June, 9, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 17,500 හි සීමාව ඉක්මවීමට අද (09) දිනයේ දී සමත්විය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24ක් ලෙසින් සටහන් විය.
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට හේලීස්, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, HNB සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම බෙහෙවින් දායක වුණි.
මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 33කින් ඉහළ ගොස් ඒකක 5,208.95ක් ලෙසින් සටහන් විය.
අද දින රු. බිලියන 2.85 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
Video Story