SLT ZERO One Awards 2018/2019 සාර්ථකව අවසන් වෙයි

March, 6, 2020

ජාතික ඩිජිටල් හා ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ඩිජිටල් ක්ෂේත්‍ර යේ විශිෂ්ඨයින් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහන කොළඹ ශැන්ග්‍රි-ලා හෝටලයේදී  2020 මාර්තු 04දා  සාර්ථකව පැවැත්වීය. 2018/2019 වසර වලදී ඩිජිටල් ක්ෂේත්‍රයට නවෝත්පාදන ඉදිරිපත් කළ නිර්මාණකරුවන් වෙත සම්මාන පිදීම සහ ඇගයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙම සම්මාන උළෙල තුන්වැනි වරටත් සංවිධානය කරන ලදී.

SLT Zero One සම්මාන යනු ඩිජිටල් තාක්‍ෂණයන්හි උන්නතිය උදෙසා ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ සම්බන්ධයෙන් ආයතන, පුද්ගලයින් සහ වෙළඳ නාමවල ඩිජිටල් විශිෂ්ටත්වය හඳුනා ගැනීම සඳහා කැප වූ සුවිශේෂී සම්මාන පිරිනැමීමමකි. මෙම සම්මාන උළෙල සඳහා Financial, Information, Travel and Leisure, Media and Publishing, Health Care and Personal Services, Professional Services, Retail, Manufacturing, Transportation, Storage and Logistics, Government Institutions & NGOs සහ පුද්ගලයින් සහ කණ්ඩායම් වෙතින්  අති විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබුණි.

ආයතනික කාණ්ඩ අංශ සම්මාන (institutional category / sector) සමස්ත ජයග්‍රාහකයින් හය (6)ක්, තනි කාණ්ඩයේ (individual category) සම්මාන දෙකක් (2), ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයට කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් ලබාදෙන සුවිශේෂී   සම්මාන (lifetime awards) දෙකක් (2) ජීවිතයේ එක් වරක් පමණක් ලබාදෙන සුවිශේෂී අනුස්මරණ සම්මානයක් (lifetime memorial award) ඇතුළුව සම්මාන 174 ක් මේ වසරේදී ප්‍රදානය කරන ලදී. 

ආයතනික කාණ්ඩ අංශ සම්මාන 06, Best Digital Enabled Product / Service, Best Digital Integrated Campaign, Best Community Empowerment Programme, Best Digital Media Agency, Best Website or Microsite සහ Best Use of Mobile ලෙස පිරිනැමිණි.

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ස්වාධීන විනිසුරුවන් 22 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින්   විනිවිද භාවයකින් සහ දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව අයදුම්කරුවන් අතුරින් සම්මානයට පාත්‍රවූ පිරිස තෝරාගනු ගැණින. ජීවිත කාලය සඳහා (lifetime awards) සම්මාන දෙක හිමිවූයේ මහාචාර්ය ඉන්ද්‍රා දයාවංශ මිය සහ ටෝනි වීරසිංහ මහතා වෙතයි.

මහාචාර්ය ඉන්ද්‍රා දයාවංශ මිය මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරියකි. එසේම ඇය වසර 10 කට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලයේ අංශාධිපතිනියක් ලෙසද සේවය කළාය. ඇය ශ්‍රී ලංකා විදුලි ඉංජිනේරු ආයතනයේ පළමු කාන්තා සභාපතිනියද වේ.

ටෝනි වීරසිංහ මහතා, සුළු ආයෝජකියින්ට එක්සත් ජනපද කොටස් සුරැකුම්පත් සඳහා වෙළඳ විසඳුම් ලබා දෙන පළමු විකල්ප වෙළඳ පද්ධතිය (ATS) Ustocktrade LLC හි නිර්මාතෘවරයා මෙන්ම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ. ඔහු Millennium IT සහ E-Channeling  හි නිර්මාතෘ සහ The Chain Foundation හි සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා ද වේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාට lifetime memorial award සම්මානය හිමිවිය. ඔහු ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනයේ උපදේශකවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය සඳහා කරන ලද අගනා සේවය වෙනුවෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය.ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය හා බැලිස්ටික් පිළිබඳ විශේෂඥයෙකු වූ ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.

වසරේ සමාජ මාධ්‍ය පෞරුෂත්වය” (“Social Media Personality of The Year’) සඳහා වන සම්මානය Chanux Bro ට හිමි වූ අතර සම්මාන උළෙලේ හොඳම මෘදුකාංග / යෙදුම් සංවර්ධනය” (“Best Software/Application Development” ) සඳහා වන සම්මානය ශොහාන් කුලසූරිය දිනා ගත්තේය.

ඩිජිටල් විශිෂ්ටත්වය 2018/2019 සඳහා වන SLT Zero One සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

Best Digital-Enabled Product/Service category; - BooleanLab Private Limited(EagleEye), Best Digital-Integrated Campaign category; Spa Ceylon Luxury Ayurveda, Best Community Empowerment Programme category - STEMUP Educational Foundation (CoderDojo Sri Lanka),  Best Digital Media Agency category – eMarketingEye, Best Website or Microsite category -  HNB Finance (www.hnbfinance.lk) සහ Best Use of Mobile category -  Sri Lankan Airlines වෙත

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පත්වීම සඳහා විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින සමයකදී, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස හා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සම්මාන පිරිනමමින් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එමෙන්ම පසුගිය වසර 160 කට වැඩි කාලයක් තුළ අඛණ්ඩව රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගමනට නායකත්වය දීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෙරමුණ ගනු ලැබීය. මෙම සම්මාන වැඩසටහන එම දැක්ම මත සමාගම විසින් ආරම්භ කරන ලද තවත් මුලපිරීමක් වන අතර එය මෙරට ආරම්භ කළ ප්‍රථම ඩිජිටල් සම්මාන ප්‍රධානය වේ.

රටක ආර්ථිකය හා ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා තාක්‍ෂණයට කළ හැකි ප්‍රධාන භූමිකාව සෑම විටකම වෙනස් වෙමින් පවතී. එහෙයින් ඩිජිටල් සේවා තුළ අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කිරීමටත්අනාගතය ඩිජිටල් වන බැවින් රට තුළ ඩිජිටල් පරිවර්තනයට දායක වීමට සමාගම සෑම විටකම ආයතන මෙන්ම පුද්ගලයින් දිරිමත් කරනු ලබයි.

සම්මාන උළෙලේ සාර්ථකත්වය සම්බන්ධයෙන් SLT සියලුම ජයග්‍රාහකයින්ට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමයි.