RIL Property රුපියල් බිලියන 1.6 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශ කරයි

    February, 14, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන RIL Property Plc සමාගම රුපියල් බිලියන 1.6 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව දැනුම් දී සිටී.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කරනුයේ මෙහිදී රු. 8.00 බැගින් කොටස් මිලියන 200 ක් හිමිකම් නිකුතුව හරහා නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

    සමාගමේ වර්තමාන ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 5.76 කි. එය කොටස් මිලියන 600 කින් සමන්විත වේ.

    දැනට පවතින සෑම කොටස් 3 කටම 1 ක් බැගින් වන ආකාරයෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදුකිරීමට නියමිතය.

    මෙහිදී සමාගමේ වැඩිදුරටත් කියා සිටින්නේ දැනට පවතින දීර්ඝ කාලීන ණයවලින් කොටසක් පියවීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුවෙන් ලබා ගන්නා අරමුදල් යොදා ගන්නා බවයි.