Makeyourtrip.com සමඟින් ඔබේ සංචාරය ඔබට රිසි ලෙස ලබා ගන්න

විදේශ සංචාර පැකේජයන් ඔබගේ අවශ්‍යතා පරිදි සකසා ගත හැකි ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල වේදිකාව

 

මෙරට පළමු වරට දියත් වුණු Makeyourtrip.com අන්තර්ජාල වේදිකාවේ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට නොබෝදා හිමිවිය. සිය සිතැඟි හා අභිලාෂයන් මත පනදම්ව තම විදේශ සංචාරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ අවස්ථාව මෙම වේදිකාවෙන් ඔබට හිමිවනු ඇත. සංචාරක ගමන්නාන්තයන් හා ඒවායේ මිල ගණන් තමන්ට අවශ්‍ය පරිදි සකසා ගනිමින් තම සංචාරය සංවිධානය කරගැනීමට මේ තුළින් හැකියාව ලැබේ. Makeyourtrip.com සවිබල ගන්වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත සංචාරක නියෝජිතායතනය වන Findmyfare (Pvt) Ltd විසිනි.

ගුවන් ගමන් ටිකට්පත් වෙන්කිරීම්, හෝටල් නවාතැන් පහසුකම් වෙන්කිරීම්, වීසා, සංක්‍රාන්ති මෙන්ම සංචාරක ක්‍රියාකාරකම් යනා දී වශයෙන් සංචාරයක සියලු පැති ආවරණය වන පරිදි ඔබේ සම්පූර්ණ සංචාරය හා නැවතුම් පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට Makeyourtrip.com ඔබට සහාය වනු ඇත. එසේම ඔබගේ සමස්ත චරිකාව පුරාවට එක් එක් අංශයන් වෙනුවෙන් අදාළ වන වියදම් වෙන්වෙන් වශයෙන් සැලසුම් කිරීමටත්, ඒ අනුව ඔබගේ අවශ්‍යතාවය පරිදි වියදම් ගළපා ගැනීමටත් මෙමඟින් අවකාශ හිමිවේ.

වර්තමානයේ දී Makeyourtrip.com වෙත පිවිසෙන ශ්‍රී ලාංකිකයින් හට සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඩුබායි, බාලි, මාලදිවයින හා ඕස්ට්‍රේලියාව යන වඩාත් ජනප්‍රිය ගමනාන්තයන් වෙත සිය සංචාරක සැලසුම් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. මීට අමතරව එළඹෙන සති කිහිපය තුළ දී යුරෝපය, එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු හා නැගෙනහිර ආසියානු ගමනාන්තයන් වෙත ද සංචාරක සැලසුම් සකස් කිරීමේ අවස්ථාව Makeyourtrip.com වෙතින් හිමිවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ක්‍රිෂ්ණගෝබි තංගවේල් මෙසේ කියා සිටියේය. “Makeyourtrip.com ලබා දෙන විනිවිදභාවයකින් යුතු මිල ගණන්වල ප්‍රතිලාභය සුවිශාල ලෙසින් පාරිභෝගිකයාට අත් විඳීමට අවස්ථාව සැලසෙනවා. වියදම්වල ප්‍රභේදනයක් ලබා ගැනීමට හැකි බැවින් ඔවුන්ටම ඒ බව බලාගත හැකියි.  වැඩි අයකිරීම් හෝ අමතර පැකේජ ගාස්තුවකින් තොරව එය ඔවුන්ට හිමිවෙනවා.”

Makeyourtrip.com හි හඳුන්වාදීම සමරමින් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු හට සුවිශේෂී ත්‍යාගයක් ලබා දීමට සමාගම පියවර ගෙන තිබේ. මෙහිදී වෙබ් අඩවිය තුළ සිය ගමන් චාරිකාව නිර්මාණය කරනු ලබන වාසනාවන්තයා හට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් හිමිවේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර www.facebook.com/MakeYourTripDotCom වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Makeyourtrip.com වෙතින් ඔබට ලැබෙන තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් වනුයේ එය භාවිතා කිරීමේ ඇති පහසුවයි. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ ඔබ සංචාරය කිරීමට අවශ්‍ය රට හෝ නගරය තෝරා ගැනීමයි. ඉන්පසු ඔබගේ සංචාරය තුළ දී කිරීමට බලාපොරොත්තු වන දෑ තෝරා ගැනීමේ තීරණය ඔබට ලැබෙනුයේ විකල්පයන් ගණනාවක් සමඟිනි. ඔබ ගත කිරීමට බලාපොරාත්තු වන රාත්‍රී ගණන අඩුවැඩි කිරීම, ක්‍රියාකාරකම් වෙනස්කිරීම, සංක්‍රාන්ති විධික්‍රම විතැන් කිරීම, නව ගමනාන්තයන් එකතු කිරීම යනාදී ලෙස ඔබේ චාරිකාව නිර්මාණය කිරීමට මෙතුළින් හැකිය. අවසානයේ දී පිරිවැය හා වෙන්කිරීම් විකල්පයන් වෙත ඔබ පිවිසෙනු ඇත. මෙහිදී එක් එක් අයිතමයන්ට අදාළ විභේදනයන් මගින් ඔබේ මුදල් විචක්ෂණශීලී ලෙසින් විභජනය කිරීමට හැකියාව ලැබේ. එසේම තවදුරටත් ඔබේ පිරිවැය ප්‍රශස්ථ කර ගැනීම සඳහා හෝටල් හෝ ගුවන් ගමන් වෙනස් කර ගැනීමේ අවස්ථාව උපයෝජනය කළ හැකිය. එය හොඳම මිල ඔබට සහතික කරනු ඇත. සියල්ලටම ඇත්තේ සුළු පියවර කිහිපයකි. එය ඔබගේ මවුසය ක්ලික් කරනු ලබන වාර කිහිපයක් පමණි.