් ලබාදෙනු ලබනවා. 7th Gen Intel Core බලගැන්වූ උපාංගයන්හි බොහෝ විශේෂාංග කැටිවී තිබෙන හෙයින් Thunderbolt™ 3, stylus සහ voice input නව්‍ය හැඩයන්හි යුගල ආදී ශක්‍යාතවන් සහ විවිධ මිල ගණන් යටතේ අලංකාර ද්විත්ව එක් ඒකක් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදෙනු ලබනවා” යනුවෙන් පවසා සිටියේය.