Modern Pack Lanka පුද්ගලික සමාගම ජාත්‍යන්තර 2025 WorldStar සම්මානය දිනා ගනියි

    June, 5, 2025

    ශ්‍රී ලංකාවේ Modern Pack Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය වන SLINTEC සමඟ එක්ව කළ පරිසර හිතකාමී ඇසුරුම් සඳහා වන නව සොයාගැනීමක් සඳහා, 2025 වසරේ WorldStar සම්මානය ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ.

    මේ සම්මානය ලැබුණේ ඉතාලියේ මිලාන් නගරයේදී පැවති ලෝක ඇසුරුම්කරණ සංවිධානය පැවැත්වූ World Star සම්මාන උළෙලේදී වන අතර, මෙය ඇසුරුම්කරණයේ ලෝකයේ ඉහළම සම්මානය ලෙස සැලකේ. මේ අවස්ථාව සඳහා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් වන 550 කට වැඩි ඉදිරිපත් කිරීම් නිර්දේශ වී තිබුණි.

    SLINTEC ආයතනය විසින් දියුණු කළ මෙම නවෝත්පාදනය, ඉරිඟු හා වී වගාවේ අපද්‍රව්‍යයන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ස්වභාවිකව වියෝජනය වන ආහාර ඇසුරුම් නිෂ්පාදනයකි. Modern Pack Lanka සමාගම විසින් මෙය කර්මාන්තමය මට්ටමේ ඇසුරුමක් බවට පත් කිරීමට සමත් විය.

    මෙය ශ්‍රී ලංකාව සඳහා පරිසර හිතකාමී තාක්ෂණය පිළිබඳව ලෝකයේ නායකත්වය දැක්විය හැකි නවතම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව Modern Pack ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලහිරු විජේරත්න මහතා පැවසීය.