The Body Shop වෙතින් තවත් අලූත් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට

    March, 9, 2017

    The Body Shop මේ වනවිට ශ‍්‍රී ලංකාවේ දේශගුණ තත්ත්වයන්ට මැනවින් ගැළපෙන නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම මාසයේදී Fresh Nude Cushion foundation, Down To Earth eye quad palette සහ Limited edition makeup වර්ග 3 ක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත ය. කොළඹ නගරයේ දැඩි ආර්ද්‍රතාව සහිත කාලගුණ තත්ත්වයට එරෙහිව ක‍්‍රියා කරන අමුද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන නිපදවා තිබේ.

    Fresh Nude Cushion Foundation යනු ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි, දිගු වෙලාවක් පවතින සංයෝගයක් වන අතර දවසේ උෂ්ණත්වය වෙනස් වීම අනුව සමේ උෂ්ණත්වය අංශක එකකින් අඩුකිරීම සඳහා අවශ්‍ය නම් එය නැවත ආලේප කළ හැක. පැය 24 පුරාම සමට තෙතමනය ලබාදෙන මෙය කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි. මෙය ආලේප කිරීම සඳහා ඉතා කුඩා දැලක් සහිත ස්පොන්ජ් එකක් ලැබෙන අතර එමගින් මෙය විසිරී නොයන පරිදි, පිරිසිදුව හා මෘදු ලෙස මේවා ආලේප කළ හැකි වේ. Community Trade Aloe Vera සහ English rose water භාවිතා කර නිෂ්පාදනය කරන මෙය සියයට සියයක් ශාකමය නිෂ්පාදනයකි.

    Down to Earth Eyeshadow Quads සහ Eye Palette නිෂ්පාදනද ශාකසාර යොදා නිෂ්පාදනය කර ඇත. Babasu සහ තල තෙල් යොදා ඇති මෙය ඕනෑම ආකාරයේ උත්සවයක් සඳහාද භාවිතා කළ හැකි අතර පෙට්‍රෝලියම් හෝ ඛනිජ වලින් තොර මෙය සංවේදී ඇස් සහිත අයටද ඉතාමත් සුදුසු ය. අවස්ථාවට සහ වෙලාවට සුදුසු පරිදි මිශ‍්‍ර කරමින් වඩාත් ගැළපෙන සංයෝගය නිර්මාණය කරගෙන මෙය ආලේප කළ හැකි වේ.

    Limited edition makeup නිෂ්පාදන වඩාත් සුදුසු වන්නේ රාත‍්‍රී කාලය සඳහා ය. Rock the Night, Go for Gold සහ A True Romance නිෂ්පාදනවල Eye shadow palettes, Matte Lip Liquids සහ Eye Colour Sticks ඇතුළත් වේ. එමෙන්ම The Body Shop මේ වනවිට දිගු වෙලාවක් පවතින Eye shadow palettes, Matte Lip Liquids, Eye Colour Sticks සහ Colour Crush Matte Lipsticks නිෂ්පාදන පෙළක්ද හඳුන්වා දී ඇත.

    The Body Shop මගින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළ දැකබලා ගැනීම හා මිලදී ගැනීම සඳහා කොළඹ බගතලේ පාරේ පිහිටි තම ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය හෝ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් අලෙවිසල වෙත පැමිණෙන මෙන් සමාගම සියලූම දෙනාට ආරාධනා කර සිටී.