CDB රන් ණය උකස් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයාට කොළඹට නුදුරින් වටිනා ඉඩමක්

මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) ඉදිරිපත් කරන ‘CDB රන් නිදහස’ රන් ණය උකස් සේවාව මගින් පසුගිය වසරේ සංවිධානය කෙරුණු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. එහි ජයග්‍රාහිකාව වූ CDB මීගමුව ශාඛාවේ ගනුදෙනුකාරිනියකවන දකුණු කදිරාන ප්‍රදේශයේ පදිංචි සුමිත්‍රා නිර්මලී මහත්මියට කොළඹට නුදුරු පිළියන්දල ප්‍රදේශයෙන් පර්චස් 11ක් වටිනා ඉඩමක් හිමිවිය.

ඉකුත් වසරේ ජුනි 16 දා සිට මේ වසරේ මාර්තු මස 31 දා දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වූ අතර රන් ණය ගනුදෙනු සේවාව ඔස්සේ පාරිභෝගිකයන් ගනුදෙනු කරන සෑම රුපියල් 10,000ක මුදලකටම අවසාන මහා තරගය සඳහා එක් දිනුම් අවස්ථාව බැගින් හිමිවිය. ගනුදෙනු කෙරෙන රුපියල් 10,000 අගය වැඩිවනවිට ඊට අනුරූපීව දිනුම් අවස්ථා ද ලබාදුනි.

“මේක ඇත්තටම මම හීනෙකින්වත් බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. ඉඩමක් කියන්නෙ අපිට ලොකු හීනයක්. මේ වගේ සිහිනයක් සැබෑකරදීම ගැන මම  CDB ආයතනයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා” සුමිත්‍රා නිර්මලී මහත්මිය තම අදහස් පළකර සිටියාය. “CDB රන් ණය උකස් සේවාව සමඟ ගනුදෙනුකරන සෑම ගනුදෙනුකරුවෙකුටම ඉතා ඉහළ සේවාවක් හිමිවෙනවා. හිතට බරක් නැතිව ණයක් ගන්නත් පුළුවන් වුණා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සාමාජිකයිනුත් ගොඩක් සුහදශීලීව කටයුතු කරනවා” ඇය තවදුරටත් පැවසුවාය.

‘රත්තරන් ණය දෙන ඉස්තරම් තැන’ යන සන්නාම ප්‍රතිඥාව ඔස්සේ 2015 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වුණු ‘CDB රන් නිදහස’ රන් ණය සේවාව හරහා හොඳම පොලී අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවලදී ණය ලබාදීම සිදුකෙරේ. තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන CDB, රන් ණය ලබාගැනීමේදී පළමු දින දහය සඳහා කිසිදු පොලියක් අය නොකිරීම ද විශේෂත්වයකි.

රන් භාණ්ඩ සඳහා වැඩිම වටිනාකමක් හිමිවීම, අඩුම පොලිය, නම්‍යශීලී නැවත ගෙවීමේ කාලසීමාව, කාර්යක්ෂම පාරිභෝගික සේවාව, 100%ක රහස්‍ය භාවය, රන් භාණ්ඩ සඳහා පූර්ණ රක්ෂණ ආවරණය, බාධාවකින් තොර ගනුදෙනුකිරීමේ පහසුව ආදී වශයෙන් CDB වෙතින් රන් ණය ලබාගැනීමේදී ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසකි. එමෙන්ම මාස 1, 3, හෝ 12 ලෙස තමන්ට කැමැති පරිදි නැවත ගෙවීමේ කාලසීමාවක් තෝරාගැනීමේ අවස්ථාව ද පවතී. මේ සෑම ගනුදෙනුවකදීම CDB වෙතින් තිලිණයක් හිමිවීම තවත් විශේෂත්වයකි.

“මේ ඉඩම් ජයග්‍රහණ හිමිකරදීමේ ප්‍රවර්ධන වැඩසටහනත් සමඟ CDB රන් ණය උකස් සේවාව රත්තරන් ණය දෙන ඉස්තරම් තැන යන වග තවදුරටත් තහවුරු කිරීමට අපට හැකිවී තිබෙනවා. මෙම ස්වර්ණාභරණ උකස් සේවා පහසුකම හරහා හදිසි අවශ්‍යතාවයකදී කඩිනමින් මුදලක් අතට ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වාගේ මොහොතක එම ගනුදෙනුකරුවා වටිනා ඉඩමක ජයග්‍රාහකයෙක් කරවීමට ලැබීම අපටත් විශාල සතුටක්”  යනුවෙන් CDB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසීය.

ඉදිරියේදී ද මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර දියත් කරමින් CDB රන් ණය උකස් සේවාව සමඟ ගනුදෙනු කරන තවත් එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට කොළඹට ආසන්නයෙන් වටිනා ඉඩමක් තිලිණ කිරීමට CDB බලාපොරොත්තු වෙන බව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

CDB යනු මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. රට පුරා ශාඛා 69ක් සහිත CDB, ග්‍රාමීය මෙන්ම නගරබද ජනතාව වෙත ද එකසේ තම සේවා සපයයි. උසස් පාරිභෝගික සම්බන්ධතාවක් කේන්ද්‍ර කරගත් මෙම පුළුල් ශාඛා ජාලය තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමටත් සියලු ජනකොටස් වෙත ආර්ථික මෙන්ම වෘත්තීමය අරමුණු ජයගැනීමටත් සිය දායකත්වය ලබාදී ඇත. ඒ ජාතික සංවර්ධන සැලැස්මට අදාළ ඉලක්ක ජයගැනීම වෙනුවෙන් ද තම වගකීම් ඉටුකරමිනි.

 

ඡායාරූපය - වමේ සිට දකුණට

සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ඉම්ඩාඩ් නජියුබ් (සාමාන්‍යාධිකාරී තොරතුරු සන්නිවේදන හා ඊ වානිජ්‍යය) , සසීන්ද්‍ර මුණසිංහ (අධ්‍යක්ෂ/ ප්‍රධාන ණය නිලධාරී) , මහේෂ් නානායක්කාර (කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), දමිත් තෙන්නකෝන් (අධ්‍යක්ෂ/ ප්‍රධාන මූල්‍ය නිලධාරී) හා මධුරංග හීන්කෙන්ද (සාමාන්‍යාධිකාරී වත්කම් සම්භාර විකුණුම් හා ක්‍රමෝපාය සංවර්ධන) යන මහත්වරු සුමිත්‍රා නිර්මලී මහත්මියට අදාළ ඉඩම් ත්‍යාගය පිරිනැමූ අයුරු.