MyDeal.lk ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ සන්නම් 10 අතරට – LMD Brands Annual 2017

Mydeal

ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම විද්‍යුත් වාණිජ සන්නාම 10 අතරට, මෙරට ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ සමාගමක් වන MyDeal.lk නම් කිරීමට LMD 'Brands Annual 2017' සඟරාව පසුගියදා කටුයුතු කළේය. එම සඟරාව ප‍්‍රකාශයට පත්කරන ‘බ‍්‍රෑන්ඞ්ස් ෆිනෑන්ස් ලංකා‘(Brands Finance Lanka) සමාගම වාර්ෂිකව මෙරට සන්නාම පිළිබඳව ප‍්‍රසිද්ධ තොරතුරු සුපරීක්ෂාවට ලක්කරමින් ස්වාධීන සමීක්ෂණයක් තුළින් රටේ විශිෂ්ටතම සන්නාම ලැයිස්තුගත කිරීම සිදුකරයි. IVSC මාර්ගෝපදේශ වලට අනුව මෙසේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම 100 තක්සේරුගත කිරීම සිදුවේ.

‘‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම විද්‍යුත් වාණිජ සන්නාම දහය අතරට එක්වීමට ලැබීම අපට විශාල ගෞරවයක්. මෙය අපගේ වේගවත් වර්ධනය වගේම අප නිර්මාණය කිරීමට සමත් වූ සන්නාම වටිනාකම් වල අගය මනාව ඔප්පු කෙරෙන අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියේදී මේ වටිනාකම් තවතවත් පුළුල් කරමින් දිනෙන් දින දියුණුව කරා යාම අපගේ ඉලක්කයයි.” MyDeal.lk සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන අලෙවි නිලධාරී මෙහ්රාජ් සාලේ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වන www.mydeal.lk අඩවියට, භාණ්ඩ හා සේවා පරීක්ෂා කිරීම සඳහා දිනකට ප‍්‍රවේශයන් 12,000කට වැඩියෙන් සිදුවන අතර, එහි facebook පිටුවට එක්වී සිටින පිරිස 232,000 ඉක්මවයි. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ඇතුළුව සියලූම දෙනාට විශිෂ්ටතම සේවාවක් සැලසීම සම්බන්ධයෙන් විශාල ජනප‍්‍රියත්වයක් දිනාගැනීමට එය සමත් වී ඇත.

MyDeal.lk සමාගමට ආශ‍්‍රිත වෙබ් අඩවියක් වන MyStore.lk, ලොව පුරා වෙළඳපොළට නිකුත් වන නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සලසා දෙයි. ඉලෙක්ට්‍රොනික උපාංග, ගෘහභාණ්ඩ සහ ගෘහෝපකරණ වැනි භාණ්ඩ රාශියක් මේ ඔස්සේ මිලදීගත හැකි අතර පාරිභෝගිකයන් මිලදීගන්නා භාණ්ඩ දිවයින පුරා ඔවුන් කැමති ස්ථානයකට ගෙන්වා ගැනීමේ අවස්ථාව සලසා දීමටද සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයකි.

‘‘ආරම්භයේ සිටම අප සුවිශේෂී ඉලක්ක හඳුනාගෙන ඒවා ළඟාකරගැනීමට කැපවී වැඩකළා. MyDeal.lk ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්බන්ධතා සහිත සන්නාම (Most Connected Brands) 50 අතරට නම්කිරීමට LMD සඟරාව කටයුතු කළේ පසුගිය වසරේදීයි. ජාත්‍යන්තර තලයේ විශාලතම වෙළඳපොළ පර්යේෂණ සමාගම් අතරින් එකක් වන TNS මගින් කරන ලද සමීක්ෂණයක් අනුව මෙම නම්කිරීම සිදුකර තිබෙනවා. අද වනවිට අප රටේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය තුළ අත්පත් කරගෙන ඇති ජයග‍්‍රහණ වෙනුවෙන් මෙසේ විවිධ ආකාරයේ ඇගයීම් වලට ලක්වීම විශාල සතුටක්. මේ ආකාරයට ක්ෂේත‍්‍රයට ආදර්ශයක් වෙමින් දිනෙන් දින දියුණුව කරා යාමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා.” MyDeal.lk සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත ගිනිගද්දරගේ මහතා පැවසීය.

Search Engine Optimisation (SEO) සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන දමිත ගිනිගද්දරගේ මහතා (කළමනාකාර අධ්‍යක්ෂ), අන්තර්ජාලගත පොත් අලෙවිසලක නිර්මාතෘ වන විද්‍යුත් වාණිජ සේවා විශේෂඥ කුමාර් මෙල්වානි මහතා (ප‍්‍රධාන විධායක නිලධාරී) සහ සුප‍්‍රකට ඩිජිටල් මාධ්‍ය හා අලෙවි ක‍්‍රමෝපායවේදී සහ 2016 වසරේදී World Marketing Congress විසින් ලොව වඩාත්ම වැදගත් අලෙවිකරණ නායකයන් 50දෙනා අතරට නම් කරන ලද මෙහ්රාජ් සාලේ මහතා (අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන අලෙවි නිලධාරී) විසින් MyDeal.lk ආරම්භ කරන ලදි.