LRT මාර්ග පහකට ශක්‍යතා අධ්‍යයනයක්

    October, 20, 2016

    බස්නාහිර කලාපයේ සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් නිර්මාණය වන අනාගත ප්‍රවාහන ඉල්ලුමට සරිලන සාර්ථක දිගුකාලීන විසඳුමක් වශයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 7ක් හඳුන්වා‍ දීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

    මෙයින් මාර්ග 2ක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් එකඟතාවය පළ කරනු ලැබ තිබේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉතිරි සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 5 සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කිරීමේ අරමුණින් ඒ සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.