“SLT 01Awards for Digital Excellence” සම්මාන උළෙල

March, 2, 2020

ඩිජිටල් ක්ෂේත්‍රයේ නියැලෙමින් ඒ සඳහා නවෝත්පාදනයන් එක්කරමින් සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කරනු ලබන විශිෂ්ඨ මෙහෙවර ඇගයීම සඳහා ශ්‍රී ලංකාවේදී පළමුවරට ආරම්භ කරන ලද SLT 01 Awards for Digital Excellence සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්ව තිබේ.  ජාතික, ඩිජිටල් හා ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ඩිජිටල් ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය අගයනුවස් ආරම්භ කරන ලද මෙම  “ SLT 01 Awards for Digital Excellence”  සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව තෙවැනි වරටය. විනිශ්චය කටයුතු ඇතුළුව සම්මාන උළෙල සඳහා අවශ්‍ය සියලු කටයුතු මේවනවිට අවසන් අදියරට ළඟාවී ඇතිබව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සාඩම්බරයෙන් සිහිපත් කරයි.

විවිධ ඩිජිටල් ක‍්‍රියාදාම ආශ‍්‍රිතව විශිෂ්ටතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම  සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් එම ක්ෂේත්‍රයන්හි නවෝත්පාදනයන් සඳහා වැඩි වශයෙන් සංවිධානය වීමට කණ්ඩායම් හා පුද්ගලයින් පෙළඹවීම සහ දිරිගැන්වීම “ SLT 01Awards for Digital Excellence” සම්මාන උළෙලේ අරමුණයි.

2019 නොවැම්බර් මස 20දා සිට මේ සඳහා අයදුම්පත් කැඳවූ අතර එය පසුගිය ජනවාරි 15දායින් අවසන් විය. කාණ්ඩ 06ක් යටතේ කර්මාන්ත 09ක් වෙනුවෙන් ඩිජිටල් මෙවලම් නිර්මාණයෙන් හෝ සේවාවන් සංවර්ධනයෙන් විශිෂ්ඨතා දැක්වූ 168 දෙනෙකුට සම්මාන පිරිනැමීමට “ SLT 01Awards for Digital Excellence” මෙවර අපේක්ෂා කරයි.

දේශීය හා විදේශිය අත්දැකීම් බහුල, විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණිකයින් වන 27 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලාංකීය හා විදේශීය විනිශ්චය මණ්ඩලයක දායකත්වයෙන් සම්මාන ලාභින් තෝරා ගනු ලබයි.

Financial, Information Industry, Travel & Leisure, Media & Publishing,  Health care & Personal Services, Professional Services, Retail,      Manufacturing, Transportation, Storage and Logistic, Government Institutions and NGOs සහ Individualයන කාණ්ඩ යටතේ මෙම සම්මානයන් පිරිනැමීමට අපේක්ෂා කෙරේ.

Best Digital Enabled Product/ Service, Best Digital Integrated Campaign, Best Community Empowerment Programme, Best Digital Media Agency, Best Website or Microsite සහ Best Use of Mobile ලෙස අයතනික වශයෙන් කාණ්ඩ 06ක් යටතේ ද සම්මාන පිරිනැමේ.

Social Medea Personality of the Year,  Best  Use of Digital Media By a Public Figure/ Celebrity, Best Soft were / Application Development  යන කාණ්ඩ තුන යටතේ පුද්ගල සම්මාන තුනක්ද පිරිනැමීමට නියමිතය.

යම් පුද්ගලයකු ඩිජිටල් ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ලබාදුන් විශිෂ්ඨ දායකත්වය අගය කරමින් ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සුවිශේෂී සම්මානයක්ද මෙම උළෙලේදී පිරිනැමීමට නියමිතය. SLT 01Awards for Digital Excellence සම්මාන උළෙලේදී  ලබාදීමට නියමිත මුළු සම්මාන සංඛ්‍යාව 174ක් වේ.

“SLT 01Awards for Digital Excellence” සම්මාන උළෙල, කොළඹ ෂැන්ග්‍රී - ලා හෝටලයේදී  මාර්තු 04දා අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට නියමිතය.