NDB බැංකුව තාරුණ්‍යයේ ක‍්‍රීඩාශීලිත්වය සවිබල ගන්වමින් ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් සමඟ හවුල්කාරිත්වය අලූත් කරයි

    August, 6, 2024

    NDB බැංකුව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් (SLSRFR) සමඟ ‘නිල බැංකු සහකරු’ ලෙස නැවත වතාවක් අත්වැල් බඳගත් බවට සතුටින් නිවේදනය කර සිටියි. මෙමඟින්, ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ක‍්‍රීඩාශීලීත්වය සඳහා සහාය දැක්වීමට සහ ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් NDB බැංකුවෙහි ඇති කැපවීම තහවුරු කරයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා සිය අදහස් දක්වමින්, ‘‘ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු තීරක සංගමයට අපගේ සහයෝගය ලබාදීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. එමෙන්ම NDB බැංකුවේ අපි තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට සහ ක‍්‍රීඩාශීලිත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශ්වාසය තබනවා. මෙම හවුල්කාරිත්වය අපගේ ඉදිරි පරම්පරාවේ ක‍්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවේ දියුණුවට සහාය දැක්වීමේ අපගේ අභිලාශයන් මනාව පිළිබිඹු කරයි’’ යනුවෙන් ප‍්‍රකාශ කළේය..

    විනිසුරුතීරක සංගමයේ සභාපති දින්ක පීරිස් මහතා ද මෙම සහයෝගීතාවය පිළිබඳ සිය අදහස් පළ කරමින්, ‘‘ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු තීරක සංගමය දිවයින පුරා සෑම මට්ටමකම ක‍්‍රීඩා තරඟ මෙහෙයවීමේදී සහ ප‍්‍රවර්ධනය කිරීමේදී ඉහළම ප‍්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාමට කැපවී සිටිනවා. NDB බැංකුවේ සහයෝගය මේ සඳහා ඉතා විශාල පිටුවහලක් වුනා. මෙමඟින් අපගේ විනිසුරුවන් කුසලතා සංවර්ධනය කිරීමට පුහුණු කටයුතු වෙනුවෙන් ස්වාධීන ක‍්‍රීඩා විනිශ්චයන් ලබාදෙමින් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අපට හැකියාව ලබා දෙනවා. රග්බි ක‍්‍රීඩාව සඳහා NDB බැංකුව දක්වන මෙම සහයෝගය පිළිබඳව අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා’’ යනුවෙන්  පැවසීය.

    රග්බි යනු ශ‍්‍රී ලංකාවේ මේ වන විට වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වන අතර, එහි තිබෙන උත්වේගකර, ජවසම්පන්නභාවය මත්තෙන් විශාල පේ‍්‍රක්ෂක අවධානයක්ද හිමිකරගෙන තිබේ. මෙයින් විනිසුරු තීරක සංගමය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය, රටේ ජවසම්පන්න තාරුණ්‍යය සමඟ සම්බන්ධ වීමට NDB බැංකුවට අවස්ථාවක් ද හිමිකර දෙයි. NDB බැංකුවේ විවිධ මූල්‍ය සහ බැංකුකරණ සේවාවන්, තාරුණ්‍යය කේන්ද‍්‍ර කරගත් NDB ZEE ගිණුම සහ භාවිතා කිරීමට ඉතාමත් පහසු ඩිජිටල් බැංකුකරණ අවකාශය වන NDB NEOS ඇතුළුව, මෙම තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද පුළුල් බැංකුකරණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ තරුණයන් සවිබල ගැන්වීම සහ ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. ‘‘අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු’’ යන NDB බැංකුවේ තේමා පාඨය සමඟ මනාව මුසුවන මෙම හවුල්කාරිත්වය, බිම් මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩාවට සහාය වීමට NDB බැංකුවේ නොසැලෙන උත්සාහය සහ කැපවීම අවධාරණය කරයි. එය සමස්ථයක් ලෙස ප‍්‍රජාව වෙනුවෙන් බැංකුව විසින් සිදුකරන ක‍්‍රියාකාරකම් සහ තරුණ තරුණියන්ගේ  ක‍්‍රීඩාශීලීත්වය සංවර්ධනයට දායක වීම පිළිබඳව කදිම සාක්ෂියකි.

    වර්තමානයේ ශ‍්‍රී ලංකා රග්බි සංගමය ලෙස හඳුන්වන ලංකා රග්බි පාපන්දු සංගමයේ පූර්ණ අනුමැතිය ඇතිව ශ‍්‍රී ලංකා රග්බි  විනිසුරුවන්ගේ සංගමය පිහිටුවන ලදී. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රග්බි තරගය 1931 දී රත්නපුරයේ පැවැති සත් සාමාජික තරඟයක් වූ අතර, ඉන් අනතුරුව 1953 දී විනිසුරු සංගමයක් පිහිටුවන ලදී. දැනට ශ‍්‍රී ලංකා රග්බි විනිසුරු වරුන්ගේ සංගමයේ  විනිසුරුවන් 103 ක් පමණ සිටින අතර, රග්බි විනිසුරු වරුන්ගේ සංගමය විසින් සියලූම සමාජ සහ පාසල් රග්බි පාපන්දු තරඟ විනිශ්චය කරනු ලබන අතර, එක් තරඟයකට අවම වශයෙන් තීරක වරුන් තිදෙනෙකු සහ උපරිම වශයෙන් තීරකයින් හය දෙනෙකු ඇතුළත් වේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.