Arimac Digital සමාගම ශ්‍රී ලංකාවට ‘නීරෝ‘ හඳුන්වා දෙයි

May, 7, 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් විසඳුම් සැපයුම් සමාගම වන Arimac විසින් ‘නීරෝ’ නමින් multi-platform ත‍්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක්  දියත් කිරීමට සූදානම් වෙයි. ලොව දක්‍ෂතම සැඟවුණු වෙඩික්කරුවන් 10 දෙනා අතරට නම් කෙරෙන, කීර්තිමත් රණවිරුවකු වන සැඟවුණු වෙඩික්කරු (Sniper) රංජිත් ප්‍රේමසිරි මඩලානගේ චරිතයෙන් ‘නීරෝ’ ක‍්‍රියාන්විතයට නැගෙයි. ශ්‍රී ලංකාවේ විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙසින් දියත්වීමට නියමිත ‘නීරෝ’ ශ්‍රී ලංකා පරිගණක ක්‍රීඩා සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදන කණ්ඩායම පැහැදිළිව දක්වා සිටින පරිදි ‘නීරෝ’ යනු හුදෙක් ප‍්‍රබන්ධ කතා මාලාවක් තුළින් නැසීගිය යුද විරුවාට ගෞරවය පිදීමේ අරමුණින් සැකසූවක් මිස යුද්ධය හෝ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ.යට එරෙහි ප‍්‍රචණ්ඩත්වයක් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මානයක් වූවක් නොවූ බවයි.  මෙම දියත්කිරීමට සමගාමීව චිත‍්‍රකතා පොත් සහ නීරෝ සන්නාම ටී ෂර්ට් හා සමරුභාණ්ඩ ඇතුලූ වෙළඳ භාණ්ඩ ගණනාවක් නිකුත්වනු ඇත.

Arimac සමාගමේ අධ්‍යක්ෂ හා පරිගණක ක්‍රීඩා සංවර්ධන ප‍්‍රධානී තිළිිණ ප්‍රේමසිරි විසින් මෙහෙයවනු ලබන Arimac  පරිගණක ක්‍රීඩා නිර්මාණ අංශය සහමුළින්ම දේශීය දක්ෂතාවන්ගෙන් සමන්විතය. සමාගම විසින්ම සොයාගන්නා ලද පුරෝගාමී තාක්ෂණයක් වන Arimac Interactive Development Framework(AIDF) උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය උත්තේජක භූමි දර්ශන අනුකරණය කළ ඉතා උසස්, Graphic පරිසරයක් මෙහිදී දක්නට ලැබේ. ක්‍රීඩාවේ ප‍්‍රධාන චරිතය වන ‘නීරෝ’ සතුරන් තමන්ව පරාජය කරන්නට පෙර සතුරන්ව පරදවන්නට නිරවද්‍ය ඉලක්කයක් හඹා යමින් සිනමාරූපී වගුරුබිම් හා ඝන කැලෑවන් තුළින් ගමන් කිරීමත් සමඟ විශ්මයජනක ත්‍රිමාන ගමනක අත්දැකීමක් හා තෘප්තියක් ක‍්‍රීඩාකරුවන්ට හිමිවේ.

Newzoo  විසින් පුරෝකථනය කරන ලද ගෝලීය පරිගණක ක්‍රීඩා සංඛ්‍යාත්මක දත්තවලට අනුව, මෙම ක්‍ෂ්ත්‍රයේ ගෝලීය වෙළෙඳපොල සඳහා අපේක්ෂිත වර්ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 135ක දැවැන්ත මුදලක් වන අතර 2018 වසරේදී ගෝලීය ක්‍රීඩකයන් බිලියන 2.3ක් දෙනා පරිගණක ක්‍රීඩා වෙනුවෙන් මුදල් වැය කර තිබේ. තවද 2021 වසර වන විට පරිගණක ක්‍රීඩා වෙනුවෙන් වියදම් කරන්නන්ගේ අනුපාතය 2017 වසර සිට 2021ක දක්වා සියයට 10.3ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයට:(Compound Annual Growth Rate)  අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 180.1ක් දක්වා ඉහළ යන බවද ඔවුන් වැඩිදුරටත් වාර්තා කරයි. ශී‍්‍ර ලංකාව තවමත් පරිගණක ක්‍රීඩා කර්මාන්තයේ ළදරු අවධියේ පසු වුවත් ගෝලීය පරිගණක ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට එය පත්කිරීමේ අරමුණින් Arimac සමාගම ‘නීරෝ’ වෙනුවෙන් රුපියල් මිලියන 30කට අධික ආයෝජනයක් සිදුකර තිබේ.

2016 වසරේදී Arimac විසින් එළිදක්වන ලද ‘කංචායුධ’ පරිගණක  ක්‍රීඩාව ලත් අතිශය සාර්ථකත්වය අනුගමනය කරන්නට ‘නීරෝ’ බලාපොරොත්තු වෙයි. පුරාණ සිංහල අතීතය හා බැඳුනු ‘කංචායුධ’ සංකේතාත්මක දේශීය චරිතයන් හා සිදුවීම් ප‍්‍රතිනිර්මාණයට ලක් කළ අතර එවකට ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කළ විශාලතම පරිගණක ක්‍රීඩා අතුරින් ප‍්‍රමුඛස්ථානයක් ලබාගන්නටද එයට හැකියාව ලැබිණි.

Arimac Digital  සමාගමේ නිර්මාතෘ හා ප‍්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ මහතා ‘කංචායුධ’ ලත් සාර්ථකත්වයට පසුව ‘නීරෝ’ මගින් අපේක්ෂා කරන්නෙ ශ්‍රී ලංකාවෙ පරිගණක ක‍්‍රීඩා කර්මාන්තය තුළ සීමා මායිම් බිඳදැමූ විප්ලවීයකරණයක් ඇති කරන්නයි. 2016දි ‘කංචායුධ’ සමඟ දේශීය පරිගණක ක‍්‍රීඩා  නිර්මාණකරුවන් දිරිමත් කරමින් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්නට හා වැඩිදියුණු කරගන්නට අවශ්‍ය මූලික අඩිතාලම අපි දියත් කලා. ‘නීරෝ’ හඳුන්වාදීමත් සමඟ ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව ජාත්‍යන්තර පරිගණක ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට ඇතුළත් වීමට මාර්ගය සකස් කර ගනු ඇතැයි අප විශ්වාස කරනවා’ යැයි පැවසීය.

වැඩිදුරටත්  අදහස් දැක්වූ ඔහු  "ත්‍රිත්ව A  පරිගණක ක‍්‍රීඩා සංවර්ධන කර්මාන්තය තුළ සාමාන්‍යයෙන් ඉහළ අයවැයක් හා විශාල කණ්ඩායමක් ඇතුළත් වන නිසා එය තෝරාගැනීමට කැමැත්තක් දැක්වූවත් ඔවුන් පසුබට වන නිසා ‘නීරෝ’ නිර්මාණය කිරීමෙන් අපි සපුරාගන්නට බළාපොරොත්තු වන ප‍්‍රධානම අරමුණක් වන්නේ ඔවුන් මෙම කර්මාන්තයට යොමු වීමට ඇති බිය දුරුකර දී ඔවුන් දිිරිමත් කිරීමයි”යනුවෙන් සඳහන් කළේය.

Arimac Digital සමාගම මෙම ව්‍යාපෘතියේ ආදායමෙන් සියයට 10කටත් වැඩි ප‍්‍රතිශතයක් ශ්‍රී ලංකා යුද හමුදාවට සහ රන්ජිත් මඩලානගේ පවුලට පරිත්‍යාග කෙරේ.

2011 වසරේදී ආරම්භය සටහන් වූ Arimac Digital  සමාගම දුරකථන ක‍්‍රීඩා හා ව්‍යවසාය, කෘතිම බුද්ධිය හා යාන්ත‍්‍ර අධ්‍යනය, පරිගණක ක‍්‍රීඩා නිර්මාණය කිරීම හා සංවර්ධනය යන තේමාවන් ආවරණය කරමින්  වැඩිදියුණු කළ උසස් තත්ත්වයේ ඩිජිටල් විසඳුම් ලබාදෙයි. Arimac සමාගම විවිධ වූ ආයෝජන කළඹකට හිමිකම් කියන අතර ඉහළ පෙලේ සේවාලාභීන්ගේ අනුග‍්‍රාහකත්වය සඳහා ඔවුන්ගේම අභ්‍යන්තර පරිසර පද්ධතියක් ඇත. වැඩිදුර සඳහා www.arimaclanka.com වෙබ් අඩවියට පිවිසෙන්න.