GSP+ නොමැතිව අපට පමණක් ඇඟලූම් ක්ෂේත‍්‍රය තනිව නංවාලිය නොහැකියි

August, 9, 2021

ජීවිත් සේනාරත්න විසිනි

මෙරට සමස්ත අපනයනයන්ගෙන් 47%ක් පමණ වන ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය මෙන්ම 17%ක් පමණ වන කාර්මික රැකියාවන් අප රටෙහි ආර්ථික දියුණුව හා යහ පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයිි. ඒ නිසාම එම කර්මාන්තයන්හි ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජාතික ප‍්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය.

එවන් තත්වයක් තුළ ප‍්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සමඟ ශ‍්‍රී ලාංකේය සබඳතා මනාව කළමනාකරණය කිරීම ඉතාම වැදගත්ය. එහිදී විශේෂයෙන් අප සමඟ ව්‍යාපාර සිදු කිරීමට වැඩි සැලකිල්ලක් දක්වන යුරෝපා සංගමය වැනි සංවිධාන කිහිපය සමඟ වන සබඳතාවයන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත.

අපගේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොලක් ලෙස පෙන්වා දිය හැකි යුරෝපා සංගමය මගින් ලබා දී ඇති වරණීය ගාස්තු ක‍්‍රමයක් වන සාමාන්‍යකරණය කරන ලද මනාප ක‍්‍රමය හෙවත් GSP ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොල තරගකාරීත්වයට මෙන්ම ඇඟලූම් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලබයි. එවන් වැදගත් කමක් සහිත අප සතු දෙවන විශාලතම අපනයනය වෙළෙඳපොල අහිමි කර ගැනීම අති විශාල පාඩුවකි. අප එය අහිමි කර නොගත යුතු වුවද අද වන විට එය අහිමි වී යාමේ අවදානමක් උද්ගතව ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය.

පවතින තත්වය පිළිබඳ සාරාංශයක් මෙසේ දැක්විය හැකියි. ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය අත්හිටුවීම පිළිබ`දව සලකා බලන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින ලදී (පහත ජේද කිහිපයකදී එය තව දුරටත් පැහැදිලි කොට ඇත). 2010 වසරේදී ප‍්‍රථම වරට අත්හිටවූ GSP+ සහනය නැවත යථා තත්වයට පත් කරනු ලැබුවේ 2017 වසරේදීය. යුරෝපා සංගමය ආර්ථික මූලික කොටගනිමින් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කළද ඊට වෙනස් ආකාරයෙන් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරනු ලබන යුරෝපා පාර්ලිමේන්තුව මූලික වශයෙන් අදාල ගණනය කිරීම් සිදු කරනු ලබන්නේ දේශපාලනික සාධක පදනම් කර ගනිමිනි.

මෙහිදී ඉතා වැදගත්ම සාධකය වන්නේ කාලයයි. දැනට ක‍්‍රියාත්මක GSP නියමයන් 2023 දෙසැම්බර් 31වන දින වන විට කල් ඉකුත්වීමට නියමිත අතර එම යෝජනාව අලූත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාලෝචනයන් සිදු කරමින් පවතී. මෙය ශ‍්‍රී ලංකාවට තවදුරටත් වැදගත් වන්නේ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය පිවිසීමට බලාපොරොත්තු වන ජපාන හා ඕස්ටේ‍්‍රලියා වෙළෙඳපොල දෙකද යුරෝපා සංගමය ආදර්ශයට ගනිමින් GSP යෝජනාවන් හඳුන්වා දී තිබීමයි. ඒ අනුව යුරෝපා කොමිසම විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් ජපාන හා  ඕස්ටේ‍්‍රලියා වෙළෙඳපොල සැලසුම් සඳහා ද නිසැකවම බලපෑම් එල්ල කරනු ඇත.

එපමණක් නොව මෙම GSP+ සහනයන් ආරක්ෂා කර ගැනීමට තවත් හේතු සාධක රැසක් මෙහිදී සඳහන් කළ හැකිය. ඇඟලූම් කර්මාන්තය විසින් හිමි කර දී ඇති ආර්ථික ප‍්‍රතිලාභ, ඒ මගින් නිර්මාණය කර ඇති රැකියා ප‍්‍රමාණය, රට පුරා ආර්ථික ප‍්‍රගමනය වෙනුවෙන් එහි බලපෑම, ඇඟලූම් කර්මාන්ත පිහිටුවා ඇති ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශයන් අතර ආදායම් අවම වීම මෙන්ම ඇඟලූම් කර්මාන්තය කෙරෙහි වන කාන්තා සහභාගීත්වය විශාල ලෙස ඉහළ නැංවීම තුළින් ඔවුන්ගේ ශ‍්‍රම බලකාය ඉහළ නැංවීම එවන් හේතු කිහිපයකි.

2020 වසරේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් 59%ක්ම ඇඟලූම් වීමද මෙහි විශේෂත්වයකි. එම වසරේ ඩොලර් බිලියන 7.7ක් වූ විදේශ විනිමයෙන් ඩොලර් බිලියන 4.4ක් ම සපයා දීමට ඇඟලූම් කර්මාන්තය සමත් වූයේ දළ දේශීය නිෂ්පාදිතයේ 5.5% ක දායකත්වයක්ද ලබා දෙමිනි. මෙරට රැකියා වියුක්තියට විසඳුමක් එක් කරමින් මේ වන විට 350,000ට අධික පිරිසකට ඍජු රැකියා හිමි කර දී ඇති ඒ තුළින් උත්පාදනය කර ඇති වක‍්‍ර රැකියා ප‍්‍රමාණය ඍජු රැකියා ප‍්‍රමාණය මෙන් දෙගුණයකි. එමෙන්ම සමස්ත කර්මාන්තය තුළ ශ‍්‍රමිකයින්ගෙන් 76%ක පිරිසක් කාන්තාවන් වීම තුළින් 34%ක කාන්තා දායකත්වයක් ජාතික ශ‍්‍රම බලකාය වෙත ලබා දීමටද මෙරට ඇඟලූම් කර්මාන්තය සමත්ව ඇත.

 

දත්ත විශ්ලේෂණ හා සූක්ෂම දත්ත තොරතුරු පිළිබඳ සමාගමක් වන කන්ටර් විසින් 2018 වසරේදී සිදු කරන ලද අධ්‍යයනයක් තුළින් හෙලි වූයේ ඇඟලූම් කර්මාන්ත සේවකයින් එම කර්මාන්තය සමඟ සම්බන්ධ වීම පිළිබඳව මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම හා ඔවුන්ට ආර්ථික ස්වාධීනත්වයක් හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. එමෙන්ම ගමේ සිට නගරයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවන් වෙත සේවයට යන පුද්ගලයන්ගේ ආදායම මෙරට ග‍්‍රාමීය ආදායම ඉහළ නැංවීමට මෙන්ම ග‍්‍රාමීය දරිද්‍රතාව සැලකිය යුතු ලෙස අවම කිරීමටද හේතු වන බව එම අධ්‍යයනය තුළින් හෙලි විය.

GSP යනු කුමක්ද, එය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් තුළින් එම සහනය තවදුරටත් තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව මනාව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. GSP+ යනු අවදානම් සහිත, අඩු සහ පහළ ආදායම් ලබන රටවල තිරසාර සංවර්ධන සහ යහ පාලනය අරමුණු කොටගත් විශේෂ දිරි ගැන්වීමේ විධි ක‍්‍රමයක් ලෙස සරලව පැහැදිලි කළ හැකිය. රටක ආනයන හා ආර්ථික විවිධාංගීකරණය පදනම් කර ගනිමින් එහි අවදානම තක්සේරු කරනු ලබයි.

ශ‍්‍රී ලංකාව හැරුණු විට තවත් රටවල් 7ක් විසින් මෙම GSP+ සහනය ලබා ගෙන ඇති අතර එම සහනය ලබා ගැනීමට නම් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම මෙන්ම යහපාලනය ඇතුළු මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක‍්‍රියාත්මක කළ යුතුය. සාමාන්‍ය GSP සහනයන් ලබා දීමේදී GSP+ සහනය ලබා දී ඇති රටවල්හි නිෂ්පාදන සඳහා රේගු බදු 0% ක් දක්වා අඩු කිරීමට යුරෝපා සංගම කටයුතු කරනු ලබයි. ඒ යටතේ යුරෝපා සංගමයට අයත් රටවල් වෙත නිෂ්පාදන අපනයනය කිරීමෙන් 2019 වසරේදී ශ‍්‍රී ලංකාව දළ වශයෙන් ඩොලර් බිලියන 1.9ක පමණ ලාභයක් අත්පත් කරගෙන ඇත.

GSP+ යටතේ යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කළ යුරෝ බිලියන 184ක නිෂ්පාදනයවලින් 48%ක් ඇඟලූම් නිෂ්පාදනයන් බව යුරෝපා සංගමයේ 2019 වාර්ෂික වාර්තාව සඳහන් කරයි. යුරෝපීය වෙළෙඳපොලට පිවිසීමේදී තරගකාරී ආකාරයෙන් කටයුතු කිරීමට GSP+ සඳහා සුදුසුකම් ලැබීම කෙතරම් වැදගත්දැයි ඉහත වාර්තාවන් තුළින් මනාව පිළිබිඹු වේ.

අප ඇඟලූම් කර්මාන්තය තුළ භාවිත කරනු ලබන අමුද්‍රව්‍යවලින් අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් ආනයනික අමු ද්‍රව්‍යයයි. එහෙයින් යුරෝපා සංගමයේ වත්මන් නීති රීතිවලට අනුව 2019 වසරේදී ලබා ගත් ඩොලර් බිලියන 1.2ක තීරු බදු රහිත ප‍්‍රතිලාභ ලබා ගැනීමට අපට නොහැකි වනු ඇත. එම ශුන්‍ය බදු ප‍්‍රතිලාභ හේතුවෙන් 2019 වසරේදී ඩොලර් මිලියන 586ක්  හෙවත් ආදායමෙන් 42%ක ප‍්‍රතිශතයක් අපට හිමි විය.

ඊට ප‍්‍රධාන හේතුව වන්නේ අප නිෂ්පාදන සඳහා ආනයනය කරනු ලබන අමුද්‍රව්‍යවලින් විශාල කොටසක් ඇඟලූම් සඳහා භාවිත කිරීමයි. GSP+ හි ‘ආරම්භක රට’ (country of origin) නීති යනුවෙන් කොන්දේසි පනවා ඇති අතර ඒ හේතුවෙන් තීරු බදු රහිත ප‍්‍රතිලාභ හිමි කර ගත හැක්කේ නිෂ්පාදිතය සඳහා සාක් කලාපීය රටකින් ලබාගත් රෙදිවලින් පමණකි. එසේ නොවීම නිසා මෙරට ඇඟලූම් කර්මාන්තයට එම ප‍්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද පවතී.

මේ හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කළ ව්‍යාපෘතියක් වන එරාවුර්හි ඉදිකිරීමට නියමිත රෙදි සැකසුම් මධ්‍යස්ථානය GSP+ සහනය ලබා ගැනීමේදී ඉදිරියේදී වැදගත් වනු ඇත. එම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු ආනයනය කරනු ලබන රෙදි අමුද්‍රව්‍ය වෙනුවට ශ‍්‍රී ලංකාවෙන්ම අමුද්‍රව්‍ය සපයා ගැනීමට හැකියාව උදා වේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා මේ වන විට රජය තීරණය කොට ඇති අතර එය ඇඟලූම් නිෂ්පාදකයාට සුවිසල් අස්වැසිල්ලක් වනුයේ GSP+ වැඩි වශයෙන් භාවිත කිරීමේ අවස්ථාව සලසා දෙන බැවිනි. මෙම ව්‍යාපෘති කලාපය තුළ මධ්‍යම අපජල පවිත‍්‍රාගාරයක්ද පිහිටා තිබීම එහි ආයෝජකයන්ට වැඩි වටිනාකමක් එක් කිරීමටද හේතුවක් වනු ඇත.

අවම වශයෙන් සැලකීමේදී ආධුනිකයන් ලෙස ශ‍්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත සිදු කරන අපනයන්යන් GSP+ නොමැති වීම හේතුවෙන් 9.5%කට වඩා මිල ඉහළ යනු ඇත. ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් දැනටමත් අනෙකුත් තරගකරුවන්ට වඩා මිල අධික වීම මත මෙම වැඩිපුර අය කර ගැනීම සිදු වේ.

ඇඟලූම් වෙළෙඳපොලෙහි සමහර තරගකාරී රටවල් මෙන් පිරිවැයකට තරගකාරී වීම වෙනුවට 2019 වසරේදී ඇඟලූම් අපනයනය තුළින් උපයාගත් ඩොලර් බිලියන 5.3 ක් (අමුද්‍රව්‍ය ආනයන වියදම් අඩු කිරීමෙන්) හෝ 52%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අගය එකතු කිරීම කෙරෙහි අපගේ ඇඟලූම් කර්මාන්තය අවධානය යොමු කරනු ලබයි. එරාවුර්හි ඉදිවන රෙදි නිෂ්පාදන ව්‍යාපෘතිය වැනි උපාය මාර්ගික මූලාරම්භයන් සමග 65%ක අගය එකතු කිරීමක් නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන තුළින් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ වුවද වරණීය වෙළෙඳ ගිවිසුම් පැවතීම තුළින් රෙදි පිළි උද්‍යාන ව්‍යාපෘතිය වැනි ව්‍යාපාරයන්හි ශක්‍යතාව හරහා ආයෝජකයන්ට එහි සම්පූර්ණ ප‍්‍රතිඵල අත් කර ගැනීමට හැකි වනු ඇත.

GSP+ යනු ඇඟලූම් සම්බන්ධ ගැටළුවක් පමණක් නොවේ. ශ‍්‍රී ලංකාව විසින් යුරෝපා සංගමයට සිදු කරන ලද සමස්ත අපනයන (2019 වසරේදී ඩොලර් මිලියන 691ක්) හා සැසඳීමේදී ඇඟලූම් කර්මාන්තය සඳහා GSP+ භාවිත වන්නේ 42%ක් පමණකි. ඊට අමතරව අපනයනය කරනු ලබන රබර් ( 96%), මුහුදු ආහාර (99%), සකස් කළ ආහාර (96%), තේ සහ කුළු බඩු (70%) යනාදී නිෂ්පාදනයන් ඇඟලූම්වලට වඩා වැඩි ප‍්‍රතිශයක් යුරෝපීය වෙළෙඳපොල වෙත අපනයනය කරනු ලබන අතර ඒ සඳහා ඇඟලූම්වලට වඩා වැඩි ප‍්‍රතිලාභයක්ද හිමි වේ.

මෙහිදී සඳහන් කළ යුතු තවත් එක් කරුණක් වන්නේ සමාගම් සිය නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් එක් කිරීමට කටයුතු කිරීම නිසා GSP+ භාවිතය ඉහළ නැංවීමට උත්සාහ කරන බැවින් නිෂ්පාදන විවිධාංගීකරණයට ද GSP+ සහනය වැදගත් වන බවයි.

එමෙන්ම එරාවුර් වැනි ව්‍යාපෘති විදේශ ආයෝජන වැඩි ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමටද විශේෂයෙන් හේතු වේ. ඒ හේතුවෙන් ඇඟලූම් නිෂ්පාදකයන් විසින් සියලූ මෙහෙයුම් එක් කරගනිමින් නවෝත්පාදන හා තාක්ෂණික හැකියාවන් සංවර්ධනය සඳහා ආයෝජනය කරනු ලබයි. ඒ මගින් අගය එකතු කිරීම තවදුරටත් ඉහළ යන අතර ඒ තුළින් අනාගතයේදී නව වෙළෙඳපොල වෙත පිවිසීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම GSP+ වැනි වරණීය වෙළෙඳ ගිවිසුම් සමඟ කටයුතු කරන තෙක් එවැනි ආයෝජන වෙනුවෙන් වන දිරි ගැන්වීම් නිරන්තරයෙන් සිදු වනු ඇත.

ඉහත සඳහන් කළ GSP+ තුළින් ලැබෙන සියලූ ප‍්‍රතිලාභයන් පිළිබඳව සැලකීමේදී වසංගතයට එරෙහිව සටන් කරමින් අවිනිශ්චිත ගෝලීය තත්වයක් වෙත මුහුණ දී සිටින මෙවන් තීරණාත්මක අවස්ථාවක GSP+ සහනය නොමැති වීම රටක් ලෙස ශ‍්‍රී ලංකාවට ඉතා අහිතකර විය හැකි අතර එය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කිරීමටද හේතුවක් වනු ඇතැයි සිතිය හැකිය. එසේම එය පසුගිය වසර කිහිපය පුරා රටක් ලෙස දැරූ මහත් පරිශ‍්‍රමය ආපසු හැරවීමක් ද විය හැකිය.

ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් ඒ වෙත අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මේ හේතුවෙන් අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනක් විවිධාකාර තර්ජනයටන්ට මුහුණ දෙනු ඇති බවයි. විශේෂයෙන් රැකියා අහිමි වීම හරහා ග‍්‍රාමීය මෙන්ම නාගරික පවුල් හා ප‍්‍රජාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීම නොවැලැක්විය හැකි කරුණක් වනු ඇත.

මෙහිදී ඇඟලූම්වලට පමණක් නොව අනෙකුත් අපනයන නිෂ්පාදනයන් වන තේ, රබර් හා සැකසූ ආහාර වැනි අනෙකුත් කර්මාන්තයන්වලටද GSP+ සහනය අහිමි වන අතර ඒ හරහා අපගේ අපනයන විවිධත්වය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතී. ඒ තුළින් අප දැවැන්ත සාර්ව ආර්ථික කඩා වැටීමකට ලක් වන අතර කෙටි හා මධ්‍ය කාලීනව ප‍්‍රාග්ධන ආදායමට බලවත් පහරක් එල්ල වනු ඇත. එමෙන්ම කලාපයේ අනෙකුත් රටවලට ඒ වෙත පිවිසීමේ හැකියාව ඇති අතර එය නැවත යථා තත්වයට පත් කර ගැනීමද අතිශය දුෂ්කර වනු ඇත.

එහෙත් අපට සත්‍ය වශයෙන්ම GSP+ සහනය අවශ්‍ය නොවන බව සමහරුන්ගේ විශ්වාසයයි. ගෝලීය වෙළෙඳාම යනු බොහෝ දෙනා සිතන ආකාරයේ සරල ක‍්‍රියාවලියක් නොවේ. ගෝලීය වෙළෙඳපොල වෙත පිවිසීම පරිපාලනය සඳහා  නිදහස් වෙළෙඳ ගිවිසුම් හා අපනයන යෝජනා ක‍්‍රම ඇතුළු බොහෝ දේ අන්තර්ගත වන අතර අනෙක් සියලූ දේට වඩා වැදගත් වන්නේ යුරෝපීය බැංකු අවසරයයි.

 

ගෝලීය ඇඟලූම් නිෂ්පාදනයන්ගෙන් 65%කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ආසියාවයි. ඒ අතර වෙළෙඳපොල දැවැන්තයින් වන බංග්ලාදේශය, චීනය පමණක් නොව වියට්නාමය වැනි ශක්තිමත් රටවල් මෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය වැනි තරගකාරී පිරිවැය සහිත රටවල්ද, මැලේසියාව හා ඉන්දුනීසියාව වැනි මූලාශ‍්‍ර රටවල්ද වේ. ඒ අනුව ඉදිරි දශක දෙක තුළ ආසියාව ඇඟලූම් නිෂ්පාදනයේ ප‍්‍රමුඛස්ථානයක් ගනු ඇති බව අධ්‍යනයන් තුළින් පෙනී යයි. මේ ආකාරයේ සුවිශේෂී ප‍්‍රතිලාභ සහිත වාතාවරණයක් තුළ ශ‍්‍රී ලංකාවට ඇති වාසි සහගත තත්වයන් අහිමි කර ගැනීම කිසිසේත් නොකළ යුතුය.

ඇඟලූම් කර්මාන්තය තුළ GSP+ අහිමි වීම යනු ඒ සඳහා  වන සීමාවන් පටු වීමක් හෝ ලිහිල් වීමක් නොවේ. එය සීමාවන් තනිකරම අතුගා දැමීමකි. එනම් ඒවා ඉවත් කිරීම හා ශ‍්‍රී ලංකාව සතු දෙවන විශාලතම අපනයන වෙළෙඳපොලට පිවිසීමේ හැකියාව අහුරා ලීමකි.

එසේ වන්නේ GSP+ අහිමි වීම හේතුවෙන් මෙරට අපනයනයන් අනෙකුත් සමාන රටවල අපනයනයන්ට වඩා 9.5%කින් මිල ඉහළ යාම හේතුවෙනි. අපගේ ආසන්නතම තරගකාරී රටවල් වන බංග්ලාදේශය, කාම්බෝජය, පාකිස්ථානය හා වියට්නාමය වැනි රටවලට GSP+ සහනය හෝ වෙනත් වරණීය වෙළෙඳ ගිවිසුම් සඳහා වැඩි අවස්ථාවක් ඇති තත්වයක් තුළ GSP+ අහිමි වීම තුළින් ශ‍්‍රී ලංකාවට සිදු වන්නේ අසමාන තරග බිමක තරග කිරීමට පමණි.

මේ වසරේ ජූලි මස මුලදී විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය මගින් සඳහන් කළේ ශ‍්‍රී ලාංකේය බලධාරීන් විසින් GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ සාකච්ඡුා ආරම්භ කර ඇති බවයි. එහිදී රජයේ නිලධාරීන් යුරෝපා සංගම් නිළධාරීන් සමඟ GSP+ ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පවත්නා කොන්දේසි ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡුා කිරීමට තමන් කටයුතු කරන බව පවසා සිටියහ.

රට තුළ පවතින වෙළෙඳ ගිවිසුම් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමටත් ශ‍්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ඒ සඳහා සූදානම් කිරීමට මෙන්ම තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් යුරෝපා සංගමයේ අවස්ථාව ලබා ගත යුතු යැයි විශ්වාස කරන මෙරට අපනයන කර්මාන්තය සන්නද්ධ කිරීමටත් මේ ආකාරයේ කඩිනම් පියවර ගත යුතුව ඇත.

මේ තත්වය තුළ ශ‍්‍රී ලංකාවට තමන්ගේ අපනයන වෙළෙඳපොල සකස් කර ගනු ඇති අතර හොඳම ගෝලීය භාවිතයන් වන අප සතු වර්ධනය වෙමින් පවතින තාක්ෂණික හැකියාවන්, ආචාර ධාර්මික නිෂ්පාදන, අමු ද්‍රව්‍ය හා තිරසාර නිෂ්පාදන භාවිතයන් ඊට සුවිසල් ශක්තියක් සපයනු ඇත. ඒ අනුව අපගේ ඇඟලූම් යුරෝපයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේත්, ලෝකයේ අනෙකුත් රටවල පාරිභෝගිකයින්ගේත් ප‍්‍රියතම තේරීම බවට පත්වනු ඇත.

මෙම තාක්ෂණික හැකියාවන් සංවර්ධනය කිරීම වෙනුවෙන් නව්‍ය නිෂ්පාදන, රෙදි පිළි ආශ‍්‍රිත තාක්ෂණය මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අපි ආයෝජනය කිරීමට කටයුතු කරන අතර රජය GSP+ සහනය තව දුරටත් පවත්වා ගැනීමට හැකි උපරිම ආකාරයෙන් කටයුතු කළ යුතු බව මතක් කර සිටිමු.

GSP+ සහනය තවදුරටත් රඳවා තබා ගැනීම තුළින් අමු ද්‍රවයන්හි සිට සැලසුම් දක්වා විවිධ සැපයුම් දාමයන් සම්බන්ධයෙන් අපගේ ස්වයං විශ්වාසය ඇති කිරීමට හේතුවන හැකියාවන් ඉහළ නැංවීම හා ශක්තිමත් කිරීම සඳහා අපගේ සහායට අවශ්‍ය කාලය සහ සම්පත් හිමිවේ. අපගේ මූලික වෙළෙඳපොල තුළ ඔරොත්තු දීමේ හැකියාවෙන් සන්නද්ධව ශක්තිමත් ආකාරයෙන් කටයුතු කිරීම GSP+ හි නිවැරදි මාවතේ ගමන් කිරීමට අපට මග පෙන්වනු නිසැකය.

 

කතුවරයා පිළිබඳව

මේ වන විට ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන ජීවිත් සේනාරත්න මහතා ඇඟලූම් කර්මාන්තය සම්බන්ධ ප‍්‍රවීණයකු ලෙස සඳහන් කළ හැකිය. ඒ මහතා ස්ටාර් ගාමන්ට් සමූහයේ අනුබද්ධ සමාගමක් වන ස්ටාර් ෆැෂන් ක්ලෝතින් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකුද මෙන්ම අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කරනු ලබයි. නෝටි‍්‍ර ඩෑම් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය මෙන්ම විද්‍යාවේදී උපාධියද හිමි කරගෙන ඇත.