anchor add
anchor add

The Outlet Store විලාසිතා සතිය සමරයි

August, 1, 2017

අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් මෙරට ජනතාවට හිමිකර දීමේ අරමුණ පෙරදැරිව ස්ථාපනය කරන ලද The Outlet Store විලාසිතාගාරය ජුලි මස 24-ජුලි මස 30 වනදා දක්වා පැවති විලාසිතා සතිය තුළ සමස්ත බිල්පත් වටිනාකමින් 25%ක් දක්වා වට්ටම් ලබා දීමට කටයුතු කළේය.

'අඩු වියදමට ස්මාර්ට් වෙන්න' තේමාවට අනුව යන The Outlet Store, වර්ග අඩි 15,000 ක භූමි ප්‍රමාණය පුරා දැරිය හැකි මිලකට මිලදී ගත හැකි දෙස්-විදෙස් සන්නාම රැසක් මෙරට ජනතාව වෙනුවෙන් අලෙවිය සඳහා තබා ඇත. කාන්තා, පිරිමි සහ ළමා විලාසිතා ක්ෂේත්‍රයේ නවත ම ප්‍රවණතා රැසක් මෙන්ම, තෑගි භාණ්ඩ, උපාංග, සුවඳ විලවුන්, රූපලාවන්‍ය නිෂ්පාදන, අත් ඔරලෝසු, සෙල්ලම් භාණ්ඩ, පාවහන් සහ ආභරණ ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන පෙළක් මෙහිදී මිලදී එකම වහලක් යටතේ මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමි වේ.

විලාසිතා ලොව නවත ම ප්‍රවණතා ජාත්‍යන්තර සාප්පු පරිසරයක් තුළ තමන් සතු කර ගැනීමේ පාරිභෝගික සිහිනය The Outlet Store සැබෑ කර ඇත. එකවර වාහන 30ක් පමණ නවතා තැබිය හැකි රථ ගාල ද, නුදුරේදී ම විවෘත වීමට නියමිත ආපන ශාලාව ද නිසා අනෙකුත් විලාසිතාගාර අතර The Outlet Store සුවිශේෂී වෙයි.

"බම්බලපිටියේ විලාසිතාගාරය ආරම්භ කර අදවන විට ගත වී ඇත්තේ සති කිහිපයක් පමණක් වුවත් සියලු විලාසිතා අංශවල අප සුවිශේෂී සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත්ව සිටිනවා. සතියක් පුරා තමන්ට කැමැති දෙයක් මිලදී ගනිමින් සමස්ත බිල්පත් වටිනාකමින් 25%ක් දක්වා වට්ටම් ලබා දීමට අප මෙම විලාසිතා සතිය ප්‍රකාශයට පත් කළා" යනුවෙන් The Outlet Store Clothing හි කළමනාකාර අධ්‍යක්ෂ ශාහන් මන්සූර් මහතා සඳහන් කළේය.

සමකාලීන විලාසිතා ප්‍රවණතා රැසක් කැටි කොටගත් The Outlet Store ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත වූ ජනතාවගේ ආදරය දිනා ගත් විලාසිතාගාරය බවට පත් වීමට අපේක්ෂා කරයි. නවත ම තොරතුරු සහ නිෂ්පාදන පිළිබඳ දැන ගැනීම සඳහා www.facebook.com/TheOutletStore.lk ඔස්සේ එහි ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.