• Ada Derana BIZ Sinhala
  • Sera Kottu Kottu
  • SLIM DIGIS 2.2
  • sri lanka

SLIM Digis 2.2 සම්මාන උළෙලේදී Sera Kottu Kottu වාර්තාගත ජයග්‍රහණයක් අත්කරගනී

January, 25, 2023

Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය.

මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්‍ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ඇතුළුව 'ඩිජිටල් අලෙවිකරණය තුලින් සාර්ථක නවමු අත්දැකීම් භාවිතය', 'අවම පිරිවැයකින් යුත් සාර්ථක ව්‍යාපෘතිය', 'හොඳම ඩිජිටල් මාධ්‍යයන් සහ e-ක්‍රීඩා සම්බන්ධීකරණය', 'ඩිජිටල් ක්‍රීඩා සැලසුම් කිරීම සහ e - ක්‍රීඩා භාවිතය' යන කාණ්ඩ හතරක් සඳහා රිදී සම්මාන දිනාගන්නා ලදී. මීට අමතරව සියලු කර්මාන්ත අතුරින් විනිශ්චය කරනු ලබන හොඳම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය සඳහා ලෝකඩ සම්මානයද දිනා ගන්නා ලදී.

Sera Kottu Kottu සන්නාමය සමඟ නවීන අත්දැකීම් සහිත ඩිජිටල් මාධ්‍යක් නිර්මාණය කිරීම සඳහා Grand Theft Kottu වෙනුවෙන් ලෝක ප්‍රකට ක්‍රීඩා මාලාවක් සහ open - world  ක්‍රියාදාම සහිත ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවක් වන Grand Theft Auto (ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ) භාවිතා කරමින්, එහි  GTA-5 ක්‍රීඩා වේදිකාව තුල කොළඹ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී ස්ථානයන් හි අනුරූ  නිර්මාණය කල අතර එය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජනප්‍රිය online game - streaming ක්‍රීඩකයන්  සමඟ එක්ව Sera Kottu Kottu සන්නාමය සහිත ට්‍රක් රථ උපයෝගී කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.

"Grand Theft Kottu අලෙවිකරණ ව්‍යාපෘතිය, අපගේ ඉලක්කගත ප්‍රේක්ෂකයන්ට සමාජ මාධ්‍ය වේදිකා හරහා අපගේ සන්නාමය පිළිබඳ පැහැදිලි උනන්දුවක් සහ උද්යෝගයක් ඇති කරවන ඩිජිටල් ව්‍යාපෘතියක් වේ. මෙවැනි නව සංකල්පයක් හඳුන්වාදීම  සඳහා අපගේ අලෙවිකරණ කණ්ඩායම සහ Isobar Sri Lanka කණ්ඩායම දැරූ ප්‍රයත්නයන් සහ කැපවීම මෙම සම්මාන තුලින් පැහැදිලි වනවා"  යැයි CBL Food Cluster හි අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවැසීය.

SLIM Digis ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන්, නවෝත්පාදන සහ දක්ෂතා හඳුනාගනිමින් ඒවා ඇගයීමට ලක්කරයි. මෙවර SLIM Digis 2.2 තරඟාවලිය සඳහා ඉතිහාසයේ වැඩිම ඉදිරිපත්වීම් සංඛ්‍යාවක් පැවැති බැවින්, මෙලෙස අංශ ගණනාවක ජයග්‍රහණයන් ලබාගැනීම කැපී පෙනෙන කරුණකි.

“ගෝලීය සහ දේශීය වශයෙන් පවතින තරගකාරී තත්ත්වයෙන් හමුවේ කැපී පෙනෙන වෙනසක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අපට දැනී තිබිණි. ඩිජිටල්කරණය මුල් කරගත්  නවීන තාක්‍ෂණය, නව්‍ය වූ අත්දැකීම් සහිත ව්‍යාපෘති, සාර්ථක ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. Grand Theft Kottu ව්‍යාපෘතිය සඳහා වූ නිර්මාණාත්මක ක්‍රියාවලිය, මනා අවබෝධය සහ සියලුදෙනාගේ කැපවීම, මෙහි සාර්ථකත්වයට බලපෑමක් කිරීමට හැකිවිය’’ යනුවෙන් Convenience Foods Lanka PLCහි අලෙවි කළමනාකාර නුවන් රත්නකීර්ති මහතා පැවසීය.

"මෙම ව්‍යාපෘතිය දේශීය ඩිජිටල් අලෙවිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර, Digis සම්මාන උළෙල් ඉතිහාසයේ වැඩිම සම්මානයක් දිනාගත් තනි ව්‍යාපෘතිය යි. SLIM Digis හිදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් සහ e-ක්‍රීඩා සඳහා පළමු රන් පදක්කම දිනාගත් ආසියා-පැසිෆික් (APAC) කලාපයේ පළමු ව්‍යාපෘතිය ද මෙය වීම විශාල ගෞරවයක්. අලෙවිකරණය සඳහා  e-ක්‍රීඩාව යොදා ගැනීමේ සාර්ථකත්වය අත්දැකීමෙන් පසුව, අනෙකුත් ආයතන සහ වෙළඳ නාමයන්ද පසු කාලීනව මෙම වේදිකාවට පිවිසෙනු දැකගැනීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් Dentsu Communications හි උප සභාපති මොහනේෂ් චමිත් බුත්ගමුව මහතා තම අදහස් දැක්විය.

2017 වසරේදී දියත් කරන ලද Sera Kottu Kottu නිෂ්පාදනයන්, තරුණ ප්‍රජාවට සහ ගෘහස්ත පාරිභෝගිකයන්ට පහසුවෙන් පිළියෙළ කළ හැකි ආහාර වේලක් වන අතර, නිවසේදීම  සුවපහසු පරිසරය තුළ ඔවුන්ගේ ප්‍රියතම ‘කොත්තු’ භුක්ති විඳීමට අවස්ථාව උදාකරදී ඇත.2022 වසරදී Dragons of Asia සම්මාන උළෙලේදී, ශ්‍රී ලාංකේය සන්නාමයක් මෙම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සම්මානයක් දිනූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, Grand Theft Kottu ව්‍යාපෘතිය ' හොඳම නව්‍ය අදහස සහ සංකල්පය' යන කාණ්ඩය සඳහා වූ බ්ලැක් ඩ්‍රැගන් සම්මානය Sera Kottu Kottu විසින් හිමිකරගන්නා ලදී.

 

Image caption : CBL Food Cluster, Isobar Sri Lanka සහ Kaali ව්‍යාපෘති කණ්ඩායම SLIM Digis 2.2 සම්මාන පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්‍ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ජයග්‍රහණය කරන ලදී.