ACL Cables ට රු. බිලියන 1.4 ක ටෙන්ඩරයක් අනුමතයි

July, 11, 2018

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදාහැරීමේ කාර්යය සඳහා භාවිත කරනු ලබන ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝමීටර 2,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,456.2ක මුදලකට M/s. ACL Cables PLC වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.