Hela Clothing, හෙළ දිරිය වැඩසටහන තුළින් තම සේවකයින්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරයි

October, 12, 2021

තිරසාරකත්වය කේන්ද්‍රකොටගත් ඇඟලුම් සේවා සපයන Hela Clothing සමාගම, ගෝලීය සන්නාම කිහිපයක් සමගම සමීපව කටයුතු කරන කීර්තිමත් ආයතනයකි. නිදි ඇදුම් හා ළමා නිෂ්පාදන වර්ග ගණනාවක මෝස්තර නිර්මාණය සිටම ඒවා අදාල ආයතන වෙතට ලබාදීම දක්වා පුළුල් පරාසයක සේවා සැපයුම් දාමයකින් සමන්විත ආයතනයකි. ලොව පුරා විහිදුනු කර්මාන්තශාලා 11ක් සහ 17,000 ට අධික ශ්‍රම බලකායකින් සමන්විත Hela Clothing සමාගම සදාචාරාත්මක හා තිරසාරකත්වය අගය කරන සමාගමක් ලෙස ඇඟලුම් කර්මාන්තයට නායකත්වය සපයයි.

Hela clothing සමාගම, තම ශ්‍රම බලකාය ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සම්පත් හා තාක්ෂණික දැනුම ලබාදීමට හෙළ දිරිය නමින් නව වැඩසටහනක් ආරම්භ කෙරේ. මෙම වැඩසටහන මගින් ආයතනයේ සේවකයින්ට ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන ආකාරය  පිළිබඳව දැනුම ලබා දීම, ව්‍යාපාරික ආකෘති දියුණු කරමින් සාර්ථකව මූල්‍ය තත්ත්වයන් නඩත්තු කිරීම හා සේවකයින්ට කැමති නිෂ්පාදන තම සිතැඟි පරිදි අලෙවි කරගැනීම සඳහා ඉඩ ලබාදීම යන ක්‍රමවේද මඟින් සේවකයන් තුළ පවතින ව්‍යවසායකත්ව අදහස් පණ ගැන්වීමට කටයුතු කරයි.මෙම මුලපිරීම මගින් ආහාර සැපයීමේ සිට ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීම හා මැටි භාණ්ඩ නිපදවීම ආදි රැකියාවල සාර්ථකව නියැලීම උදෙසා  අවශ්‍ය වෘත්තීයමය කුසලතා සංවර්ධනය කර ගැනීම උදෙසා සේවකයින්ට උදව් උපකාර සපයයි.

Hela Clothing තම කර්මාන්ත ශාලාව තුළම "දිරිළිය පොළ" නමින් වෙළදපළක් ආරම්භකොට එමගින් තම සේවකයින්ට තමා විසින්ම නිෂ්පාදනය කළ දෑ විකිණීම උදෙසා අවකාශය සලසා දී ඇත. ශ්‍රී ලංකාවේ හත් වන ස්ථානයෙහි රැඳෙන නිෂ්පාදන පහසුකම් සපයන සමාගම වන Hela Clothing  සමඟ දැනට කණ්ඩායම් සාමාජිකයන් 140ක ප්‍රමාණයක් ලියා පදිංචි වී ඇත. මෙම වැඩසටහනෙහි සමස්ත අරමුණ වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත් වන සේවකයින්ගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමයි.දේශීය වශයෙන් මෙම ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථකභාවය නිරීක්ෂණය කොට මෙම වටිනා ප්‍රයත්නයෙහි  ඊළඟ පියවර වශයෙන් 2021 නොවැම්බර් මාසය වන විට මෙම වැඩසටහන අප්‍රිකාව දක්වාම පුළුල් කිරිමට අපේක්ෂා කරයි.

හෙළ දිරිලිය වැඩසටහන, Hela clothing සමාගම මානුෂීය මෙහෙවර යටතේ සේවකයින් සවිබලගැන්වීමට   සිදුකරන කටයුතු අතරින් එක් ව්‍යාපෘතියක් වෙයි. මෙම මානුෂීය මෙහෙවර යටතේ සිදුකරන තවත් වැඩසටහනකට නිදර්ශනයක් ලෙස පුද්ගල සංවර්ධනය සහ රැකියා දියුණුව අරමුණු කරගත් PACE වැඩසටහන පෙන්වාදිය හැකි අතර එමගින්  මූල්‍ය හා නීතිමය සාක්ෂරතාවය මෙන්ම පෞද්ගලික සනීපාරක්ෂාව සහ ප්‍රජනන සෞඛ්‍ය නිසියාකාරයෙන් පවත්වා ගැනීම පිළිබඳව  දැනුවත්භාවය ඉහළ නැංවීම සිදුකරයි. මෙම වැඩසටහන  තවද ඉතියෝපියාවේ කර්මාන්තශාලා පසුබිමක් තුළ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ ප්‍රථමයා බවට Hela Clothing පත්ව ඇත. වර්තමානයේදී Hela Clothing සමාගම මෙය කෙන්යාව දක්වා ව්‍යාප්ත කිරීමේ කටයුතුවල නිරත වී ඇති අතර එහිදී ඔවුන් මෙම මූල්‍ය වර්ෂය අවසාන වන විට PACE උපාධිධාරීන් 170 බිහි කිරීමට අපේක්ෂා කරයි. එපමණක් නොව 2023 වර්ෂය වන විට PACE උපාධිධාරීන් 5690 බිහිකිරීමද Hela Clothing හි අරමුණයි.

කොරෝනා වසංගතය හමුවේ දැඩි තාඩන පීඩන වලට ලක් වී ඇති තම සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීම්වලින්වැළකී උපරිම සහනදායි තත්ත්වයක් උදාකර දීමට ඉහළ කළමනාකාරීත්වය නිරන්තරයෙන්ම කටයුතු කරයි. තම ශ්‍රම බලකාය තවදුරටත් සවිබලගැන්වීම සඳහා 2020/2021 වර්ෂය තුළ දැක්වූ විශිෂ්ට කාර්ය සාධනයන් සඳහා ත්‍යාගයක් ලෙස සියලුම සේවකයින්ට බෝනස් දීමනා ලබා දීමටද කටයුතු කළේ තම සේවකයින් තවදුරටත් ශක්තිමත් කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරි කරගනිමිනි.

මෙම සවිබලගැන්වීමේ වැඩසටහන් පිළිබඳව සිය අදහස් දක්වමින් Hela Clothing සමාගමේ මහජන නිලධාරී, නදීෂා වීජේසිංහ මහත්මිය සඳහන් කළේ "Hela Clothing කියන්නේ කාර්ය සාධනය කේන්ද්‍රකොටගත් සහයෝගයෙන් කටයුතු කරන ආයතන සංස්කෘතියක් ඇති සමාගමක්. පසුගිය වසර කිහිපය තුල සේවකයින් සවිබලගැන්වීම සඳහා සිදුකල වැඩසටහන් පිළිබඳව අපි ආඩම්බර වෙනවා. සැමවිටම සේවකයින්ට සමබර අවස්ථා ලබාදීම මෙන්ම මෙම වැඩසටහන් දියත් කිරීම තුළින් සේවකයින් සවිබලගැන්වීමේ වැදගත්කම පිළිබඳව අපි හැම විටම අවධානය යොමු කරනවා. ඔවුන්ගේ හැකියාවන් හා සමස්ත ජීවනෝපාය සවිබල ගැන්වීම අපගේ අරමුණු අතරින් කිහිපයක්. මේ සියලු ක්‍රියාන්විතයන් සැමට තිරසාර අනාගතයක් උරුම කර දීමට අපගේ ආයතනය බැඳී සිටිනවා" යන්නයි.