RIL දේපළ බෙදන්නේ මෙහෙමයි

    April, 20, 2017

    RIL ප්‍රොපර්ට් ලිමිටඩ් මූලික කොටස් නිකුතුවේ දී කොටස් විභජනය කරනු ලබන ආකාරය සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    මෙහිදී කොටස් 12,500 ක් දක්වා ඉල්ලුම් කර තිබෙන සුළු පරිමාණ අයදුම්කරුවන් සඳහා ඉල්ලා තිබෙන සියලු ප්‍රමාණයම විභජනය කරනු ලබන අතර ඒ වෙනුවෙන් අයදුම්පත් 692 ක් ලැබී ඇති බව සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටී. ඒ කොටස් 1,611,800 ක් වෙනුවෙනි.

    කොටස් 12,500 සිට මිලියන 15 ක් දක්වා අයදුම්පත් 114 ක් ලැබී තිබෙන බවත් එහිදී කොටස් 65,057,700 ක් සඳහා ඉල්ලුම් කර තිබෙන බවත් සඳහන් කරන සමාගම වැඩිදුරටත් කියාසිටින්නේ ඉහත කොටස්කරුවන් සියල්ලටම ඔවුන් විසින් අයදුම් කළ මුළු කොටස් ප්‍රමාණයම හිමිවන බවයි.

    එසේම කොටස් මිලියන25 ක් ඉල්ලා ඇති සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු වෙනුවෙන් අවම වශයෙන් කොටස් මිලියන 15 ක් ලබා දීමට සැලසුම් කර ඇත.

    කොටස් මිලියන 15 කට වඩා ඉල්ලුම්කරමින් ලැබී ඇති අයදුම්පත් 2 ක් වෙනුවෙන් අවම කොටස් මිලියන 15 ක් හා එම සීමාව ඉක්මවා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මෙන් 22.9807% ක් විභජනය කර ඇත.