September, 18, 2020
ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ ජනතාවවෙත ගෙනයාමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා පෞද්ගලික අංශයද එක්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා සීමාසහිත කෛමු ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk) පසුගියදා අත්සන්කෙරුණු අවබෝධතා ගිවිසුමෙන් මේ බව තහවුරු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව, සුහුරුලිය, හා නැණසළ සංවිධාන සුළු මධ්‍යය ප්‍රමාන ව්යයසයකයන්ට අතර්ජාලය උපයෝගීකරගෙන සිය ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය දැනුම හා පුහුණුව ලබාදේ.
මේ සදහා සීමාසහිත කෛමු ලංකා පෞද්ගලික ආයතනය සහායවීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබේ . daraz වෙබ් අඩවිය අන්තර්ජාතිකව මාර්ගගත (online) භාණ්ඩ හුවමාරුවේ යෙදෙන පුළුල් ව්‍යාපාරයකි . මෙම වැඩපිළිවෙල මගින් නව ව්‍යාපාරික අවස්ථා දේශීයව ප්‍රවර්ධනය කිරීමෙන් විදේශීය වෙළදපොලට පිවිසීමට සුළු හා මධ්‍යය පරිමාණ ව්යයසයකයන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා, ප්‍රධාන විධායක මහින්ද බි හේරත්, අංශ ප්‍රධානි- සන්වර්තන සමීර ජයවර්ධන, daraz ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්යයක්ෂ රක්හිල් ප්‍රනන්දු, ප්‍රධානි- හවුල්කාරිත්ව දුලික ජයමාන්න, ප්‍රධානී -ප්‍රජා විකුණුම් ප්‍රවීන් රුක්ෂාන් ෂාවිර් ඇතුළු පිරිසක් සහභාගී වුහ .
Video Story