“Free Internet Expert” සේවාව සමඟ Mobitel අන්තර්ජාල පහසුකම ඔබේ දොරකඩට රැගෙන එයි

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන Mobitel සමාගම  Internet Expert නමින් සුවිශේෂි සේවාවක් හඳුන්වා දෙයි. Mobitel  4G Wi-fi රවුටර් සමග පසු ගෙවීම් අන්තර්ජාල පැකේජ, පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගෙනවිත් දීම වෙනුවෙන් මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.  Internet Expert දොරකඩටම රැගෙන ඒමේ සේවාව ගෙන එනුයේ ඔබේ 4G අන්තර්ජාල සබඳතාව පමණක් නොවේ. එය රවුටරය සහ සම්බන්ධතාව සකස්  කර ගැනීමට ඔබට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබා දීම ද සිදු කරනු ලබයි. තම පාරිභෝගික අවශ්‍යතාවයන් අනුව විසඳුම් සැපයීමට Mobitel සමාගම පසු ගෙවුම් අන්තර්ජාල පැකේජ රැසක් හඳුන්වා දී ඇති අතර, එහිදී තමන් කැමති පැකේජය තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිව ඇති අතර, තෝරාගත් පසු ගෙවුම් අන්තර්ජාල පැකේජය මත පදනම්ව නොමිලයේ 4G Wi-fi රවුටරය තම අභිමතය මත තෝරා ගැනීමේ හැකියාවද ඔවුනට ලැබී තිබේ.

 

සංවේදී ජංගම දුරකථන ජාලයක් ලෙස Mobitel මෙම නව සේවාව හඳුන්වා දී ඇති අතර Mobitel 4G වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය  ඕනෑම කෙනෙකු දැන් කල යුත්තේ Mobitel හි 1717 යන ක්‍ෂනික දුරකථන අංකයට ඇමතුමක් දී වෙන්කරවා ගැනීමක් සිදු කිරීම පමණි. අනතුරුව  Internet Expert පාරිභෝගිකයා විසින් ලබා දෙන ලද ලිපිනයට රවුටරය හා පැකේජය රැගෙන පැමිණෙනු ඇත.

 

පාරිභෝගිකයින් විමසන  ඕනෑම අන්තර්ජාලය හා සම්බන්ධ ගැටළුවලට  Internet Expert විසින් පිළිතුරු ලබා දෙන අතර රවුටරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ  පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමද ඔහු විසින් සිදු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය දැනුමෙන් ඔවුන් උපරිමයට සන්නද්ධ වී සිටිනුයේ තාක්‍ෂණික අංශ පිළිබඳ විශේෂඥතාවක් සහිතවය. ගැටළුවක් මතු වූ විට තම නිවස සිටම පහසුවෙන් එය යළි සකස්කර ගැනීමේ හැකියාව මෙය ගණුදෙනුකරුවාට ලබාදෙයි. Mobitel සමාගම අලෙවි කරන විවිධ මාදිලි තුනක  4G Wi-fi රවුටර් සඳහා මෙම සේවාව පිරිනමනු ලබයි. එසේ පිරිනමා ඇති 4ඨ උස-සෙ රවුටර් අතර, ගමන් කරන අතරතුර දී භාවිතා කල හැකි Huawei E8372 H Wi-fi වින්ගලය ද ඇතුලත් වේ. ඩොංගොලයක් වන එය Wi-fi රවුටරයක් ද වෙයි. තනිව භාවිතා කළ හැකි Huawei E 5573 නැමැති බැටරි බලයෙන් ක‍්‍රියාත්මක Wi-fi රවුටරය ද මෙම සේවාවට ඇතුළත් විය. මීට අයත් අනෙක් රවුටර් වර්ගය වනුයේ මේසය මත තැබිය හැකි රවුටරයක් වන B 310 S Wi-fi රවුටරය වන අතර, එය ඔබේ නිවසට මෙන්ම කාර්යාල පරිශ‍්‍රයට ද සම්බන්ධතාවය සපයනු ලබයි.

 

අන්තර්ජාලය හා සම්බන්ධ වීම වර්තමාන යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙන අතර එසේ සම්බන්ධ වීම තුල අන්තර්ජාලයේ ඇති දැනුම් වෙත ප‍්‍රවේශවීමේ හැකියාව භාවිතා කරන්නන්ට ලබා දෙනුයේ එදිනෙදා ජීවිතය පහසු කරලමිනි. නිවසේ Wi-fi සම්බන්ධතාවයක් පැවතීම, පාරිභෝගිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, සම්බන්ධතාවයකට ඉඩසලසමින් නිවස තුල බහු විධ උපාංග ඔස්සේ පවුලේ සියළු අවශ්‍යතාවන් වෙනුවෙන් අන්තර්ජාල සේවාවන් භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි.

 

මෙම සේවාව භුක්ති විඳීම සඳහා ඔබ කල යුත්තේ Mobitel හි ක්‍ෂණික දුරකථන අංකය වන 1717 ට ඇමතුමක් ලබා දී ඔබට පහසු වේලාවක  Internet Expert ට ඔබේ නිවසට පැමිණෙන ලෙස ඉල්ලීමක් කිරීම පමණි.