DP Kids  – ධම්මික පෙරේරාගෙන් දැයේ පොඩිත්තන්ට ඔන්ලයින් ගුරුගෙදරක්

    October, 9, 2020

    ළමුන් අතර අධ්‍යාපන විශිෂ්ඨත්වයට සහාය ලබාදීමක් වශයෙන් මානවහිතවාදීයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනමහරහා DP Kids නම් අලූත්ම ආකාරයේ මූලාරම්භයක් දියත් කරනු ලැබීය. එකී මූලාරම්භය, එම මහතාගේ පුරෝගාමීත්වයෙන් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් සැකසු DP Education හා DP Digital University මාර්ගගත වේදිකාවන්ගේ ව්‍යාප්තියේ තවත් කොටසකි.

    DP Kids, ප‍්‍රමුඛ අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Age of Learning, Inc හා සහයෝගයෙන් කටයුතු කළ අතර ළමා මනෝ විද්‍යාව හා කලා අන්තර්ගතය පිළිබඳ හැසිරීම අධ්‍යනය කර විශ්ලේෂණය කළ මුල් ළමාවිය අධ්‍යාපන විශේෂඥයින් සහ වෘත්තිකයන් විසින් විශේෂයෙන්ම ළමුන් සඳහා නිර්මානය කරන ලද ඔවුන්ගේ ගෝලීය අධ්‍යාපන මූලාරම්භයන් සහ විෂයමාලා ප‍්‍රසිද්ධියට පත්කර තිබේ. ලොව පුරා සිටින පෙර බාලාංශ, බාලාංශ හා මුල් ප‍්‍රාථමික පාසල් ළමුන් සඳහා සපයා ඇති ABCmouse.com ඔවුන් ලබාදුන් මුල් ළමාවිය සම්පත් අතරින් එවැනි ප‍්‍රසිද්ධියට පත් මූලාරම්භයකි.

    DP Kids, USP Studios චිත‍්‍රාගාරය සමඟද සහයෝගයෙන් කටයතු කළ අතර එම චිත‍්‍රාගාරය ඉගෙනීම විනෝදජනක ක‍්‍රියාකාරකමක් බවට පත්කිරීම සඳහා නිර්මාණය කර ඇති සජීවීකරණය කරන ලද චරිත 50කට අධික සංඛ්‍යාවකට නිවහන බවට පත්ව තිබේ. USP Studios චිත‍්‍රාගාරය ලොව පුරා සිටින හොඳම ළමා වීඩියෝ අන්තර්ගතනිෂ්පාදකයන් තිදෙනා අතුරින් එකකි.

    එවැනි වාතාවරණයක් තුළ DP Kids විසින් ශී‍්‍ර ලංකාවේ ළමුන්ට මෙම සම්පත් සමඟ ගෝලීය සන්නාමයක් නොමිලේ පිරිනමනු ඇත. DP Kids හි අභිමථාර්ථය බවට පත්ව ඇත්තේ වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් මිලියන 1.32 අතරින් අවම වශයෙන් 20%ක් එනම් 264,000ක් මෙම වේදිකාව හරහා පෙර පාසල් අධ්‍යාපනය හැදැරීම තහවුරු කිරීමයි.

    ශ‍්‍රි ලංකාවේ සංස්කෘතීන් හා සම්ප‍්‍රදායන් අමතක නොකරමින් දේශීයව පිළිගත් අන්තර්ගතයන් මත මෙය ගොඩනැඟීම සඳහා අප මෙරට සිටින ප‍්‍රසිද්ධ ගායකයින්, ලේඛකයින්, චිත‍්‍රාගාරශිල්පීන් හා සජීවීකරණශිල්පීන් හා සම්බන්ධ වූ බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

    ජාත්‍යන්තර තත්ත්වයේ අධ්‍යාපන සම්පත් මෙරටට රුගෙන ඒමට ලැබීම පිළිබඳ අප ආඩම්බරයට පත්වන තරමටම මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීමට දේශීය ජනමාධ්‍ය හා විනෝදාස්වාද ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ වීරයන් ඉටු කළ කාර්යභාරය අවධාරණය කරන්නට අප කැමැත්තෙමු. අපගේ ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත්වෙමින්, ළමා සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වන දිවංගත සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇගේ අවසන් කාර්යය ලෙස DP Kids වෙනුවෙන් වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් සඳහා සාම්ප‍්‍රදායික ගීත ලිවීමේ හා චිත‍්‍ර ඇඳීමේ කාර්යයයේ නිරත විය. පසුව ඇයගේ පවුලේ අය විසින් එය සම්පූර්ණ කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් සංගීතය මුසුකළ එය ඩිජිටල් ගීත පොත් දෙකක් ආකාරයෙන් සපයනු ඇත.

    ශ‍්‍රී ලංකාවේ දේශීය සංස්කෘතීන් හා සම්ප‍්‍රදායන් පිළිබිඹු කරන විශේෂයෙන්ම DP Kids හා පෙර පාසල් ගීතවල ත‍්‍රිමාණ සජීවීකරණ වීඩියෝ සඳහා දේශීයකරණය වූ සජීවීකරණ චරිත 7ක් අපට ලබාදුන් ප‍්‍රමුඛ පෙළේ දේශීය සජීවීකරණ ශිල්පීන් සමඟ අප සමීපව කටයුතු කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහාම විශේෂයෙන් කලා ශිල්පීය වීඩියෝ නිර්මාණය කිරීමේදී සුප‍්‍රසිද්ධ මාධ්‍ය සමාගමක් සමඟද කටයුතු කළ අතර එමඟින් ළමුන්ට ඔවුන්ගේ බුද්ධිමය කුසලතා වැඩිදියුණු කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.

    DP Kids හි ප‍්‍රකාශකයෙකු අදහස් දක්වමින් දරුවෙකුගේ පූර්ව ළමාවිය යනු ඔහුගේ හෝ ඇයගේ අනාගත සංවර්ධනය සඳහා පදනමයි. එමඟින් බුද්ධිමය කුසලතා හා සමාජීය සංවර්ධනය ඇතුළුව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ සහ ඉගෙනීමේ හැකියාවන් සඳහා ශක්තිමත් පදනමක් සපයනවා. දීර්ඝකාලීනව සාර්ථක ලෙස සිදුකළ පර්යේෂණ මඟින් දරුවෙකුගේ අනාගත සාර්ථකත්වය ගොඩනැඟීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අවධාරණය කර තිබෙනවා. මෙම චින්තනය සමඟ ශ‍්‍රී ලංකාවේ විවිධ පසුබිම්වල පසුවෙන ළමුන්ට ගාස්තු රහිත ආරක්ෂාකාරී හා සුරක්ෂිත මාර්ගගත අධ්‍යාපන පරිසරයක් තුළ ලෝක මට්ටමේ සම්පත් වෙත ප‍්‍රවේශ විය හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා

    වැඩිදුර විමසීම් හෝ තොරතුර සඳහා කරුණාකර අපගේ www.dpkids.lk DP Kids නිල වෙබ් අඩවියට හෝ DP Kids YouTube චැනලයට පිවිසෙන්න. නැතහොත් info@dpfoundation.org.lk විද්‍යුත් තැපෑලට යොමුකිරීමෙන්ද ලබාගත හැකිය.