AIA සේවාලාභීන්හට “AIA Real Rewards” ඔස්සේ තවදුරටත් සුඛෝපභෝගී විදෙස් සංචාර

March, 13, 2020

2019 වසරේදී AIA Real Rewardsවැඩසටහන ඔස්සේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 120 දෙනෙක්, දෙදෙනෙකුට සහභාගී විය හැකි විදෙස් සංචාර පැකේජ දිනා ගන්නා ලදී.  2014 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ විවිධ ප්‍රතිලාභ රාශියක් අපගේ සේවාලාභීන්හට පිරිනැමෙන අතර මෙමගින් AIA වෙතින් සේවාලාභීන් ලබන්නා වූ අත්දැකීම් වඩාත් ඉහළ තලයකට රැගෙන යාමට සමාගමට හැකිවී ඇත.

වසරක් පාසා මෙම වැඩසටහන ඔස්සේ බිහිකරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර සෑම කාර්තුවකම  පවත්වන්නා වූ  දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහකයින් 15 දෙනෙකුහට, දෙදෙනෙකුට සහභාගී විය හැකි දින 4 ක විදෙස් සංචාර පැකේජ  පිරිනැමේ.  මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල අද්විතීය වැඩසටහනක් ලෙස හැදින්විය හැකි මෙම වැඩසටහ ඔස්සේ ජයග්‍රහණය කරන සේවාලාභීන්හට සිය ආදරනීයකු ද සමගින්, සිංගප්පූරුව, මැලේසියාව හෝ  තායිලන්තයේ  බැංකොක් නුවර වෙත යාමට වරම් ලැබේ.

AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි මහතා, සේවාලාභීන් වෙත සමාගමේ කැපවීම පිළිබඳව කථා කරමින් කියා සිටියේ, “AIA Real Rewards වැඩසටහන ඔස්සේ සේවාලාභීන් වෙත වඩාත් යහපත් වූ අත්දැකීම් ලබාදීමට අප කැප වී කටයුතු කරන අතර ඒ සඳහා අප දක්වන්නේ ඉහළම ප්‍රමුඛතාවයක්.   සේවාලාභීන්ගේ ලැදිබව වෙනුවෙන් ඔවුන් වෙත  ලබාදෙන්නා වූ තිළිණ ගුණාත්මක බවින් වඩාත් උසස් තත්ත්වයකට රැගෙන යාමට අපි නිරතුරුව කටයුතු කරමින් සිටිනවා.  2020 වසරේ දී අපගේ වටිනා සෙවාලාභීන් වෙත වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙම වැඩසටහනට නවතම මුහුණුවරක් ලබාදීමට ද අප කටයුතු කරන අතර  එමගින් අපගේ හිතවත් සේවාලාභීන් හට වැඩි වටිනාකමක් ලබාදීමට අපට හැකිවෙනු ඇති.”

ඔහු තවදුරටත් කරුණු පහදා දෙමින් කියා සිටියේ “AIA Real Rewardsජයග්‍රහණය කිරීමේ මාර්ගය  ඉතාමත් සරලයි.  ඔබ කල යුත්තේ AIA සේවාලභියෙකු බවට පත්වී ඔබගේ රක්ෂණ වාරිකය කලට වෙලාවට ගෙවීමයි.  ඔබ ඔබේ වාරිකය ගෙවන්නේ වාර්ෂිකව හා ස්ථාවර නියෝගයකින් නම්,  ඔබට ජයග්‍රහණය කිරීමේ අවස්ථා වඩාත් වැඩි වනු ඇති.    එමෙන්ම වාරික ගෙවන්නේ අර්ධ වාර්ෂිකව හෝ ත්‍රයිමාසිකව  නම් ද ඔබට ජයග්‍රණයක් ලබා ගැනීමට ඉහළ අවස්ථාවක් ඇත.

ඔබත්  AIA සේවාලභියෙකු නම් ඔබටත් මේ වසරේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු විය හැකියි!  AIA Real Rewards පිලිබඳ වැඩි විස්තර සඳහා 0112 310310 ඔස්සේ අපගේ සේවාලාභී සේවා මධ්‍යස්ථානය අමතන්න.