Samsung Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළ : නූතන දුරකථන තාක්ෂණයේ නව්‍ය හඳුන්වාදීම් රැසක් සමඟ සුපිරිතම Android දුරකථන අත්දැකීමක් ලබාදෙයි

July, 28, 2020

■             Google apps සමඟ එන සුපිරි Android දුරකථන අත්දැකීම

■             Defence-grade Samsung Knox සමඟ ඉහළ ආරක්ෂාව

■             අසමසම කැමරාව, සුපිරි display  එක සහ දිගුකල් පවතින බැටරි බලය

 

Brand Financeහි LMD’s Brands Annual 2020 ප්‍රකාශණය පරිදි නොකඩවා වසර දෙකක් ජාතියේ “වඩාත් ආදරයට පාත්‍ර වූ ඉලෙක්ට්‍රොනික සන්නාමය (Most Loved Electronics Brand)” ලෙස ප්‍රචලිත වූ සහ ශ්‍රී ලංකාවේ සියල්ලන් අතර ඉහළ පිළිගැනීමක් ඇති ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ Samsung, නව්‍ය තාක්ෂණය සපිරි අලුත්ම Galaxy A series ස්මාර්ට් ජංගම දුරකථන පෙළ වෙළඳපොලට හඳුන්වාදෙමින් ඉදිරි උත්සව සමයේ දී ඔබට  අසමසම අත්දැකීමක් ලබාදීමට අපේක්ෂා කරයි. මැද මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම Galaxy A දුරකථන පෙළ සියල්ලන්ගේම අතේ ඇති මුදලට සහ ජීවන රටාවට ගැළපෙන නව්‍ය තාක්ෂණික හඳුන්වාදීම් රැසක් ඇතුළත්ව ඉතාම සාධාරණ මිල ගණනකට ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. මෙම Galaxy A ස්මාර්ට් දුරකථන පෙළ හරහා නව්‍යතාවයේ සුපිරි අත්දැකීම පාරිභෝගිකයන්ට හඳුන්වාදෙමින් මැද මට්ටමේ දුරකථන භාවිතා කරන කාණ්ඩයේ වැඩි පිරිසක් තමන් වෙතට ආකර්ෂණය කරගැනීමට Samsung අපේක්ෂා කරයි. වර්තමාන ගෝලීය තත්ත්වයන් නිසා නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතාවයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වෙන කවරදාකටවත් වඩා දත්ත ආරක්ෂාව ඉතා වැදගත් කාරණාවක් වී තිබේ. මෙයට පිළියමක් වශයෙන් Galaxy A ස්මාර්ට් දුරකථන පෙළෙහි අසමසම ආරක්ෂාවක් ස්ථාපිත කර ඇති අතර ඒ නිසා පාරිභෝගිකයන්ට නිදහස් මනසකින් යුතුව තමන්ගේ වැඩකරගෙන යාමේ අවස්ථාව උදාකර දී තිබේ. දැනට ඇති තරඟකාරීත්වය අභිබවා ක්ෂේත්‍රයේ ඉහළම ජංගම දුරකථන ආරක්ෂක තාක්ෂණය ස්ථාපිත කිරීමට වෙහෙසෙන Samsung විසින් දැනට ආරක්ෂාව සම්බන්ධව ඇති සියලු කාරණා සංතෘප්ත වන අයුරින් තම දුරකථන ආරක්ෂණ විශේෂාංග නිර්මාණය කරඇත.

Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළෙහි ඇති ආරක්ෂක විශේෂාංග සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නා තාක්ෂණික හඳුන්වාදීම් දැනට දුරකථන ක්ෂේත්‍රයේ ඇති ඉහළම හඳුන්වාදීම් වන අතර ඒ නිසාම Galaxy A ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන්ට මුදලේ අගයට ඉහළ වටිනාකමක් ලැබෙන දුරකථනයක හිමිකාරීත්වයේ සතුට අත්විඳීමට හැකිවේ. දුර්වල ආරක්ෂණ පද්ධතියක් නිසා දුරකථනය භාවිතා කරන්නාගේ තොරතුරු අනාරක්ෂිත වීමේ හැකියාව සහ Google apps අවහිරවීම සිදුවිය හැක. නමුත් Samsung Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළ Samsung Knox, Strict QA standard සමඟ පැමිණෙන නිසා Android සඳහා ස්ථාවර සහයක් සහ සුපිරි ජංගම දුරකථන අත්දැකීමක් ඔබට ලබාදෙයි. Galaxy A android eco system එක හරහා දුරකථන භාවිතා කරන්නන්ට Google Playstore එකේ ඇති ඇප්ස් විශාල ගණනාවක් භාවිතා කිරීමේ අවස්ථාව ද උදාවේ. සියලු ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන්ට දක්නට ලැබෙන Gmail, Google Calendar, Youtube, Google Maps, Google Photos ඇප්ස් පහසුවෙන් භාවිතා කිරීමේ අවස්ථාව සහ වෙන කිසිම දුරකථනයක් භාවිතා කිරීමේ දී නොලැබෙන නව්‍ය තාක්ෂණයේ අසමසම සුවපහසුව Galaxy A දුරකථන හරහා ඔබට හිමිවේ.

සුපැහැදිළි දසුන් හසුකරගැනීමේ තාක්ෂණය සහිත සුපිරි කැමරා, පුළුල් තිරයක් හරහා නැරඹීමේ හැකියාව සහිත High res ෆොටෝ සහ වීඩියෝ තාක්ෂණය, විශාල වර්ණ සුසංයෝගයක් ඇති ඉහළ නැරඹුම් අත්දැකීම සහ දිගු කල් පවතින බැටරි බලය ආදී සියලු විශේෂාංග එකතුකොට ගනිමින් Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ඔබ අතට පැමිණෙයි. ශ්‍රී ලංකාවේ ඇති එකිනෙකට වෙනස් Galaxy A series ස්මාර්ට් ජංගම දුරකථන කාණ්ඩයට Samsung විසින් සිය අලුත්ම හඳුන්වාදීම වූ  A21s සහ A11 දුරකථන දෙක එකතු කළේය. එමෙන්ම Strategy Analytics, 5/13 අනුව 2020 වසරේ පළමු කාර්තුවේ ලෝකයේ වේගයෙන්ම අලෙවිවන ස්මාර්ට් ජංගම දුරකථනය බවට A51 දුරකථනය පත්වී තිබේ.

සාධාරණ මිලකට සහ මුදලේ අගයට වැඩියෙන් වටින ඉහළ තාක්ෂණික විශේෂාංග පාරිභෝගිකයන් අතට පත් කිරීමේ අරමුණු කොටගත් Samsung ආයතනයේ සංකල්පයට අනුව හඳුන්වාදී ඇති මෙම Galaxy A ස්මාර්ට් ජංගම දුරකථන පෙළ මඟින් ඉහළ විශේෂාංග සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක හිමිකාරීත්වය වැඩි පිරිසකට අත්පත් කරදෙයි. මේ සියලු සංකල්පයන් එකකොට නිමවා ඇති Galaxy A series ස්මාර්ට් ජංගම දුරකථන පෙළ හඳුන්වාදීමට ඇති එකම වචනය වන්නේ විශිෂ්ටයි යන්න පමණි. එය කෙසේද යත් වැඩි මිලක් වැය කිරීමකින් තොරව කෙනෙකුට ඉහළ තලයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් සපුරාගත හැකි නව්‍ය සහ උසස් විශේෂාංග බෙහෝමයක් මෙම දුරකථන පෙළෙහි ඇතුළත්වීම නිසාම එය අසමසම දුරකථන පෙළක් වේ.

පහසුවෙන් හඳුනාගැනීම සඳහා සාප්පුව ඉදිරියේ Samsung සන්නාම පුවරුවක් සහිත, දිවයින පුරා විසිරී සිටින Softlogic Mobile බෙදාහැරීම් ජාලය සහ John Keells Office Automation බෙදාහැරීම් ජාලයට අයත් අලෙවිසැල්වලින් Galaxy A දුරකථන පෙළ මිලදී ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම Softlogic Retail, Singer, Singhagiri සහ Damro ශාඛා ජාල හරහා ද Dialog සහ Mobitel සන්නිවේදන ජාල සහකරුවන් හරහා ද ඔන්ලයින් ඔස්සේ MySoftlogic.lk වෙත පිවිසි ද මෙම දුරකථන ඇණවුම් කළ හැක.

පාරිභෝගිකයන්ට සඳුදා සිට ඉරිඳා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා දීර්ඝ කළ සේවා කාලය සහිත අපේ ක්ෂණික ඇමතුම් අංකය අමතා අවශ්‍ය ඕනෑම සහයක් ලබාගත හැකි අතර පැය විසිහතර පුරාම ඔන්ලයින් ඔස්සේ ක්‍රියාත්මකවන Samsung Members අවකාශය වෙත තමන්ගේ ප්‍රශ්න යොමුකර පාරිභෝගිකයන්ට එසැණින් විසඳුම් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබේ.