Renault Kwid ඔටෝ ගියර් දැන් ශ්‍රී ලංකාවේ

June, 6, 2017

පසුගිය වසරේ දී වෙළෙඳපොළට පැමිණි Renault Kwid මෝටර් රථය කාටත් දැරිය හැකි මිලකට SUV රථයක සිහිනය සැබෑ කළ බව නොරහසකි. කෙසේ වෙතත් පිටත නිමාව අතින් හුරුබුහුටි සිත්ඇදගන්නා මෝටර් රථයක් වුවද එහි සුවපහසුව, ආරක්ෂාව හා ඇතැම් උපාංග සම්බන්ධයෙන් ඇති වූ සෘණාත්මක කතිකාවන් ද සුළුපටු නොවේ.

 

කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ පසුගිය කාලය පුරාවටම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද Kwid මෝටර් රථ විශාල ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බවට සංඛ්‍යාලේඛන සාක්ෂි දරනු ඇත.

 

Kwid මෝටර් රථය තවත් පියවරක් ඉදිරියට යමින් Renault Kwid ස්වයංක්‍රීය ගියර් මාදිලිය පසුගිය දා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. මෙහි ඇති විශේෂත්වය වනුයේ, ගියර් ලීවරයකින් නොව කරකැවිය හැකි Rotary Gear Shifter ක් මගින් එය සමන්විත වීමයි.

 

ඉන්දියාවේ මෙය හඳුන්වා දෙනු ලැබූ ආරම්භක මිල ඉන්දියානු රුපියල් 425,000 කි. නමුත් ශ්‍රී ලංකාවේ Renault Kwid ඔටෝ ගියර් මෝටර් රියක මිල ආරම්භ වන්නේ රුපියල් 2,750,000 සිට ය.

renault-kwid-amt-02

renault-kwid-amt-01

kwid-amt-en