BLS ඉන්ටර්නැෂනල් නව ස්පාඤ්ඤ වීසා මධ්‍යස්ථානය දැන් ශ්‍රී ලංකාවේ

    November, 29, 2024

    වීසා සැකසීමේ සහ කන්සියුලර් සේවා පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය අති නවීන තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තරව රජයන්ට සහ පුරවැසියන්ට සේවා සපයන විශ්වසනීය ආයතනයක් වන BLS ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ වීසා මෙහෙයුම් ආරම්භ කළ බව අද දින නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට උසස් පාරිභෝගික සේවයක් සැපයීමට සහ වීසා ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පහසු කරවීම සදහා BLS ඉන්ටර්නැෂනල් ආයතනයේ සුවිශේෂී කැපවීම මෙම සංධිස්ථානය හරහා සනිටුහන් කරයි.

    ස්පාඤ්ඤ වීසා අයදුම්පත් සදහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ඒ සදහා පහසුකම් සැපයීමට නව ස්පාඤ්ඤ වීසා අයදුම්පත් මධ්‍යස්ථානය කොළඹ නගරයේ ස්ථාපිත කරන ලදී. සංචාරකයින්ගේ පුළුල් පරාසයකින් යුතු අවශ්‍යතා සදහා පහසුකම් සැපයීමට නව මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.

    BLS ඉන්ටර්නැෂනල් ආයතනයේ සහභාගීත්වය ශ්‍රී ලංකාව තුළ තහවුරු කරමින් මෙම නව මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව මාලදිවයින පුරවැසියන් දක්වාද ව්‍යාප්ත කර ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් BLS ඉන්ටර්නැෂනල් සම කළමනාකාර අධ්‍යක්ෂ ශිඛාර් අගාවල් මහතා මෙසේ පැවසුවේය. "ශ්‍රී ලංකාව තුළ ස්පාඤ්ඤ වීසා මෙහෙයුම් ආරම්භ කිරීම මගින් BLS න්ටර්නැෂනල් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගික වැඩසහනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. සේවා විශිෂ්ටත්වය සහ තාක්ෂණික නව්‍යකරණය පිළිබද කැපවුණු සමාගමක් ලෙස අපි අපගේ පාරිභෝගිකයින්ගේ වීසා ලබාදීමේ පහසුකම් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට කැපවී සිටිනවා. සංචාරකයින්ගේ වීසා ලබාගැනීමේ ක්‍රමවේදය පහසු කරවීමට සහ තමාගේ අවශ්‍යතාවටම සරිලන සේවාවක් ලබාදීමට අප සමාගමේ ඇති කැපවීම අභිනවයෙන් කොළඹ ස්ථාපිත කරන ලද මෙම නව මධ්‍යස්ථානය තහවුරු කරනවා. නව වීසා මධ්‍යස්ථානය හරහා අපි ශ්‍රී ලංකාවේ වැඩිවන වීසා ඉල්ලුමට පහසුකම් සැලසීම පමණක් නොව ගෝලීය වීසා සැකසීමේ සහ කන්සියුලර් සේවා ලබාදීමේ විශ්වසනීය සහකරුවෙකු ලෙස විශාල පරාසයක විහිදුණු සේවා ලබාදීමද සිදු කරනවා. "