Huawei ස්මාර්ට් ජංගම දුරකථනවල දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක්

May, 14, 2019

මිනිසාගේ ජීවිතයේ බොහෝ කටයුතු ස්මාර්ට් ජංගම දුරකථන මාර්ගයෙන් ඉටුකර ගත හැකි යුගයක, අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාව ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

විවිධ අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාවෙන් සහ RAM වලින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන රැසක් මේ වන විට වෙළඳපලේ පවතී. මැදි මට්ටමේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සාමාන්‍යයෙන් 2GB RAM එකකින් සහ 32GB දත්ත ගබඩා කිරීමේ අභ්‍යන්තර මෙමරියකින් ලබාගත හැකි අතර මේ හේතුව නිසාම ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් හට වෙනත් පාරිභෝගිකයන්ට අත්විඳීමට නොලැබෙන වරප්‍රසාදයක් හිමිකර ගැනීමට හැකිවේ.

කෙසේවෙතත්, විශේෂයෙන් අඩු මිලට ඇති ස්මාර්ට් ජංගම දුරකථනවල අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාව 8GB වලට සීමා වේ. මයික්‍රො SD කාඩ්පත් ඇතුළත් කළ නොහැකි ජංගම දුරකථන පරිශීලකයන් හට නිරන්තරයෙන් දත්ත බැක්අප් කිරීමට හෝ පරිගණකයකට යොමු කිරීමට සිදුවේ.
මිලෙන් අඩු ස්මාර්ට් ජංගම දුරකථන විවිධ සීමාවලින් යුතු වුවත් දත්ත ගබඩා කිරීමේ හැකියාව ඒ අතරින් කැපී පෙනෙයි. මෙහිදී බාහිර SD කාඩ්පතකට දත්ත යොමු කිරීමට හෝ අත්‍යවශ්‍ය යෙදවුම් පවා ඉවත් කිරීමට හෝ සිදු වේ.

පද්ධති දත්තවලට ද විශාල වශයෙන් ඉඩ වෙන්කිරීමට සිදුවීමත්, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන යෙදවුම් බාහිර ගබඩාකරණ කාඩ්පතකට ඇතුළත් කිරීමට නොහැකි නිසා අභ්‍යන්තර දත්ත ගබඩාකරණ ඉඩකඩ ම ඒ සඳහා ද භාවිත කිරීමට සිදුවීමත් පරිභෝගිකයන් මුහුණදෙන තවත් අභියෝගයකි.

එම සම්ප්‍රදාය වෙනස් කරමින් Huawei සමාගමේ Y5 Lite සහ Y5 Prime ජංගම දුරකථන වැඩිදියුණු කරන ලද RAM එකකින් සහ 16GB අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ පහසුකමින් ද වෙළඳපලට පිවිසෙයි. ඒ අනුව සාමාන්‍යයෙන් 12MP ඡායාරූප 381ක්, 128kbps ඕඩියෝ 3500ක් සහ 24mbps වීඩියෝ මිනිත්තු 160ක් ගබඩා කිරීම සඳහා එම ඉඩ ප්‍රමාණවත් වේ. වැඩිදියුණු කරන ලද RAM එක නිසා ප්‍රොසෙසරය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙන අතර එමගින් දුරකතනයේ බැටරි කාලය ද වැඩි කෙරේ.

Y5 Lite ජංගම දුරකථනය රු. 14,990 කට ද Y5 Prime ජංගම දුරකථනය රු. 17,990 කට ද මිලදී ගත හැකි අතර මෙම දුරකථන මිලදී ගැනීමේදී රු. 4,000 ක් දක්වා මුදල් ආපසු ලබාගැනීමේ පහසුක ද Dilaog වෙතින් හිමිකර ගත හැකිය.