DHL Express සමාගම ආසියාවේ විශිෂ්ටතම බහුජාතික රැකියා ස්ථානය බවට පත් වෙයි

ලොව ප්‍රමුඛත ම ජාත්‍යන්තර එක්ස්ප්‍රස් සේවා සම්පාදකයාවන DHL Express සමාගම, අඛණ්ඩව දෙවන වසරටත් Great Place To Work ගෝලීය පර්යේෂණ සහ උපදේශන ආයතනය විසින් ආසියාවේ විශිෂ්ටත ම බහුජාතික රැකියා ස්ථානය ලෙස වර්ගීකරණය කර ඇත. මෙම නිර්නාමික සමීක්ෂණයේදී කළමනාකරණය පිළිබඳ විශ්වාසය, රැකියාව පිළිබඳ ඇති ආත්ම අභිමානය සහ මිත්‍රත්වය යන අංශ ඔස්සේ වර්ගීකරණය සිදු කෙරේ.

 

මීට අමතරව, පසුගිය ජුනි මස 28වනදා පැවති "Best Companies to Work For" සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම බහුජාතික සමාගම" ලෙස සම්මානයට පාත්‍ර වූ DHL Express Sri Lanka සමාගම, "විශිෂ්ටත ම මධ්‍යම පරිමාණ ව්‍යවසාය" අංශයේ රන් සම්මානය ද තමන් සතු කර ගැනීමට සමත් විය.

 

Great Place To Work ආයතනයට අනුව, DHL සමාගමේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයෝ සිය ආයතනය පිළිබඳ අභිමානයෙන් සහ සිය රැකියා භුමිකාව පිළිබඳ තෘප්තියෙන් යුතුව සේවයෙහි නිරත වෙති. අඛණ්ඩව තෙවන වරටත් Great Place To Work සම්මානයෙන් පිදුම් ලබමින් DHL Express Sri Lanka සමාගම, DHL සමාගමට සමස්ත ආසියාවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සිය දායකත්වය ලබා දී ඇත.

 

"සෑම දිනක ම සිය උපරිමයෙන් රැකියාවෙහි නිරත වීමේ ඉඩහසර හිමිවන සුදුසු රැකියා පරිසරයක් ගොඩනැගීම කෙරෙහි අප නිබඳව අවධානය යොමු කරනවා. අපගේ සෑම මෙහෙයුම් කටයුත්තකදී ම කාර්යමණ්ඩල සාමාජිකයන් ඊට සම්බන්ධ කර ගනිමින් ඔවුන් හට වඩාත් හොඳින් රැකියාව තුළ සහ පෞද්ගලික ජීවිතය තුළ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා අප සහයෝගය ලබා දෙනවා. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයත්, ඔවුන්ගේ රැකියාව පිළිබඳ ඇති ආත්ම අභිමානයත්, අප ඔවුන්ගේ ප්‍රමුඛත ම සේවා යෝජකයා බවට පත්ව ඇති බවත් මෙවැනි ජයග්‍රහණ හරහා යළි-යළිත් සනාථ වනවා." DHL Express සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය.

 

DHL Express Sri Lanka සමාගම කාර්යමණ්ඩල සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවයි. සමාගමේ ක්‍රියාවලීන් සහ සේවා වැඩිදියුණු කිරීම සඳහා සේවකයන්ගේ අදහස් දැන ගැනීම ඉලක්ක කර ගනිමින් විටින් විට නිර්නාමික සමීක්ෂණ ද දියත් කෙරේ.

 

"මෙය DHL Express සමාගම ආසියාවේ විශිෂ්ටත ම රැකියා ස්ථානය බවට පත් වූ දෙවන අවස්ථාවයි. ශ්‍රී ලාංකේය කාර්යමණ්ඩල සාමාජිකයන් අප සමාගම කෙරෙහි දක්වන ළෙන්ගතු බව මෙමගින් තවදුරටත් තහවුරු වනවා. සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාර්යමණ්ඩල සාමාජිකයන් හට ප්‍රමුඛතාව ලබා දීම අපගේ විශේෂත්වයයි" යනුවෙන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් DHL Express Sri Lanka සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී තාරක ද සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ සිය සමාගම අත්පත් කර ගත් විශිෂ්ට ප්‍රතිඵල ආසියාවේ විශිෂ්ටයා බවට පත් වීමට විශාල සාධකයක් බවට පත් වීම පිළිබඳ තමන් විශේෂයෙන් සතුටු වන බවය. "අප සෑම විටම කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ තෘප්තිමත් භාවය ඉහළින් පවත්වා ගැනීමටත් ඔවුන්ගේ කුසලතා කළමනාකරණය කළ හැකි සවිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීමටත් සමත්ව සිටිනවා. අපගේ රට ලෝකය වෙතට ගෙන යමින් කලාපීය වශයෙන් සහයෝගිතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා"

 

Great Place Work ආයතනය සියලු ක්ෂේත්‍රවල සමීක්ෂණ, ආයතනික ප්‍රමාණ සහ භූගෝලිය පිහිටීම් පිළිබඳ වසර 30කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. එම ආයතනය විසින් 2017 වසරේ ආසියාවේ විශිෂටත ම බහුජාතික රැකියා ස්ථාන 10 පිළිබඳ වාර්තාවට අනුව එම සමාගම්වල කාර්යමණ්ඩල සාමාජිකයන් අඛණ්ඩව ධනාත්මක ආකල්ප දරන, සිය ඉහළ නිලධාරීන් කෙරෙහි විශ්වාසය තබන, තමන් සමග සේවයෙහි නිරත අනෙකුත් සාමාජිකයන් සමග සුහදව කටයුතු කරන සහ තමන්ගේ රැකියාව පිළිබඳ ආත්ම අභිමානයක් සහිත පිරිසක් බව පෙන්නුම් කර ඇත.